FMM challenges ANCL, Editor Dinamina

Media Release

 

FMM challenges ANCL, Editor Dinamina

 

The Free Media Movement (FMM) unequivocally rejects the allegations and insinuations made in the Dinamina headline story on Friday (03 February) as blatant lies, unfounded, unsupported and unsubstantiated. We further believe, the report was published with the malicious intent of undermining independent media, which is fighting for democracy and freedom of expression, and those who stand for it.

 

The fabricated article refers to a conspiracy between the Tamil National Alliance (TNA) and the FMM and claims a delegation of TNA MPs and six members of the FMM have left for Geneva to mobilise agitations against the government and cause embarrassment for Sri Lanka during next month’s sessions of the United National Human Rights Commission.

 

We categorically states that neither the Movement nor the individual members have, in the recent or distant past, had any discussion with the TNA on any matter and rejects with absolute contempt, the allegation that six of its members have left for Geneva. These allegations are pure fabrications concocted in the mind of a sick person.

We challenge the Associated Newspapers of Ceylon Limited and the Editor to Dinamina to prove these absurd allegations, and declare with conviction that we will dissolve the Movement and refrain from all associated activities, should the allegations be proven true.

 

However, notwithstanding our challenge to prove the allegations against us, we wish to state with utmost sincerity that the FFM will not hesitate to join forces with any political party or movement functioning within the democratic parameters, to fight for media freedom. It has been so, and it will remain so. If a need arises for us to appear before any international organization of which Sri Lanka is a member, we will certainly do our duty and represent matters honestly and truthfully.

 

A government controlled media organization such as Lake House, through one of its flagship publications like Dinamina, making unfounded and sinister allegations against a well-meaning and honest organization committed to media freedom is, without a doubt inspired and sponsored by the government. It reminds one of the attacks on the media personnel in the past when falsehood were planted in their publications prior to such attacks.

 

We reiterate our earlier challenge to prove these unfounded allegations. In failing to do so we demand an apology to us, published in the Dinamina, as prominently as the original fabrication.

 

 

 

Sunil Jayasekara                                                                Hana Ibrahim

Convener,                                                                                     Secretary

Free Media Movement[FMM]                                                 Free Media Movement[FMM]

 

07 February 2012

ලේක්හවුස් පාලනාධිකාරියට සහ දිනමිණ කතුවරයාට අභියෝගයක්

[මාධ්‍ය නිවේදනයයි]

ලේක්හවුස් පාලනාධිකාරියට සහ දිනමිණ කතුවරයාට අභියෝගයක්

2012 පෙබරවාරි මස 03 වන දා (සිකුරාදා) නිකුත් වූ දිනමිණ පුවත් පතේ ප්‍රධාන පුවත මගින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පිළිබඳව නගා ඇති චෝදනා සපුරා ප්‍රතික්ෂේප කරමු. මේ ආකාරයේ කිසිදු පදනමක් නොමැති සම්පූර්ණයෙන්ම අසත්‍ය පුවත් සමාජගත කිරීම හරහා ආණ්ඩුව උත්සාහ දරන්නේ මෙරටේ මාධ්‍ය නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා පෙනී සිටින මාධ්‍ය සංවිධාන හා එහි ක්‍රියාකාරීකයන් විනාශ කිරීම සඳහා පසුබිම සකස් කිරීමක් බව සමාජයේ අවධානය උදෙසා දන්වනු කැමැත්තෙමු.

අදාල පුවතට අනුව ’’නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ටී.එන්.ඒ. සංවිධානය සමග සිදුකරන ඒකාබද්ධ කුමන්ත්‍රණයක් පිළිබඳව සඳහන් කරයි. එමෙන්ම ලබන මස 27 වන දින ආරම්භ වීමට නියමිත ජීනිවා මානව හිමිකම් කොමිසම ඉදිරියේ ලංකාවත්, මෙරට ආණ්ඩුවත් අපහසුතාවයට ලක්කිරීම සඳහා නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ සාමාජිකයන් 6 දෙනෙක් ටී.එන්.ඒ. මන්ත්‍රීවරු පිරිසක් සමග මේ වනවිටත් ජිනිවා බලා පිටත්ව ගොස් ඇත’’.

දිනමිණ පුවත්පත දක්වන ආකාරයට නිදහස් මාධ්‍ය ව්‍යාපාරය කිසිදු කරුණක් අරභයා ටී.එන්.ඒ. සංවිධානය සමඟ කිසිදු සාකච්ඡාවක් හෝ වැඩපිළිවෙලක නිරතව නැත. එමෙන්ම නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කිසිදු සාමාජිකයෙක් ජීනිවා මානව හිමිකම් කවුන්සලයේ රැස්වීමට සහභාගී වීම සඳහා මේ දිනවල ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගොස් නොමැත.

ඒ අනුව දිනමිණ පුවත්පත තම ප්‍රධාන පුවතින් දක්වා ඇති පදනම් විරහිත බව හා බොරුවේ බරපතල බව තේරුම් ගත හැකි වන අතර හැකි නම් තම පුවතේ නිරවද්‍යභාවය තහවුරු කරන ලෙසට අප දිනමිණ කතුවරයාට සහ ලේක්හවුස් පාලනාධිකාරියට මෙයින් අභියෝග කරමු. දිනමිණ පුවත සත්‍යයක් බවට සාධක සහිතව ඔප්පු කිරීමට ඔවුන් සමත් වුවහොත් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය තම කටයුතු නවතා දමා සංවිධානය විසුරුවා හැරීමට කටයුතු කරන බවද දන්වනු කැමැත්තෙමු.

අදාල පුවතේ අසත්‍යභාවය පිළිබඳ අපගේ අභියෝගය එසේ වුවත් ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස උදෙසා කටයුතු කිරීමේ දී ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහය තුළ කටයුතු කරන ඕනෑම දේශපාලන පක්‍ෂයක් සමග හෝ බහුජන සංවිධානයක් සමග අත්වැල් බැඳ ගැනීමට නිදහස් මාධ්‍ය ව්‍යාපාරය අතීතයේ මෙන්ම වර්තමානයේදී ද මැලි නොවන අතර අවශ්‍ය වෙතොත් ජීනිවා මානව හිමිකම් කවුන්සලය ඇතුළුව ශ්‍රී ලංකාව සාමාජිකත්වය දරන ඕනෑම ජාත්‍යන්තර සංවිධානයක් ඉදිරියේ කරුණු දැක්වීමට ද කිසිසේත්ම පසුබට නොවන බවද වැඩිදුරටත් අවධාරණය කරනු කැමැත්තෙමු.

රජයේ පාලනය යටතේ පවතින ලේක්හවුස් වැනි ආයතනයක ප්‍රමුඛ ප්‍රකාශණයක් වන දිනමිණ වැනි පුවත්පතක ප්‍රධාන පුවත ලෙස මේ ආකාරයේ අසත්‍ය හා පදනම් විරහිත කරුණු ඇතුලත් ප්‍රවෘත්තියක් පළ වීම අහඹුවක් හෝ අත්වැරදීමක් ලෙස අපි නොසලකන්නෙමු. රජයේ එකඟත්වය හා උනන්දු කිරීමක් නොමැතිව එවැන්නක් විය හැකියැයි විශ්වාස නොකරන අප ඔවුන් මේ ආකාරයේ අසත්‍ය මත සමාජ ගත කිරීම හරහා උත්සාහ දරන්නේ මාධ්‍ය නිදහස උදෙසා පෙනී සිටින සංවිධාන හා එහි ප්‍රමුඛ සාමාජිකයන් විනාශ කිරීම සඳහා ජන මනස සකස් කිරීම වන අතර පසුගිය කාලය තුළ ඝාතන කරන ලද හා කෲර ප්‍රහාරයන් එල්ල කරන ලද ජනමාධ්‍යවේදීන් හා ජනමාධ්‍ය ආයතන ඉලක්ක කර ගනිමින් ද ආණ්ඩුව මේ ආකාරයේ පූර්ව ප්‍රචාරක උපක්‍රමයන් අනුගමනය කර ඇති බවද මෙහිදී සිහිපත් කරනු කැමැත්තෙමු.

එබැවින් අප නැවත නැවතත් ලේක්හවුස් පාලනාධිකාරියට හා දිනමිණ කර්තෘවරයාට අභියෝග කරන්නේ එම පුවතේ සත්‍යතාවය තහවුරු කිරීම සඳහා සාධක සහිතව කරුණු ඉදිරිපත් කරන ලෙසය. එසේ නොවන්නේ නම් නිදහස් මාධ්‍ය ව්‍යාපාරයෙන් සමාව අයදිමින් අදාල පුවත නිවැරදි කරන ලෙසය.

සුනිල් ජයසේකර
කැඳවුම්කරු,

හනා ඊබ්‍රහිම්
ලේකම්

(මේ එම පුවතයි)

Follow

Get every new post delivered to your Inbox.