මාධ්‍යවේදී ප‍්‍රසාද් පූර්ණිමාල් මහතාට එල්ලකළ අමාණුෂික ප‍්‍රහාරය හෙළා දකිමු.

මාධ්‍ය නිවේදනය                                                                                                                                                                                                2012 සැප්තැම්බර් 29

මාධ්‍යවේදී ප‍්‍රසාද් පූර්ණිමාල් මහතාට එල්ලකළ අමාණුෂික ප‍්‍රහාරය හෙළා දකිමු.

පුත්තලම දිස්ත‍්‍රික් ප‍්‍රාදේශිය මාධ්‍යවේදී ප‍්‍රසාද් පූර්ණිමාල් මහතාට හලාවත රෝහලට අනුයුක්ත ආරක්ෂක නිළධාරීන් විසින් සිදු කර ඇති අමානුෂික පහරදීම නිදහස් මාධ්‍ය ව්‍යාපාරය දැඩි පිළිකුලෙන් යුතුව හෙළාදකින අතර මේ පිළිබ`දව පූර්ණ හා විධිමත් පරීක්ෂණයක් සිදුකර අදාල ආරක්ෂක නිළධාරීන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කරන ලෙස පොලීසියෙන් ඉල්ලා සිටින්නෙමු.

ප‍්‍රසාද් පුරිණිමාල් මහතාට මෙම පහරදීම සිදු කර ඇත්තේ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන නියෝමාල් පෙරේරා සහ හලාවත නගරාධිපතිවරයා රෝහල් භූමිය තුළ සිටය දී වීම විශේෂත්වයකි. මෙම ප‍්‍රහාරය එල්ල කර ඇති හලාවත රෝහලට අනුයුක්ත ආරක්ෂක නිළධාරීන් පූජා භූමි හා නාගරික සංවර්ධන අමාත්‍යංශයට අයත් යැයි පැවසෙන පිරිසක් වන අතර පසුගිය කාලය තුළ මෙම ආරක්ෂක නිළධාරින් ඉතාමත් අත්තනෝමතික බලයක් තමන් වෙත අරෝපණය කර ගනිමින් ප‍්‍රාදේශීය ජනමාධ්‍යවේදීන්ට හිරිහැර හා බාධාවන් එල්ලකරමින් සිටින බවට ද චෝදනා පැවතින.

හලාවත පොලිස් ස්ථානයේ නිළධාරීන් පිරිසකගේ ප‍්‍රහාරයකට ලක්ව තුවාල ලබා රෝහලට ඇතුලත් කර ඇති ගම්වැසියන් පිරිසකගේ තොරතුරු ලබා ගැනීම ස`දහා ප‍්‍රසාද් පූර්ණිමාල් මහතා රෝහල ඉදිරිපිටට ගොස් සිටියදී නියෝජ්‍ය අමත්‍යවරයා රෝහල් භූමිය තුළ රුදී සිට ඇති අතර ඔහුගෙන් ලද කැ`දවීමක් අනුව පූර්ණිමාල් මහතා රෝහල තුළට ගමන් කරමින් සිටිය දී ආරක්ෂක නිළධාරීන් විසින් මෙම ප‍්‍රහාරය එල්ල කර ඇත. ප‍්‍රහාරයෙන් පසු පූර්ණිමාල් මහතා මාදම්පේ රෝහලට ඇතුලත්ව මේ වන විටත් නේවාසික ප‍්‍රතිකාර ගනිමින් සිටින අතර ප‍්‍රහාරය එල්ලවී සැහෙන කාලයක් ගතවන තුරුත් ප‍්‍රහාරයට වගකිවයුත්තන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය ක‍්‍රියාත්මක නොවීම හේතුවෙන් ඒ පිළිබදව සිදුකරමින් සිටින්නේ යැයි පැවසෙන පොලිස් පරීක්ෂණ පිළිබ`දව ද බරපතල සැකයක් ඇති වී තිබේ.

පසුගිය කාලය තුල දිවයිනේ බොහෝ ප‍්‍රදේශවල ප‍්‍රාදේශිය මාධ්‍යවේදීන් සිය රාජකාරී කටයුතු සිදුකිරීමට යාමේදී රජයේ විවිධ අංශවලට අයත් ආරක්ෂක අංශවලින් එල්ල වූ ප‍්‍රහාර හා බාධා කිරීම් රැුසක් සිදු වී ඇති පසුබිමක එවාට එරෙහිව ප‍්‍රමාණවත් හා පිළිගත හැකි ආකාරයේ පියවර නොගැනීම මෙවැනි අමානුෂික ප‍්‍රහාරයන්ට අනුබල ලබා දීමක් ලෙස සලකන අප සංවිධානය මේ මොහොතේ රජයෙන් සහ පොලීසියෙන් අවධාරණයෙන් යුතුව ඉල්ලා සිටින්නේ මේ පිළිබ`දව කඩිනම් අවධානය යොමුකර අවශ්‍ය පියවර ගන්නා ලෙසය. විශේෂයෙන්ම ප‍්‍රසාද් පූර්ණිමාල් මහතාගේ ජීවිත ආරක්ෂාව තහවරු කිරීමට කටයුතු කරමින් ශ‍්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ට තම වෘත්තීය කටයුතු නිදහසේ කරගෙන යාමට අවශ්‍ය පරිසරය තහවුරු කරන ලෙසය.

ශාමිනී බෝය්ල්        සුනිල් ජයසේකර
කැදවුම්කරු           ලේකම්

%d bloggers like this: