රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හා රජ්‍ය මාධ්‍ය විසින් ගෙනයන අසත්‍ය ප්‍රචාර හෙළා දකිමු


මාධ්‍ය නිවේදනයයි

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හා රජ්‍ය මාධ්‍ය විසින් ගෙනයන අසත්‍ය ප්‍රචාර හෙළා දකිමු

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හා රජයට අයත් ජනමාධ්‍ය විසින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරයට එරෙහිව ගෙන යමින් සිටින අභූත සහ පදනම් විරහිත චෝදනා පිළිබඳව අප සංවිධානයේ අවධානය යොමු වී ඇති අතර ඒ පිළිබඳව අපගේ පිළිකුල හා බලවත් විරෝධය පළ කරන්නෙමු.

GSP බදු සහනය ශ්‍රී ලංකාවට ලබා නොදෙන ලෙස ඉල්ලමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හා එහි සාමාජිකයන් විසින් පෙත්සම් 600 – 700 අතර ප්‍රමාණයක් විදේශීය රටවලට හා ජාත්‍යන්තර සංවිධාන වෙත යොමු කර ඇතැයි යන්න එම අමූලික බොරුවය. එවැනි අදහසක් ප්‍රකාශ කරමින් රජයේ ප්‍රවෘත්ති අමාත්‍යාංශයේ වෙබ් අඩවියෙහි පුවතක් පළකර තිබු අතර එම අදහසම හුවා දක්වමින් දිනමිණ පුවත්පතද, ස්වාධීන රූපවාහිනීයේ විපරම වැඩසටහන ද අසත්‍ය ප්‍රචාරයක් ගෙන ගොස් ඇත. ඒ අනුව පෙනී යන්නේ රජය හිතාමතාම මනා සැලසුමකින් යුතුව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයට එරෙහිව වෛරී හැඟීමක් ජනතාව අතර ගොඩනැඟීමට දුෂ්ඨ ප්‍රයන්තයක නිරත වෙමින් සිටින බවකි.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය කිසිඳු දිනයක ශ්‍රී ලංකාවට ලැබෙන ඨගීගඡගූ හෝ වෙනත් සහනයක් ලබා නොදෙන ලෙසට හෝ නතර කරන ලෙසට කිසිඳු රටකින් හෝ කිසිඳු ජාත්‍යන්තර සංවිධානයකින් ඉල්ලා නැත. එහෙත් ඨගීගඡගූ සහනය අහිමි වීමක් තුළ ශ්‍රී ලංකාවේ ඇඟළුම් කර්මාන්තය ඇතුළු කර්මාන්ත රැසකට සිදුවිය හැකි අයහපත් බලපෑම හේතුවෙන් ඇතිවිය හැකි අවදානම පිළිබඳව ප්‍රසිද්ධියේම රජයට අනතුරු හඟවා ඇති බව නම් සත්‍යයකි. එමඟින් අප අවධාරණය කර සිටියේ රජය බැඳී සිටින ජාත්‍යන්තර ප්‍රඥප්තීන්ට හා දේශීය වශයෙන් ලබාදී ඇති පොරොන්දු අනුව යමින් මාධ්‍ය නිදහස හා ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ආරක්‍ෂා කිරීමට කටයුතු කිරීම තුළ අදාළ අවදානමෙන් මිදෙන ලෙසය.

මේ තත්ත්වය සපුරා විකෘති කරමින් රජය ගෙන යන අසත්‍ය හා ද්වේශ සහගත ප්‍රචාර වහාම නතර කරන ලෙස මෙයින් ඉල්ලා සිටින අතර රජය ප්‍රකාශ කරන ආකාරයේ ක්‍රියාවක් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් සිදුකර ඇත්නම් සාධක සහිතව ඔප්පු කරන ලෙස ආදාල අංශ වලට අභියෝගයක් ඉදිරිපත් කිරීමට ද කැමැත්තෙමු.

සුනිල් ජයසේකර                              හනා ඊබ්‍රහිම්
කැඳවුම්කරු                                     ලේකම්

2012.01.18

%d bloggers like this: