මාධ්‍ය නිවේදනය/ 2008 අගෝස්තු 27

                                                                                                                                                                                                                                                                                                                     ශ්‍රී ලංකා වෘත්තීය පත්‍රකලාවේදීන්ගේ සංගමය (SLWJA)
මාධ්‍යසේවක වෘත්තීය සමිති සම්මේලනය (FMETU)
ශ්‍රී ලංකා මුස්ලිම් ජනමාධ්‍යවේදීන්ගේ සංසදය (SLMMF)
ශ්‍රී ලංකා දෙමළ ජනමාධ්‍යවේදීන්ගේ සන්ධානය (SLTMA)
නිදහස් මාධ්‍ය ව්‍යාපාරය (FMM)
  
 
මැතිවරණ නිරීක්ෂන ප්‍රකාශකට විශ්ව විද්‍යාලය දඩුවම් කරයි
 
නිදහස් හා සාධරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයේ මාධ්‍ය ප්‍රකාශකවරයා වශයෙන් කටයුතු කළ ආර්. කීර්ති තෙන්නකෝන් මහතා ඔහු ස්ථිර වශයෙන් සේවය කළ කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා පිඨයෙන්  වෙනත් ස්ථානයකට ස්ථාන මාරුවීම් ලබා දී ඇතැයි  කැෆේ සංවිධානයේ මහ ලේකම් සේනක වත්තේගෙදර මහතා විසින් අප සංවිධාන  වෙත දන්වා ඇත.  මැතිවරණය සම්බන්ධයෙන් අදහස් දැක්වීම පිළිබඳව මේ වන විට ඔහුට විරැද්ධව විනය පරීක්ෂණයක් ද ආරම්භ කර තිබේ.
 
පසුගියදා පැවති නැගෙනහිර,උතුරු මැද හා සබරගමු පළාත් සභා මැතිවරණය නිරීක්ෂණය කිරීමේ කටයුතු කිරීමේ දී කැෆේ සංවිධානය ප්‍රමුඛ කාර්යයක් ඉටුකළ අතර එහි මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස ද මාධ්‍ය ඒකකයේ ප්‍රධානියා ලෙස ද තෙන්නකොන් මහතා කටයුතු කළේය.  ඔහුගේ ස්ථිර සේවා ස්ථානය කැලණිය විශ්වවිද්‍යාලය යි.
 
කීර්ති තෙන්නකෝන් මහතා සිය සේවා ස්ථානයෙන් මාරු කිරීම ද ඔහුට විරැද්ධව විනය පරීක්ෂනයක් ඇරඹීම ද  අප සංවිධානය කල්පනා කරන්නේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ඇතුළු මූලික මානව හිමිකම්  කෙළෙසීමක් බව යි.  නිදහස් සහ සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් පෙනී සිටීම අප සංවිධාන සලකන්නේ මහජනයාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය වෙනුවෙන් පෙනි සිටීමක් ලෙස ය. ඡන්දය ප්‍රකාශ කිරිම මහජනයාගේ අදහස් ප්‍රකාශ කිරිමක් ලෙස ද සැළකිය යුතු බව ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරන ලද්දේ 1998 දී පළාත් සභා මැතිවරණ කල් දැමීම ට එරෙහිව  නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් ඉදිරිපත් කරන ලද පෙත්සමක් සළකා බැලිමෙනි.  එමෙන්ම මෙම පියවර මෙරට මහා ජනයා සතු සංවිධානය විමේ අයිතිය ද උල්ලංඝනය කිරිමකි.
 
විශ්වවිද්‍යාල ආයතන සංග්‍රහයේ  17වන පරිච්ඡේදනයේ 1.2.2 ඡේදයට අනුව විශ්වවිද්‍යාල සේවකයින්ට ’දේශපාලන මත ප්‍රකාශ කිරීම’ සඳහා නිදහස ඇත.  ’’ දේශපාලන ස්වභාවයක් දරන කරුණු පිළිබඳ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය (නිදර්ශන – පුවත්පත්වලට ලිපි සැපයීම, පත්‍රිකා නිකුත් කිරීම, එබඳු විෂයයක් සාකච්ඡා කෙරෙන රැස්වීම් ඇමතීම සහ ගුවන් විදුලියෙන් කථා පැවත්වීමට ආදිය) සිදු කිරීම විශ්වවිද්‍යාල සේවකයින් සතු දේශපාලන අයිතිවාසිකම් අතරට මුලික වේ.
 
මෙම කරුණු සැළකිල්ලට ගත් විට පෙනී යන්නේ රජිත් කීර්ති තෙන්නකෝන් මහතාට විරුද්ධව ගනු ලැබ ඇති පියවර දේශපාලන පළිගැනීමක් වශයෙන් සැළකීමට සිදුවන බව යි.  මෙම පළිගැනීම නතර කරන ලෙසත් මෙරට පුරවැසියකු වශයෙන් ඒ මහතාට ඇති අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට සහ සංවිධනයන ගත විමට ගරු කරන ලෙසත් අප සංවිධාන  කැළනිය විශ්ව විද්‍යාල බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.
 

සනත් බාලසූරිය – 077 3630000 උවිදු කුරුකුලසූරිය -0777289289 ධර්මසිරි ලංකාපේලි – 077364111එන්.එම් අමින් – 077362999  ආර්. භාරතී- 0773628888 
 ශ්‍රී ලංකා මාධ්‍ය මධ්‍යස්ථානය, අංක 1C, 1/1, 28 වැනි පටුමඟ, මල් පාර, කොළඹ 07.

පුවත්පත් නිවේදනය – 2008 අගෝස්තු 20, කොළඹ දී

ශ්‍රී ලංකා වෘත්තීය පත්‍රකලාවේදීන්ගේ සංගමය (SLWJA)
මාධ්‍යසේවක වෘත්තීය සමිති සම්මේලනය (FMETU)
ශ්‍රී ලංකා මුස්ලිම් ජනමාධ්‍යවේදීන්ගේ සංසදය (SLMMF)
ශ්‍රී ලංකා දෙමළ ජනමාධ්‍යවේදීන්ගේ සන්ධානය (SLTMA)
නිදහස් මාධ්‍ය ව්‍යාපාරය (FMM)

මාධ්‍යවේදී ජේ.එස්. තිස්සනායගම්ට එරෙහිව නඩු පැවරේ
 
ඉතා විශ්වාස කටයුතු මාධ්‍ය මූලාශ්‍රයක් මඟින් අප මාධ්‍ය සංවිධාන වෙත දැනගන්නට ලැබී ඇති අන්දමට 2008 මාර්තු 07 වැනි දා සිට මේ දක්වා ත්‍රස්ත විමර්ශණ අංශයේ අත්අඩංගුවේ රඳවා තබාගෙන සිටි මාධ්‍යවේදී ජේ.එස්. තිස්සනායගම් මහතාට එරෙහිව මහාධිකරණයෙහි නඩු පවරා තිබේ.
 
ඔහුට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනා පත්‍රය තවමත් අප වෙත ලැබී නැති නමුත් අපගේ තොරතුරු මූලාශ්‍රවලට අනුව තිස්සනායගම් මහතාට එරෙහිව නඩු පවරනු ලැබ ඇත්තේ පහත දැක්වෙන චෝදනා යටතේය.
 
1. 2006 ජුනි 01 වැනිදා සිට 2007 ජුනි 01 වැනි දක්වා වූ කාලය තුළ “නෝර්ත් ඊස්ටර්න් මන්ත්ලි” නම් වූ සඟරාව මුද්‍රණය කිරීම, ප්‍රකාශයට පත් කිරීම සහ බෙදාහැරීම හේතුවෙන් ත්‍රස්තවාදී කටයුතු වැළැක්වීමේ පනතෙහි (ඡඕ) සඳහන් නීති විරෝධී ක්‍රියාවන් සිදු කිරීම, 2. නෝර්ත් ඊස්ටර්න් මන්ත්ලි සඟරාවේ පළකරනු ලැබු ලිපි මඟින් රජය අප කීර්තියට පත් කිරීම සම්බන්ධයෙන් යට කී පනතෙහි දක්වා ඇති නීති විරෝධී ක්‍රියාවන් සිදුකිරීම සහ 3. එම සඟරාව සඳහා අරමුදල් එක්රැස් කිරීම ඔස්සේ ත්‍රස්තවාදී සංවිධානවලට උපකාර කිරීම සහ අනුබල දීමෙන් 2006 දෙසැම්බර් මාසයේදී ප්‍රකාශයට පත්කරන ලද අංක 1475/5 නම් වූ අතිවිශේෂ ගැසට් නිවේදනයෙහි සඳහන් හදිසි නීති රෙගුලාසි උල්ලංඝනය කිරීම යන චෝදනා ඒවාය.
 
තිස්සනායගම් මහතාට එරෙහි චෝදනා ගොනු කිරීමේ බලය ඇති එකම බලධාරියා නීතිපතිවරයා බව පැහැදිලිව පෙනෙන්නට තිබියදී ත්‍රස්ත විමර්ශණ අංශය විසින් පරීක්‍ෂණ පැවැත්වීම සඳහා යැයි කියමින් තිස්සනායගම් මහතා මාස 5ක කාලයක් රඳවා තබාගෙන සිටීම සහ ඒ සඳහා අධිකරණය විසින් අදාළ බලධාරීන් වෙත සැලකිය යුතු මට්ටමේ නිදහස් කාල අවකාශයක් ලබා දෙනු ලැබීම පිළිබඳවත් මාධ්‍ය සංවිධාන එකමුතුව තම කණස්සල්ල පළකරයි. ඒ මඟින් පෙනී යන්නේ බලධාරීන් නෛතික විධිවිධාන භාවිතා කරමින් තිස්සනායගම් මහතා තවදුරටත් සිරකර තබා ගැනීම සඳහා අවශ්‍ය පසුබිම සැකසීමට දැනුවත්ව වෑයම් දරමින් සිටින බවය. එය මර්දනකාරී පියවරක් මිස අන් කිසිවක් නොවේ. අවම වශයෙන් ඔහු වෙත නඟා ඇති රජය අපකීර්තියට පත්කිරීම පිළිබඳව වූ චෝදනාව අපරාධකාරී ක්‍රියාවක් ලෙස ශ්‍රී ලංකාවේ නීතියෙහි හඳුන්වා දී නොමැති බව මෙහි ලා සඳහන් කළ යුතුව තිබේ. ඒ අනුව ගත් කල වරදක් යැයි සලකනු නොලබන ක්‍රියාවක් සිදුකිරීම ගැන කෙනෙකු චුදිතයකු වන්නේ කෙසේදැයි යන්න තේරුම්ගත නොහැකි කරුණකි. මෙම කරුණු පොදු වශයෙන් මානව හිමිකම්වල ආරක්‍ෂාව සම්බන්ධයෙන් සහ විශේෂයෙන් ප්‍රකාශනයේ නිදහස, ස්වාධීනත්වය සහ මාධ්‍යයෙහි ගෞරවය පිළිබඳ ඉතා බරපතල ප්‍රශ්න රාශියක් මතු කරයි.
 
තිස්සනායගම් මහතාට චෝදනා එල්ල කිරීම සඳහා යොදාගෙන ඇති ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත බොහෝ දෙනා සලකනු ලබන්නේ බලය අයුතු ලෙස භාවිතා කිරීමට, වාර්ගික අසම සැලකීමට සහ නිදහස මර්දනය කිරීමට ඉඩ සලසන්නා වූත් මානව හිමිකම් ආරක්‍ෂා කිරීමේ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල නොවන්නා වූත් “භයංකර නීතියක්” ලෙසය. අප දන්නා පරිදි 1979 දී එම නීතිය භාවිතාවට ගෙන ඒමෙන් පසුව ඒ යටතේ මාධ්‍යවේදියකුගේ වෘත්තීය භාවිතාවට අදාළ කටයුතු සම්බන්ධයෙන් සෘජුවම චෝදනා එල්ල කෙරුණු ප්‍රථම අවස්ථාව මෙයයි.
 
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත විධිමත් අධිකරණමය ක්‍රියාමාර්ග පිළිබඳ ජාත්‍යන්තර මූලධර්ම වලට පටහැනි වන්නා සේම විධායකය වෙත ද අසීමිත බලයක් ප්‍රදානය කරන්නකි. ඒ මඟින් දඬුවම් පැමිණවීමේ බලතල දිරිගන්වමින් මාධ්‍ය ප්‍රකාශන වල අන්තර්ගත වන කරුණු පාලනය කිරීමට විධායකයට ඉඩ සලසයි. එය සෘජු ලෙසම ප්‍රකාශනයේ නිදහස සහ මාධ්‍ය නිදහස කප්පාදු කිරීමටද අවකාශ සලසන්නකි.
 
මෙම හදිසි නීති රෙගුලාසි ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සහ ජාත්‍යන්තර නීතිය මඟින් ලබා දී ඇති මූලික අයිතිවාසිකම් වලට පටහැනි බවට අප සංවිධාන සමූහයේ සාමාජික නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඇතුළු ජාතික සහ ජාත්‍යන්තර මානව හිමිකම් කණ්ඩායම් එම රෙගුලාසි පනවන ලද 2006 දෙසැම්බරයේ සිට නොකඩවා තර්ක කළහ. 2006 දෙසැම්බරයේදී මෙම රෙගුලාසි ක්‍රියාත්මක කිරීම ආරම්භ කරන ලද අවස්ථාවේදී ඔවුන් පෙන්වා දුන්නේ එම රෙගුලාසි කෙටුම්පත් කිරීමට යොදාගෙන ඇති පුළුල්, අපැහැදිලි හා නිශ්චිත අරුත් නොහඟවන භාෂා විලාසය හේතුවෙන් සිවිල් සමාජයේත් මාධ්‍යවලත් ප්‍රජාතන්ත්‍රවාදී නීත්‍යනුකූල ක්‍රියාවන් රාශියක් අපරාධමය ක්‍රියාවන් සේ හැඳින්වීමට ඉඩ ලැබෙනු ඇති බවය. ඒ අනුව ප්‍රකාශනයේ සහ විසම්මුතියේ නිදහස කප්පාදු කිරීමට ඉඩ ලැබෙනු ඇති බවද ඔවුන් පෙන්වා දී තිබේ.
 
මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඉතා පැහැදිලිව කියා සිටියේ “මුළුමනින්ම ගත් කල විශේෂයෙන් පවත්නා අභියෝගාත්මක ආරක්‍ෂක වාතාවරණය යටතේ එවැනි පුළුල් බලතල ප්‍රදානය කිරීමක් හේතුවෙන් සිදුවන බලය අයුතු ලෙස භාවිතා කිරීම මඟින් මුලික අයිතිවාසිකම් උල්ලංඝනය වීම වැළැක්විය නොහැකි” බවය. (2006 දෙසැම්බර් 07 දිනැති නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ නිවේදනය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් ඒ සම්බන්ධව නිකුත් කරන ලද කාලීන නිවේදන සහ නීති විශාරදයන්ගේ ජාත්‍යන්තර කොමිසම (ෂක්‍න්‍) විසින් නිකුත් කරන ලද නිවේදන බලන්න) කරුණු වශයෙන් මෙන්ම බෙහෙවින් දුර්වල පදනමක් මත පිහිටා සිටිමින්ද මෙලෙස තිස්සනායගම් මහතාට එරෙහිව නඩු පැවරීම සැලකිල්ලට ගත් කල අපට සැක මතුවන්නේ ඒකාධිපති වූත්, අසාධාරණවූත් මෙම නීතිය තහවුරු වීමට ඇති අවදානම පිළිබඳවය.
 
අප මාධ්‍ය සංවිධාන අවිවාදයෙන් දරන්නා වූ මතය වන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ 2006 දෙසැම්බර් හදිසි නීති රෙගුලාසි යන නීති මුලාශ්‍ර දෙක මඟින් ස්ථාපිත කර ඇති නීතිමය රාමුව, එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් අනුමත කරනු ලැබ ඇති නීත්‍යනුකූල ජාතික ආරක්‍ෂක අවධාරණයන් සහ ප්‍රකාශන නිදහස අතර වූ සමබරතාවය පාලනය කිරීමේ ජාත්‍යන්තර ප්‍රමිතීන් සඳහන් වන ජොහැන්ස්නස්බර්ග් මූලධර්මවලට පටහැනි බවයි. මෙම නීතිවල ඇතුළත් භාෂාව අවිනිශ්චිත සහ පුළුල්ය. එයට කරුණු අතර තර්කානුනකූල සබඳතාවක අවශ්‍යතාවයක් නැත. පාලක පියවරයන් සහ ඒ මඟින් වලක්වන්නට අපේක්‍ෂිත හානිය අතර සමානුපාතික බවක් නැත. සමානුපාතික නොවන දඬුවම් පැනවීම සහ අදාළ නීතිය ක්‍රියාත්මක කිරීමේදී පුළුල් ලෙස සිදුවන අසම ලෙස සැලකීම පිළිබඳව ඇගයීමට සහ අභියාචනය කිරීමට ඉඩකඩක් සපයා දී නැත.
 
තිස්සනායගම් මහතාට එරෙහිව මෙම නීති දෙක යටතේ චෝදනා ඉදිරිපත් කිරීම මඟින් පැහැදිලිව පෙන්වා දෙන්නේ එය ප්‍රකාශනයේ නිදහසට සහ මාධ්‍යයේ නිදහසට එරෙහිව එල්ල කරන ලද සෘජු ප්‍රහාරයක් බවය. තිස්සනායගම් මහතා උදාහරණයට තබා ගනිමින් සිදුකරනු ලබන මෙම ක්‍රියාවලිය මඟින් තවදුරටත් පැහැදිලි වන්නේ ප්‍රජාත්නත්‍රවාදී ජීවිතයක මූලික වටිනාකම් වූ විකල්ප මත සහ විසම්මුතියත්, විවෘත සංවාදය සහ අදහස් ප්‍රකාශ කිරීමත් යන කරුණුවලට ප්‍රහාර එල්ල කිරීමට දරනු ලබන උත්සාහයයි. එසේම එය තවදුරටත් අවධාරණය කරන්නේ ත්‍රස්ත විරෝධී නීති භාවිතා කරමින් මාධ්‍ය වෘත්තිකයන් අධිකරණය වෙත ගෙන එනු ලැබිය හැකි බවයි.
 
අප සියලුම ශ්‍රී ලාංකිකයන් වෙත අවධාරණය කරන්නේ තිස්සනායගම් මහතාට එරෙහිව නඩු පැවරීම ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයටත් මානව හිමිකම්වලටත් එරෙහි වූ තර්ජනයක් බවයි. එය එක් අතෙකින් අප විසින් නොසලකා හැර ඇති ආසන්න අනතුරකි. අප ජාත්‍යන්තර ප්‍රජාවට අවධාරණය කරන්නේ හදිසි නීති රෙගුලාසි අයථා පරිදි භාවිතා කිරීම පිළිබඳව දැක්විය යුතු අවධානය යොමුකරමින් ශ්‍රී ලංකාවේ බලධාරීන් වෙත අදාළ පරිදි මැදිහත් වන ලෙසයි. අප මාධ්‍ය සංවිධාන හුදෙක්ම අපේක්‍ෂා කරන්නේ අධිකරණය ශ්‍රී ලංකාවේ අධිකරණ ක්‍රියාවලිය කෙරෙහි අප විසින් රඳවා තබා ඇති විශ්වාසය තහවුරු කරමින් තිස්සනායගම් මහතා සම්බන්ධයෙන් කටයුතු කරනු ඇති බවත්, ඒ මඟින් ශ්‍රී ලාංකිකයන්ට හිමිවිය යුතු ප්‍රජාතන්ත්‍රවාදී හිමිකම් ආරක්‍ෂා කර දෙනු ඇති බවත්ය.

 
 
සනත් බාලසූරිය – 077 3630000 උවිදු කුරුකුලසූරිය -0777289289 ධර්මසිරි ලංකාපේලි – 077364111 එන්.එම් අමින් – 077362999  ආර්. භාරතී- 0773628888
ශ්‍රී ලංකා මාධ්‍ය මධ්‍යස්ථානය, අංක 1ක්‍ 1/1, 28 වැනි පටුමඟ, මල් පාර, කොළඹ 07.

මාධ්‍ය නිවේදනය – 2008/08/19.

                                                                                                                                                                                                                                                
ශ්‍රී ලංකා වෘත්තීය පත්‍රකලාවේදීන්ගේ සංගමය (SLWJA)
මාධ්‍යසේවක වෘත්තීය සමිති සම්මේලනය (FMETU)
ශ්‍රී ලංකා මුස්ලිම් ජනමාධ්‍යවේදීන්ගේ සංසදය (SLMMF)
ශ්‍රී ලංකා දෙමළ ජනමාධ්‍යවේදීන්ගේ සන්ධානය (SLTMA)
නිදහස් මාධ්‍ය ව්‍යාපාරය (FMM) 

ජනමාධ්‍යවේදිනියකට ටී එම් වී පී පක්ෂය තර්ජනය කරයි.
 
පොළෙන්නරුව බීබීසී සංදේශය වාර්තාකාරිනී තක්ෂිලා දිල්රුක්ෂි ජයසේන මහත්මියට ටී එම් වී පී පක්ෂයේ ආධාරකරුවකු විසින් තර්ජනය කරනලද බව අප සංවිධාන වෙත වාර්තා වී තිබේ. ඇය සදහන් කරන අන්දමට මෙම තර්ජනය සිදුකර ඇත්තේ පසුගිය 15 වැනි දින මනම්පිටිය නගරයේ පැවැති එජාප මැතිවරණ උද්ඝෝෂණයක් ආවරණය කර ආපසු පැමිණෙමින් සිටියදී ය.
 
මාධ්‍යවේදිනිය ගමන් ගත් ත්‍රීරෝද රිය පසුපසින් පැමිණි යතුරුපැදිකරුවකු, මඟ හරස් කර ත්‍රීරෝද රිය නවතා, තමා හදුනන්නේදැයි අසා තිබේ.  ටී එම් වී පී පළාත් සභා මැතිවරණ අපේක්ෂක මංගලම් මාස්ටර් විසින් පුවත්පත් සාකච්ඡාවක් පවත්වන ලද අවස්ථාවට ඔහු ද සහභාගී වී සිටි බවට ජනමාධ්‍යවේදිනී තක්ෂිලා ජයසේන විසින් හඳුනාගනු ලැබ ඇත. ‛තමා පැමිණියේ කිසිවකු ඉතිරි කර යාමට නොවන බවත්, කට්ටියක් ම ගෙනගොස් බැස්සවූ බවත් මාධ්‍යවේදිනියට පවසා ඇති මෙම ටී එම් වී පී ආධාරකරුවා ‛තමා ආවේ කියන්නට නොව කරන්නට’ බව පවසා ආපසු ගොස් තිබේ.
 
මේ සම්බන්ධයෙන් ජනමාධ්‍යවේදිනී ත්ක්ෂිලා ජයසේන එදින ම පොලොන්නරුව පොලීසිය හමුවේ අංක 376/174 දරණ පැමිණිල්ල ද මතු ආරක්ෂාව පිණිස සටහන්කර තිබේ.
 
පළාත් සභා දේශපාලනයෙහි ද නිරත වෙමින් ප්‍රසිද්ධ දේශපාලනයට පැමිණ සිටින ආයුධ සන්නද්ධ කණ්ඩායමක් වන ටී එම් වී පීය විසින් ජනමාධ්‍යවේදිනියක වෙත කරන ලද මෙම තර්ජනය අප සංවිධාන සලකන්නේ භයානක තත්ත්වයක පෙරනිමිත්තක් ලෙස ය. මෙම තර්ජනය ගැන වහාම සොයා බලා  ජනමාධ්‍යවේදිනී තක්ෂිලා ජයසේන මහත්මිය ගේ ආරක්ෂාව සහතික කිරීමට පියවර ගන්නා ලෙස අප සංවිධාන පොලොන්නරුව පොලිස් ස්ථානාධිපතිවරයාට බල කර කියා සිටී.
 
එසේ ම ආයුධ සන්නද්ධ ව ප්‍රසිද්ධ දේශපාලයේ ද යෙදෙන මෙ වැනි කණ්ඩායම්වල මැර තර්ජනයන්ගෙන් මිදී, ප්‍රදේශයේ ජනමාධ්‍යවේදීන්ට සිය රාජකාරිය නිදහසේ කරගෙන යා හැකි පරිසරයක් වහා ම ඇති කිරීමට පියවර ගන්නා මෙන්, අප සංවිධාන සියලු බලධාරීන්ට ද නැවත වතාවක් අවධාරණයෙන් කියා සිටී.
 

සනත් බාලසූරිය 077 363 0000 – උවිඳු කුරුකුලසූරිය 0777 289289
ධර්මසිරි ලංකාපේලි 077 364 1111 – එන්.එම් අමින් 077 3629999 -  ආර්. භාරතී 077 3628888
ශ්‍රී ලංකා මාධ්‍ය මධ්‍යස්ථානය, අංක 1C 1/1, 28 වැනි පටුමඟ, මල් පාර, කොළඹ 07.
 
 
 
 
 

 
 
                                                                                                                                                                                                                                                                                                                                                                                                                      

Sri Lankan State media used to promote hate and harm against independent media

 

 

30th August 2008, Colombo, Sri Lanka: The Free Media Movement (FMM) is outraged to note and expresses its serious concern over completely unverified and unsubstantiated pro-LTTE allegations by State controlled against independent media and journalists in Sri Lanka. This has been a recurrent occurrence in State media used as a tool by the Government to name and shame journalists who report inconvenient truths as those who are partial to or in the pay of the LTTE.  

In the latest attempt to vilify independent journalists, the State controlled Sinhala language daily Dinamina carried a front-page headline story on 28th August alleging that high level investigations were underway on a group of journalists who supported LTTE though the Hiru newspaper. (Hiru puwathpathin koti pimboo madaya kandayamak gena ihala pele parikshana). The news story with the byline of Wijayani Edirisinghe used anonymous “sources” to speculate that the group of journalists who run the Hiru newspaper might have colluded with the LTTE intelligence section. Further, the news report claims the LTTE had given 6 million Sri Lankan rupees (approximately US$ 55,684) to the newspaper. 

Hiru is a Sinhala language weekly with an editorial line supportive of a political solution to ethnic issue in Sri Lanka based on the right to self determination. It ceased to exist in early 2005.

These unproved, unverified allegations were given a wide publicity by State controlled electronic media on the same day, putting the lives of the journalists associated with the story at grave risk.

On 26th June 2008, Dinamina carried a lead story with, also by Wijayani Edirisinghe, that “police intelligence has received information on a group of members connected to the LTTE sent to Norway through Denmark as journalists by the Sri Lanka Press Institute.  This foreign tour has taken place in 2007.” In a press release issued on the same day, the Sri Lankan Press Institute (SLPI) said in response that it strongly refuted this story and that it was baseless, misleading and factually incorrect.

The day before Tamil female journalist Parameshwari was released without any charges filed against her after months of detention by the infamous Terrorist Investigation Department (TID), Dinamina carried a news item, again by Wijayani Edirisinghe, stating that Parameshwari will be charged for aiding and abetting terrorism.

There are a number of other disturbing examples where journalists and media institutions were labeled as pro-LTTE by State media without a single shred of evidence and any credible sources or facts.

Given the incarceration and charges leveled at journalis J.S. Tissainayagam under the draconian Prevention of Terrorism Act (PTA) it is clear the government of Mahinda Rajapakse is targeting independent journalists and media with a vengeance. The systematic and repeated inflammatory allegations leveled by Dinamina against independent media are a case in point.

The FMM stands by the right of Hiru and its journalists to voice their opinion. The Freedom of Expression and the Freedom of Thought are not those that can be governed by the arbitrary diktat of the Executive or at the whim and fancy of a government under his control.  They are, fundamentally, the pillars of democracy.

Unscrupulous and sordid journalism on the lines of the Dinamina creates a fear psychosis that stifles free expression and encourages self-censorship. A government that never fails to claim that media is free in Sri Lanka is tellingly completely silent when media it fully controls viciously attacks independent media.

This must stop.

Follow

Get every new post delivered to your Inbox.