මාධ්‍ය නිවේදනය – 2008 සැප්තැම්බර් 17

ශ්‍රී ලංකා වෘත්තීය පත්‍රකලාවේදීන්ගේ සංගමය (SLWJA)
මාධ්‍යසේවක වෘත්තීය සමිති සම්මේලනය (FMETU)
ශ්‍රී ලංකා මුස්ලිම් ජනමාධ්‍යවේදීන්ගේ සංසදය (SLMMF)
ශ්‍රී ලංකා දෙමළ ජනමාධ්‍යවේදීන්ගේ සන්ධානය (SLTMA)
නිදහස් මාධ්‍ය ව්‍යාපාරය (FMM)

අම්පාර ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට කළ මැර තර්ජන හෙළා දකිමු

බී.බී.සී සංදේශයේ අම්පාර වාර්තාකරු වසන්ත චන්ද්‍රපාල සහ ස්වර්ණවාහිනී සේවයේ ප්‍රාදේශීය මාධ්‍යවේදී අචල උපේන්ද්‍ර යන මාධ්‍යවේදීන්ට සයින්දමරුදු නගරයේ දී මැර තර්ජනයක් එල්ල වූ බවට අම්පාර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරිවරයාට පැමිණිලි කර ඇත.

දෙමළ ජාතික සන්ධානයට එරෙහිව කල්මුණේ ප්‍රදේශයේ පැවැත්වූ හර්තාල් ව්‍යාපාරයක් වාර්තා කිරීම සඳහා අද (17) පෙරවරුවේ එහි ගොස් සිටිය දී මෙම තර්ජනය එල්ල වී ඇත. සයින්දමරුදු නගරයේ රූගතකිරීම් කරන ස්ථානයට පැමිණි පුද්ගලයකු මයෝන් මුස්තපා ඇමැතිවරයා ගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු ලෙස තමන් හඳුන්වා දෙමින් මෙම තර්ජනය සිදුකර ඇතැ යි අප සංවිධානවෙත වාර්තා වේ.
නගරයේ දර්ශන වීඩියෝගත කිරීමට අවස්ථාව ලබා දිය නොහැකි බව ප්‍රකාශ කරමින් තවත් පිරිසක් ද කැඳවාගනිමින් ඔවුන්ට පහර දීමට තැත් කළ බව ඔවුන් විසින් ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි ආනන්ද විජේසූරිය වෙත කළ පැමිණිල්ලේ සඳහන් වේ.

මෙම තර්ජනය කිරීම ගැන අප මාධ්‍ය සංවිධානවල දැඩි අවධානය යොමු වී තිබේ. එය ජනතාව සතු තොරතුරු දැනගැනීමේ අයිතියට එල්ල කළ ප්‍රහාරයකි. ප්‍රාදේශීය මාධ්‍යවේදීන් / මාධ්‍යවේදිනියන් හට මෙවැනි තර්ජන පසුගිය කාලය පුරා ම විවිධ පාර්ශවයන්ගෙන් එල්ල විණි. ඒ පිළිබඳව නිසි පරීක්‍ෂණයක් සිදු නොවූ බව ද අප මාධ්‍ය සංවිධාන අවධාරණය කර සිටී.

අප මාධ්‍ය සංවිධාන සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින්නේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් හට සිය මාධ්‍ය කටයුතු නිදහසේ කරගෙන යාමට ඇති අයිතියට ගරු කරන ලෙසයි. එමෙන් ම අප රජයෙන් ඉල්ලා සිටින්නේ සිදුවීම් පිළිබඳව නිසි පරීක්‍ෂණයක් සිදුකරන ලෙස ය.

සනත් බාලසූරිය – 077 3630000 උවිදු කුරුකුලසූරිය -0777289289 ධර්මසිරි ලංකාපේලි – 077364111එන්.එම් අමින් – 077362999  ආර්. භාරතී- 0773628888
ශ්‍රී ලංකා මාධ්‍ය මධ්‍යස්ථානය, අංක 1ක්‍ 1/1, 28 වැනි පටුමඟ, මල් පාර, කොළඹ 07.

%d bloggers like this: