‛ජනවාරිය – ජනවාරිය, මහින්දලගෙ – මහමාරිය’ | ‛කළු ජනවාරි’ විරෝධය ලිප්ටන් වටරවුමේ

IMG_0811

මාධ්‍ය මර්ධනයට එරෙහිවත්, අවනීතියට එරෙහිවත් ‛කළු ජනවාරි’ විරෝධය ඊයේ(29) ලිප්ටන් වටරවුමේදී විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත් වීය. දේශපාලන පක්ෂ නායකයින්, වෘත්තීය සමිති, ශිෂ්‍ය ව්‍යාපාර, නීතිඥ සංවිධාන මෙන්ම බහුජන සංවිධානවල සමාජිකයින් සහභාගී වූ මෙම විරෝධය ජනමාධ්‍ය සංවිධාන සංවිධාන කරනු ලැබූවේ, විශේෂයෙන් පසුගිය කාලය තුළ ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යට එරෙහිව එල්ල වූ මර්දනයට එරෙහිවත් විශේෂයෙන්ම ඝාතනයන්ට, ප්‍රහාරයන්ට හා අතුරුදහන් කිරීම් වලට ලක් වූ මාධ්‍යවේදීන් හා මාධ්‍ය සේවකයින්ට අදාළව නීතිය ක්‍රියාත්මක කර වගකිව යුත්තන්ට දඬුවම් ලබා දීමට ආණ්ඩුව ක්‍රියා නොකිරීම පිළිබදව විරෝධය පළ කිරීම සඳහා ය. එහිදී පසුගිය කාලය තුළදී ජනවාරි මාසය තුළ සිදු කළ ලසන්ත වික්‍රමතුංග ඝාතනය, සිරස මාධ්‍ය ආයතනයට එල්ල වූ ප්‍රහාරය මෙන්ම මාධ්‍යවේදී ප්‍රගීත් එක්ණැලිගොඩ අතුරුදහන් කිරීම වැනි බරපතල සිදුවීම් ද, ඝාතනය කළ මාධ්‍යවේදී සිවරාම්, නිමලරාජන්, සුගීධරන් මෙන්ම බරපතල ප්‍රහාරයන් ලක්වූ පෝද්දල, කූගනාදන් වැනි මාධ්‍යවේදීන්ට ද තවමත් යුක්තිය ඉෂඨ නොවීම සලකා අදාල විරෝධතාවය ‛කළු ජනවාරිය’ ලෙස නම් කිරීමට තීරණය කරනු ලැබූ බව විරෝධතාවය සංවිධානය කළ  මාධ්‍ය සංවිධාන එකතුව ප්‍රකාශ කළේ ය.කෙසේ නමුත් පසුගිය කාලය පුරාම විශේෂයෙන් ජනවාරි මස තුළදී පමණක් ජනමාධ්‍යට එල්ලකල ප්‍රහාරයන් අති විශාලය. එමෙන්ම බිහිසුනුය.  නමුත් ඒ කිසිදු සිදුවීමකට වගකිව යුත්තන් නීතිය ඉදිරියට පැමිණ වීමට පිළිගත හැකි පරීක්ෂණයක්වත් සිදු කිරීමට රාජපක්ෂ ආණ්ඩුව මෙන්ම ඊට පෙර පැවති කිසිදු ආණ්ඩුවක් සමත් වී නැත. එබැවින් කළු ජූලිය මෙන් කළු ජනවාරියද ලංකාවේ ප්‍රජාතන්ත්‍රවදාය මෙන්ම මානව හිමිකම්වල තරම මැනවින් කියාපාන මාසයන්ය. ලංකාවේ ආණ්ඩුකරණය පිළිබදව මෙන්ම ලංකාවේ ජනමාධ්‍ය නිදහසේ තරම මැනවින් කියාපාන මාසයන් ය. එබැවින් පාලකයන්ගේ ආශීර්වාදය මැද, පොලීසිය බලා සිටිය දී ම්ලේච්ඡ ලෙස මිනිසුන් මරා දැමූ ‛කළු ජූලිය’ මෙන් ‛කළු ජනවාරිය ද කළුම කළුය.

එම විරෝධතාවයේදී කියූ සටන් පාඨ කිහිපයක්

<strong>ජනවාරිය – ජනවාරිය
කලූම කලූයි – ජනවාරිය
ජනවාරිය – ජනවාරිය
මහින්දලගෙ – මහමාරිය

ජනවාරිය – ජනවාරිය
ලසන්ත මැරු – ජනවාරිය
ජනවාරිය – ජනවාරිය
ප‍්‍රගීත් නැති – ජනවාරිය
ජනවාරිය – ජනවාරිය
කලූම කලූයි – ජනවාරිය
ජනවාරිය – ජනවාරිය
මහින්දලගෙ – මහමාරිය

ලසන්තවත් – මරා දැමුවා
තාරකිවත් – මරා දැමුවා
එක්නැලිගොඩ – පැහැරගත්තා
ශිෂ්‍යයන්ගෙ – ඔලූ පැලූවා
යාපනේදී – හිරකෙරුවා

ගැහුවා ගැහුවා – ගල් ගැහුවා
බැරි අයටත් – වෙඩි තිබ්බා
ආණ්ඩුවට – කීකරු නැති
මාධ්‍යවල – කට වැහුවා
ගැහුව ගැහුවා – මඩ ගැහුවා
එහෙයියන්ව – පත් කෙරුවා

ඇත්ත හොයලා – ලියන එවුන්
තෝර තෝර – පලිගත්තා
ගහලා මරලා – බැරි තැනදී
කොන්ද කඩලා – යටකෙරුවා
කාර් දුන්නා – ණය දුන්නා
අල්ලස්වල – හිරකෙරුවා
නිහඩ නොවන – පෑන්වලට
අවලාදෙන් – බැට දුන්නා

මාධ්‍යයට – බය හින්දා
සීල් තියලා – කට වැහුවා
පිට කැපුවා – අත කැඩුවා
බැරි අයගේ – නම කැපුවා
මුද්‍රණාල – ගිනි තිබ්බා

වීඩියෝ(අනුග්‍රහය විකල්ප වෙබ් අඩවිය)

ඡායාරෑප(අනුග්‍රහය විකල්ප වෙබ් අඩවිය)

මෙම විරෝධතාවය ලිප්ටන් වටරවුමේ දී සිය විරෝධතාවයෙන් පසුව එතැන් සිට මහජන පුස්තකාලය දක්වා පෙළපාලියකින් පැම්ණ සම්මන්ත්‍රණයක් පැවත් වූ අතර මාධ්‍ය සංවිධාන නියෝජිතයින් මෙන්ම විවිධ සංවිධාන වල නියෝජිතයන් එම සම්මන්ත්‍රණය අමතනු ලැබීය.

උපුටා ගැනීම විකල්ප වෙබ් අඩවිය[www.vikalpa.org]

සිලොන් ටුඩේ පේපර්ස් ආයතනයේ කළමණාකාරීත්වය ගෙන ඇති තීරණය පිළිබඳව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ දැඩි අවධානය

                                                                                                                                                                                                                                                                                                                                                                                 2012 ජූනි 211
මාධ්‍ය නිවේදනයයි

සිලොන් ටුඩේ පුවත් පතේ ප්‍රධාන කර්තෘවරයා ලෙස හා කර්තෘ මණ්ඩල අධ්‍යක්‍ෂ ලෙස ද කටයුතු කළ ලලිත් අලහකෝන් මහතා සහ කාටූන් ශිල්පි වසන්ත සිරිවර්ධන මහතා සේවයෙන් ඉවත් කිරිමට සිලොන් ටුඩේ පේපර්ස් ආයතනයේ කළමණාකාරීත්වය ගෙන ඇති තීරණය පිළිබඳව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ දැඩි අවධානය යොමුවී ඇත.

අදාළ සිදුවීම පිළිබඳව ලලිත් අලහකෝන් මහතා අප වෙතද යොමු කර ඇති නිවේදනයට අනුව ඔහුගේ සේවය අවසන් කර ඇත්තේ වාචික දැනුම් දීමකින් පමණක් වන අතර මේ දක්වාම ඔහුට චෝදනා පත්‍රයක් හෝ සේවයෙන් ඉවත් කළ බවට ලිඛිතව කිසිඳු දැනුම් දීමක් කර ඇති බව නොපෙනේ. එමෙන්ම කාටුන් ශිල්පි වසන්ත සිරිවර්ධන මහතාගේ සේවය අවසන් කර ඇති ආකාරය ද යුක්ති සහගත කිරීමට ද සිලොන් නිවුස් පේපර්ස් ආයතනය කටයුතු කර නොමැත.

ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස වෙනුවෙන් පෙනී සිටින හා මාධ්‍ය කර්මාන්තයේ අභිවෘද්ධිය මෙන්ම එහි විවිධත්වය වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක් ලෙස ඒ පිළිබඳව අප තුළ ඇත්තේ දැඩි කනස්සල්ලකි.

ශ්‍රී ලංකාවේ මාධ්‍ය ආයතනයන් ආණ්ඩුවේ දැඩි ග්‍රහණයට නතු වෙමින් හා නිදහස් මාධ්‍ය ක්‍රියාකාරීත්වය දැඩි මර්ධනයකට ලක්ව ඇති මෙවන් මොහොතක මේ ආකාරයේ සිදුවීම් ඇතිවීම ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්‍රියාකාරීත්වයට කිසිසේත්ම යහපත් තත්ත්වයක් නොවේ. එබැවින් අප මේ මොහොතේ විශේෂයෙන්ම ශ්‍රී ලංකා පුවත්පත් ප්‍රකාශකයන්ගේ සංගමයෙන් හා කර්තෘ සංසදය ප්‍රමුඛ අනෙකුත් මාධ්‍ය සංවිධානයන්ගෙන් ද ඉල්ලා සිටින්නේ කර්තෘ මණ්ඩල නිදහස හා මාධ්‍ය හිමිකරුවන්ගේ අයිතීන් පිළිබඳව සිදු කරන සංවාදයක් තුළ සියළු පාර්ශවයන්ට එකඟවිය හැකි පොදු ප්‍රතිපත්තියකට පැමිණීමට කටයුතු කළ යුතුව ඇති බවය.

සුනිල් ජයසේකර                             ශ්‍යාමනී බොයිල්
ලේකම්                                             කැඳවුම්කරු
නිදහස් මාධ්‍ය ව්‍යාපාරය                    නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

2012.06.21

President claims 8 websites bring evil to the country

President Mahinda Rajapaksa has claimed that eight websites, run by one person, are bringing evil to the country.

He made the comment during a speech to expatriate Sri Lankans in Thailand during a meeting in Bangkok on May 29.

The president said the 30-year-old war has ended and all communities are now able to live in unity and peace.

The country is maintaining an 8.3 per cent economic growth, while there is a 22 pc increase in development in the north, an indication the amount of work done for the province, he said.

However, there is a society which is distorting our journey, charged the president.

He added that these eight websites, run by one person under one institution, is slinging mud and campaigning in order to paint a wrong picture about the country.
SLM

[ප්‍රකාශිත හේතුවක් නැත - පෙත්සම ඉවතට] වේබ් අඩවි වාරණයට අවසර

ශ්‍රී ලංකාව තුල හා ඉන් පිටත සිට ප්‍රවෘත්ති පළකරන වෙබ් අඩවිවලට ලංකාව තුලදී පිවිසීමට තිබූ හැකියාව අවහිරකරමින් ඒවාට පහසුවෙන් පිවසීමට තිබූ අවකාශය වලකාලමින් එම වෙබ් අවඩි සහමුලින්ම වාරණය කිරීමට විරැද්ධව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් ගොනු කරනු ලැබූ මූලික අයිතිවාසිකම් පෙත්සම කිසිදු හේතු දැක්වීමකින් තොරව ඊයේ ප්‍රතික්ෂේප කළේය. කෙසේ නමුත් මෙවැනි ප්‍රතික්ෂේප කිරීමකදී එයට හේතු දැක්විය යුතුවිය නමුත් මෙහිදී කිසිදු හේතු දැක්වීමක් සිදු නොකර මෙය ප්‍රතික්ෂේප කිරීම තුල කිසියම් පුද්ගලයෙක් හෝ ආයතනයක් අධිකරණයක් තුළ ගොනු කරන ලදි මූලික අයිතිවාසිකම් පිලිබදව පෙත්සම් මගින් යුක්තිය ඉෂ්ඪ කර ගැනීම පිළිබදව තත්ත්වය මනාව පිළිබිබු වේ.

විශේෂයෙන් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වෙනුවෙන් සුනිල් ජයසේකර සහ උදය කලුපතිරණ යන අය විසින් ගොනු කරන ලද්දේ පසුගිය වසරේදී වෙබ් අඩවි 5ක් විදුලි සංදේශන නියාමන කොමිසම විසින් ලංකාව තුල එයට පිවිසීම වාරණය කිරීම නිසා ජනතාවගේ තොරතුරැ දැනගැනීමේ මූලික අයිතිය එයින් උල්ලංඝනය වන බව පවසමින් ය. ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක, එන්. ගාමිණි අමරතුංග සහ ආර්.කේ. සුරේෂ්චන්ද්‍ර යන විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම් කරැවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජේ.සි. වැලිඅමුණ මහතා කියා සිටියේ වෙබ් අඩවි තහනම් කිරිමට මේ දක්වා නීතියෙන් ප්‍රතිපාදන නොමැති බවයි.

වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් කියා සිටියේ අදාළ වෙබ් අඩවි ප්‍රවෘත්ති හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ ලියාපදිංචි කර නොමැති බවයි.

කෙසේ නමුත් පශ්චාත් යුධ ශ්‍රී ලංකාව තුළ නව මාධ්‍ය භාවිත කරමින් නව සංවාදයක් ඇති වෙමින් තිබියදී මෙන්ම එය බොහෝ විට ප්‍රධාන ධාරාව අමාන්ත්‍රණය නොකරන ඉසව් මෙම මාධ්‍ය තුලින් ආමත්‍රණ්ත්‍රය කරමින් තිබියදී මෙවැනි වාරණයන් පැනවීම තුලින් ලංකාව තුළ තිබෙන මාධ්‍ය ඒකාධිපතිත්වය නැවත වරක් මනාවට පිළිබිබු වේ. ඒසේම මෙවැනි අවහිර කිරීම් හෝ අඩපණ කිරීම ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදය ගරැ කරන ශ්ෂ්ඪ සම්පන්න කිසිදු රටක් ක්‍රියාකර නොමැති අතර ඒ සදහා ඉතාමත් අසාර්ථක උත්සහයන් පවා ගෙන ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදය, මූලික අයිතිවාසිකම්, තොරතුරැ දැනගැනීමේ නිදහස සහ පුරවැසියන්ගේ නිදහස පිළිබදව කිසිදු තැකීමක් නොකරන චීනය, මියන්මාරය වැනි රටවල් අතලොස්සක් පමණි.

එබැවින් මෙයින් ලංකාව නැවතත් ප්‍රදර්ශණය කර ඇත්තේ අදහස් පළකිරීමේ හා තොරතුරැ දැනගැනීමට පුරවැසියා සතු අයිතිය පිළිගැනීමට සහ භාවිතයට ඔවුන් තුළ අති අකමැත්ත සහ ඒ තුළින් ජනමාධ්‍ය මර්ධනය කිරීමට ඔවුන් තුළ ඇති දැඩි අභිලාෂයයි.

උපුටා ගැනීම – http://vikalpa.org/?p=10534

 

වෙබ් අඩවි වාරණයට එරෙහි නඩුව, නැවතත් මැයි 19ට කල් යයි

වෙබ් අඩවි වාරණයට එරෙහිව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ගොණුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම අද(29) ශ්‍රේෂ්ඨාධිකරණයේදී කැඳවූ අවස්ථාවේ නැවතත් ලබන මැයි 19 දිනට යළි කල් තබන බව අධිකරණය දැණුම් දුන්නේ ය.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වෙනුවෙන් නිතීඥ ජේ. සී. වැලිඅමුණ මහතා ප්‍රමුඛ නීතීඥ මණ්ඩලයක් මෙම මූලික අයිතිවාසිකම් නඩුව වෙනුවෙන් පෙනී සිටී අතර මෙම නඩු විභාගය නිරීක්ෂණය භාෂණයේ හා තොරතුරු දැන ගැනීමේ අයිතිය වෙනුවෙන් පෙනී සිටින පුරවැසි කණ්ඩායම් ද අද එහි පැමිණ සිටියේ ය.

Eknelygoda’s wife latest victim of Sri Lankan intolerance

Sri Lankans are calling for a boycott of U.S. products after the U.S. sponsored the U.N. Human Rights Council resolution calling for an investigation into possible war crimes. (Reuters/Dinuka Liyanawatte)

Sri Lankans are calling for a boycott of U.S. products after the U.S. sponsored the U.N. Human Rights Council resolution calling for an investigation into possible war crimes. (Reuters/Dinuka Liyanawatte)

On Thursday and Friday, we wrote about the ugly government backlash to last week’s U.N. Human Rights Council resolution calling for an investigation into Sri Lanka’s alleged abuses of international humanitarian law during its war with Tamil separatists.

That campaign of intimidation continues: In the magistrate’s court where Sandhya Eknelygoda has been trying to gain any information about the whereabouts of her husband, Prageeth, who disappeared on January 24, 2010, she came under harsh questioning — observers at the court called it intentionally intimidating — from government lawyers about her presence at the UNHRC in Geneva. Before she returned home from Switzerland, her name had been denounced in the government-controlled media as one of the government’s critics — several of whom have been denounced as “traitors.”

Eknelygoda told colleagues in Colombo that Monday’s entire court session was about how she went to Geneva, who funded her trip, why she betrayed her country, and how much she was paid to do that. Her lawyer objected to the line of questioning, but was overruled, she said.

When she had returned home on Sunday from Geneva, she told reporters, “I only wanted to bring the disappearance of my husband to the notice of the international community. But, those who are allied with the government insulted me, saying I went there to betray the country,” she said. You can see a video report of her statement on YouTube.

Eknelygoda and her two teenage sons have been waging a quiet but steadfast campaign to pressure the government for information about their husband and father. CPJ and four other media support groups wrote to U.N. Secretary-General Ban Ki-moon in March 2011, asking for his intervention in the case. Ban referred the issue to the U.N. High Commissioner for Human Rights and UNESCO, where it has been allowed to languish, despite pleas from Eknelygoda and her supporters.

Nor has a January 2012 ruling by Sri Lanka’s Appeal Court that former Attorney General Mohan Peiris could be called in as a witness into the disappearance of Eknelygoda been acted on. In a November 2011 posting, “Sri Lanka’s savage smokescreen,” CPJ reported that Peiris told the Asian Human Rights Commission that Eknelygoda had taken refuge in a foreign country and that the campaign against his disappearance is a hoax, although he failed then and ever since to provide detailed information about where Eknelygoda had fled.

At the time, CPJ said that Peiris’s statements “do more than point up the government’s indifference to Eknelygoda’s fate and the mental anguish of his wife and two sons. Peiris’s statements highlight the disregard with which the government views international opinion.”

Given the response in the government-controlled media following last week’s Geneva vote, that indifference and disregard have moved on to outright hostility.

Alarming Increase in Hostile Rhetoric, Threats of Reprisals against Journalists in Sri Lanka

The International Federation of Journalists (IFJ) strongly deplores the alarming escalation in hostile rhetoric and the barely concealed threats of reprisals that have been made against some of the country’s leading journalists and human rights defenders by representatives of the Sri Lankan government and by state-owned media outlets.

This follows the adoption of a resolution by the U.N. Human Rights Council (UNHRC) on March 22, in which the Sri Lankan government was censured for rampant human rights violations during the last phases of the country’s long civil war and urged to initiate urgent measures of reconciliation to ensure a durable peace between the country’s main ethnic groups.

“We observe that state-owned media has in the days since the U.S. made known its intention to table a censure resolution against the Sri Lankan government, been rapidly ramping up the tone of its attacks on the country’s journalists and media freedom defenders,” said the IFJ Asia-Pacific Director Jacqueline Park

On January 26, Dinamina, the Sinhala-language daily from the state-owned Associated Newspapers (or Lake House) group, carried a story quoting senior minister, Keheliya Rambukwella, to the effect that exiled journalists who had taken up the campaign for human rights and reconciliation were “traitors” who were bringing the country into “disrepute”.

Later, the English-language daily from the Lake House group, the Daily News, reported that human rights defenders, including journalist and press freedom campaigner Sunanda Deshapriya, were betraying Sri Lanka and continuing to work with the terrorist rump of the defeated Tamil insurgent group, the Liberation Tigers of Tamil Eelam (LTTE).

In an editorial on March 16, Dinamina described human rights defenders as “degenerates” and denounced Deshapriya as a “mouthpiece of the LTTE”. It warned that in a country like Iran, “these kinds of bastards would be stoned to death”.

Dharmasiri Lankapeli, one of the veteran leaders of the Federation of Media Employees’ Trade Unions (FMETU) has also been targeted by the state-owned media. The attacks have become particularly harsh since the country’s main professional media associations and journalists’ unions joined hands for a “black January” observance this year, to protest against the continuing climate of impunity for attacks on the right to free speech.

The attacks have also extended to social scientists and political commentators such as P. Saravanamuttu, Nimalka Fernando and Sunila Abeysekara, and prominent figures of the church who have argued the cause of national reconciliation and accountability for human rights abuses since the end of the civil war.

The government-controlled ITN TV channel has been a platform for severe verbal assaults against journalists and human rights defenders. Between January 9 and 24, the channel carried no fewer than five programmes in its daily slot titled “Vimasuma” attacking journalists who had been present during the nineteenth regular session of the UNHRC, for having allegedly “betrayed” the country.

The IFJ learns that vivid and graphic photo-montages have been circulated by various political actors, which represent journalists and other prominent human rights defenders as terrorists and traitors, working at the behest of alien forces.

On March 23, Sri Lanka’s Minister for Public Relations, Mervyn Silva addressed a public demonstration against the UNHRC resolution, threatening to “break the limbs” of any of the exiled journalists if they dared set foot in the country again. Among the journalists mentioned was Poddala Jayantha, who suffered a brutal assault in Colombo city in June 2009 that left him with permanent disabilities, and has lived in exile since January 2010.

Silva has been known for several bruising encounters with the media in recent years and was in July 2009, credibly reported as publicly claiming credit for the murder of newspaper editor Lasantha Wickramatunge in January and the assault on Jayantha in June.

Though he later disavowed the statement attributed to him, Silva’s record as a baiter of journalists committed to human rights and free speech, has continued to cause deep unease.

“We fear that the hostile climate created by the stream of rhetoric from government spokespersons and state-owned media, could engender serious hazards to those who dare to speak up in Sri Lanka for peace and national reconciliation,” said Ms Park.

The dangers are clear and imminent and the U.N. High Commissioner for Human Rights, Navi Pillay, has issued a public warning against reprisals that target Sri Lanka’s journalists and human rights defenders.

“We call on the top political leadership in Sri Lanka to promptly distance itself from the manner of hostile rhetoric that has been seen and heard over the last three months,” said Ms Park.

“We urge that serious consideration be given to the recommendations of the Lessons Learnt and Reconciliation Commission which recently submitted a comprehensive report pointing the way forward for post-conflict Sri Lanka, after being invested with a wide-ranging mandate by the President of the country.”

For further information contact IFJ Asia-Pacific on +612 9333 0950

The IFJ represents more than 600,000 journalists in 134 countries

Find the IFJ on Twitter: @ifjasiapacific

Find the IFJ on Facebook: http://www.facebook.com/IFJAsiaPacific

By – http://asiapacific.ifj.org/en/articles/alarming-increase-in-hostile-rhetoric-threats-of-reprisals-against-journalists

 

Geneva UNHRC and Sri Lanka Government – Media Conference in Colombo

by – http://www.vikalpa.org

Geneva UNHRC and Sri Lanka Government – Media Conference[Sinhala Version]

 

By – http://www.vikalpa.org

Geneva UNHRC and Sri Lanka Government – Media Conference

මානව හිමිකම් ක්‍රියාධරයින්ට එල්ල කරන ප්‍රහාර උගත් පාඩම් කොමිසමේ නිර්දේශ නිෂේධ කිරීමකි.

 ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් තිදෙනෙකු ඉලක්ක කර ගනිමින් රාජ්‍ය මාධ්‍ය විසින් ගෙන යන වෛරී සහ උසිගන්වන සුළු ප්‍රහාරයන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් පවසා සිටියි.

එහි වැඩිදුරටත් සදහන් වන්නේ  ‘‘රාජ්‍ය මාධ්‍යන්ගේ වර්තමාන ඉලක්කය බවට පත්ව  ඇති සුනිලා අබේසේකර, ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු සහ නිමල්කා ප්‍රනාන්දු යන මෙම මානව හිමිකම් ක්‍රියාකාරිකයන් තිදෙනාම ශ්‍රී ලංකාව තුළ මෙන්ම ජාත්‍යන්තර තලයේ ද ස්වකීය ප්‍රජාව තුළ මහත් පිළිගැනීමකට හා අවධානයට පාත්‍රව සිටින, එමෙන්ම  ශ්‍රී ලංකාව තුළ ජනතා අයිතිවාසිකම් සුරක්ෂිත කර ගැනීම උදෙසා දැවැන්ත කාර්යභාරයක් සහ කැපවීමක් සිදු කර ඇති බව අවිවාදිතය. ඔවුන්ට එරෙහිව රජයේ ඍජු පාලනය යටතේ ක්‍රියාත්මක ජාතික රූපවාහිණිය, අයිටීඑන් නාලිකාව සහ ලේක්හවුස් ආයතනය යන සියල්ලම ඔවුන්ගේ ඡායාරූප ද යොදා ගනිමින් දරුණූ සහ අසත්‍ය ප්‍රචාරයන් ගෙන යමින් සිටී.  මෙම දුෂ්ඨ ප්‍රචාරයන්ගේ අරමුණ මෙකී මානව හිමිකම් ක්‍රියාකාරිකයන් එල්ටීටීඊ හිතවාදීන් ලෙස දක්වා ඔවුන්ගේ ජීවිත අනතුරකට හෙළීම බවට නිදහස් මාධ්‍ය ව්‍යාපාරය බිය පළ කරයි.‘‘

මේ එම මාධ්‍ය නිවේදනයයි

 

මාධ්‍ය නිවේදනය

 
මානව හිමිකම් ක්‍රියාධරයින්ට  එල්ල කරන ප්‍රහාර උගත් පාඩම් කොමිසමේ නිර්දේශ නිෂේධ කිරීමකි.
 
 
සුනිලා, සරවනමුත්තු සහ නිමල්කාගේ ආරක්ෂාව පිළිබදවයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් තිදෙනෙකු ඉලක්ක කර ගනිමින් රාජ්‍ය මාධ්‍ය විසින් ගෙන යන වෛරී සහ උසිගන්වන සුළු ප්‍රහාරයන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකියි.

මෙම ප්‍රහාරයන්ට හේතු වී ඇත්තේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඔවුන් සහභාගිවීමත් ශ්‍රී ලංකාවේ මානව හිමිකම්  පිළිබඳව සිය අදහස් දැක්වීමත්ය. විරුද්ධ මත දැරීමේ අයිතිය ශ්‍රී ලංකාවේ පුරවැසියනට ව්‍යවස්ථාවෙන්ම හිමි වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයෙහි මානව හිමිකම් යාන්ත්‍රණයන් සමඟ කටයුතු කිරීම අන්තර් ජාතික වශයෙන් පිළිගැනෙන හිමිකමකි.

මෙම අයිතීන් පාවිච්චි කරමින් වත්මන් ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවේ දේශපාලන නායකනායිකාවන්  ගණනාවක්ම  දශක දෙකකට පෙර එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු අන්තර් ජාතික වශයෙනුත්  රාජ්‍ය නොවන සංවිධාන සමඟ එක්ව දේශීය වශයෙනුත් මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටියහ. ඒ අනුව මෙම මානව හිමිකම් ක්‍රියාධරයින්  අතීතයේ දී මෙන්ම වර්තමානයේදී ද කැප වී ඇත්තේ එකම අරමුණක් උදෙසා බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ පිළිගැනීමයි.

අද සාකච්ජාවට බදුන් වී ඇති උගත් පාඩම් කොමිසමේ නිර්දේශ විසින් යළි තහවුරු කර ඇත්තේ ද ශ්‍රී ලංකික පුරවැසියන්ගේ භාෂනයේ, ප්‍රකාශනයේ, සමාගමයේ  අයිතීන් තරවුරු කිරීමෙන් තොරව සැබෑ ප්‍රගතියක් අත්කර ගත නොහැකි බවයි. රාජ්‍ය මාධ්‍ය විසින් දියත් කර ඇති බිය ජනක වෛර ප්‍රචාරක ව්‍යාපාරය ක්‍රියාවට නංවන බවට ආණ්ඩුව විසින් ශපථ කර ඇති උගත් පාඩම් කොමිසමේ නිර්දේශයන් එලිපිටම කෙළෙසීමක් බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ප්‍රකාශ කරයි.

රාජ්‍ය මාධ්‍යන්ගේ වර්තමාන ඉලක්කය බවට පත්ව  ඇති සුනිලා අබේසේකර, ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු සහ නිමල්කා ප්‍රනාන්දු යන මෙම මානව හිමිකම් ක්‍රියාකාරිකයන් තිදෙනාම ශ්‍රී ලංකාව තුළ මෙන්ම ජාත්‍යන්තර තලයේ ද ස්වකීය ප්‍රජාව තුළ මහත් පිළිගැනීමකට හා අවධානයට පාත්‍රව සිටින, එමෙන්ම  ශ්‍රී ලංකාව තුළ ජනතා අයිතිවාසිකම් සුරක්ෂිත කර ගැනීම උදෙසා දැවැන්ත කාර්යභාරයක් සහ කැපවීමක් සිදු කර ඇති බව අවිවාදිතය. ඔවුන්ට එරෙහිව රජයේ ඍජු පාලනය යටතේ ක්‍රියාත්මක ජාතික රූපවාහිණිය, අයිටීඑන් නාලිකාව සහ ලේක්හවුස් ආයතනය යන සියල්ලම ඔවුන්ගේ ඡායාරූප ද යොදා ගනිමින් දරුණූ සහ අසත්‍ය ප්‍රචාරයන් ගෙන යමින් සිටී.  මෙම දුෂ්ඨ ප්‍රචාරයන්ගේ අරමුණ මෙකී මානව හිමිකම් ක්‍රියාකාරිකයන් එල්ටීටීඊ හිතවාදීන් ලෙස දක්වා ඔවුන්ගේ ජීවිත අනතුරකට හෙළීම බවට නිදහස් මාධ්‍ය ව්‍යාපාරය බිය පළ කරයි.

මෙයට පෙර අවස්ථාවන්හිදී ද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට සහභාගිවීම මත නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ක්‍රියාධරයන් රාජ්‍ය මාධ්‍ය මිගින් දියත් කරන ලද මෙවැනිම අසත්‍ය සහ දරුණූ බිය ජනක ප්‍රහාරයන්ට ලක් වූ බවත් එම ප්‍රහාරයන් ද තවමත් පවත්නා බවත් මෙහිදී සඳහන් කරමු.

එැබැවින් අප බලවත් ඕනෑකමකින් යුතුව වගකිවයුතු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින්නේ ශ්‍රී ලාංකික මානව හිමිකම් ක්‍රියාධරයන්ගේ අයිතීන් පිළිගන්නා ලෙසත් ඔවුන්ගේ ජිවිත අනතුරට හෙළන ක්‍රියාමාර්ගයන්ගෙන් වළකින ලෙසත් ය.  විශේෂයෙන්ම රාජ්‍ය වෛර ව්‍යාපාරයන්හි ඉලක්කය බවට පත්ව සිටින සුනිලා අබේසේකර, ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු සහ නිමල්කා ප්‍රනාන්දු යන අයගේ ආරක්ෂාව තහවරු කිරීම රජයේ වගකීමක් ලෙස සළකන ලෙසත් ය.


සුනිල් ජයසේකර                               හනා ඉබ්‍රාහිම්
කැඳවුම්කරු                                       ලේකම්
නිදහස් මාධ්‍ය ව්‍යාපාරය                      නිදහස් මාධ්‍ය ව්‍යාපාරය
 
14 මාර්තු 2012

Follow

Get every new post delivered to your Inbox.