Sirasa TV Buttala correspondent assaulted by a politician (Sinhala language press release)

ශ්රී ලංකා වෘත්තීය පත්රකලාවේදීන්ගේ සංගමය (SLWJA)
මාධ්යසේවක වෘත්තීය සමිති සම්මේලනය (FMETU)
ශ්රී ලංකා මුස්ලිම් ජනමාධ්යවේදීන්ගේ සංසදය (SLMMF)
ශ්රී ලංකා දෙමළ ජනමාධ්යවේදීන්ගේ සන්ධානය (SLTJ)
නිදහස් මාධ්ය ව්යාපාරය (FMM)

පුවත්පත් නිවේදනය / 2008 ජනවාරි 19

සිරස මාධ්යවේදී යූ.එස්.ඒ බණ්ඩාරට පහරදීම හෙළා දකිමු.

පසුගිය 16දා සිවිල් ජනයාට එරෙහිව ඔක්කම්පිටිය ප්රදේශයෙහි  මගී බස් රථයකට එල්ල වූ ජනඝාතක    ප්රහාරය වාර්තා කරමින් සිටි ජනමාධ්යවේදී යූ.එස්.ඒ. බණ්ඩාරට ප්රාදේශීය දේශපාලනඥයකු විසින් කරන ලද පහර දීම අප සංවිධාන තරයේ හෙළා දකී. යූ.එස්.ඒ. බණ්ඩාර සිරස ?පවාහිනී බුත්තල  ප්රාදේශිය මාධ්යවේදියා වන අතර ඔහු  පසුගිය 18දා සවස 5.30ට පමණ මෙම ප්රහාරයට අදාළ ? ගත කිරීම්හි යෙදී සිටියදී මෙලෙස පහර දී ඇත්තේ ආණ්ඩු පක්ෂයේ දේශපාලනඥයකු වන සරත් වැලිහේන නම් අයකු විසිනි.

එම අවස්ථාවේදි එහි සිටි බුත්තල ග්රාමසේවක ලලිත් රාජපක්ෂ මහතා මෙම පහර දීම වළක්වනු වෙනුවට කර ඇත්තේ බුත්තල දිසාපති මම යි, උඹ කොහොමද මගෙන් අහන්නේ නැතිව මෙහේ වීඩියෝ කරන්නේ යනුවෙන් බැණ වැදිම ය.  මෙම පුද්ගලයින් දෙදෙනාම සිරස ?පවාහීනී ආයතනයට මෙන්ම ජනමාධ්යවේදී බණ්ඩාර මහතාටද එරෙහිව එම අවස්ථාවෙහි දී කුපිිතකාරී උසිගැන්වීමක යෙදුන බව අප ආරංචි මාර්ග ප්රකාශ කරයි.

මෙවැනි මහජන යහපතට අදාළ සිදුවීම් ස්වාධීනව වාර්තා කිරීමට ජනමාධ්යට ඇති අයිතිය තොරතුරු දැන ගැනීමට මහාජනයාට ඇති අයිතියම වේ. මෙම ජනඝාතක ප්රහාරයට පෙර නාදුනන සන්නද්ධ පිරිස් හැසිරෙනු ප්රදේශවාසින් විසින් පොලීසියට වාර්තාකර තිබියදීත් ප්රහාරය වැළැක්වීමට පියවර ගැනීමට බලධාරීන් අසමත් වීම වසං කිරීම  මෙම තර්ජන ගර්ජනයන්හි අරමුණ බව පෙනෙන්නට තිබේ.

මෙම පහරදීම සම්බන්ධයෙන් ජනමාධ්යවේදි බණ්ඩාර මහතා 19 වන දින බුත්තල පොලීසියෙහි ස්ථාන බාර නිලධාරී ජේ.ආර්. සිල්වා මහතාට පැමිණිළි කරන ලද අතර එහි අංකය 121 -181 වේ.  මෙම පහර දීම් සහ උසිගැන්වීමි මෙරට ව්යවස්තාව මෙන්ම අන්තර් ජාතික නීතිය මගින් සහතික කරනු ලබන තොරතුරු ලබා ගැනීමේ සහ බෙදා හැරීමේ මුලික අයිතිය උල්ලංඝනය කරයි. නීතිය අයිතිය ඇත්තේ පොලීසියට මිස දේශපාලනඥයින්ට නොවේ. ජනමාධ්යවේදින්ට පහරදීමට කිසිවකුට අයිතියක් නැත.

මෙම පහරදීම පිළිබදව නිසි පරීක්ෂනයක් සිදුකර මැරවර දේශපාලඥයාට එරෙහිව පියවර ගන්නා ලෙස අප සංවිධාන පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටී. තමන් පළාතේ දිසාපති යැයි හදුන්වා ගනිම්න් උසිගැන්වීම්හි යෙදුන ග්රාම නිලධාරී ලලිත් රාජක්ෂට එරෙහිව විනයානුකූළ පියවර ගැනීම ද රාජ්ය පරිපාලන අමාත්යාංශයේ වගකිම බව ද අප අවධාරණය කරමු.

මෙම නිලධාරීන් දෙදෙනා වෙත (ලලිත් රාජපක්ෂ,ග්රාම නිලධාරී, බුත්තල – සරත් වැලිහේන, කොමියුනිකේෂන් සෙන්ටර්. ඹක්කම්පිටිය පාර,  බුත්තල) ඔවුන්ගේ ක්රියාවන්හි ඇති ප්රජාතන්ත්රවිරොධි  ස්වභාවය පෙන්වා දී ලිපි සහ තැපැල්පත් යවන සේ අප සංවිධාන ප්රජාතන්ත්රවාදය ගරු කරන මෙරට පුරවැසියන්ගෙන් සහ සංවිධානයන්ගෙන් ඉල්ලා සිටී.

%d bloggers like this: