උදයන් ප‍්‍රහාරයට එරෙහිව මාධ්‍ය සංවිධාන විරෝධය

2013 අපේ‍්‍රල් 04
මාධ්‍ය නිවේදනය

උදයන් ප‍්‍රහාරයට එරෙහිව මාධ්‍ය සංවිධාන විරෝධය

දිගින් දිගටම මර්දනයේ ගොදුරක් බවට පත් වී ඇති උදයන් පුවත් පතේ, කිලිනොච්චි කාර්යාලයට එල්ල කළ තිරශ්චීන ප‍්‍රහාරය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින මාධ්‍ය සංවිධාන එකමුතුව හමුදා පාලනයක් යටතේ සිදු වන මෙවැනි කි‍්‍රයා සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම රජය විසින් දැරිය යුතු බව අවධාරණය කර සිටී. 2013 අපේ‍්‍රල් මස 3 වැනිදා පාන්දර 4. 30 ට පමණ උදයන් පුවත් පතේ කිලිනොච්චි කාර්යාලයට කඩා වැදුණු මුහුණු ආවරණය කර ගත් කණ්ඩායමක් එහි සිටි සේවකයින්ට පහර දී කාර්යාල උපකරණ හා වාහනවලට අලාභ හානි සිදු කර පළා ගොස් ඇත. උදෑසන යාපනයේ සිට රැුගෙන ආ පුවත් පත බෙදා හැරීමේ කටයුතුවල නියැලෙමින් සිටි සේවකයන් පස් දෙනෙකු පහර කෑමට ලක් වී ඇති අතර එයින් දෙදෙනෙකු බරපතල තුවාල සිදු වීම නිසා කිලිනොච්චි රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ. 57 හැවිරිදි ඒ. පොන්නතුරෙයි සහ 28 හැවිරිදි ප‍්‍රදීපන් එසේ රෝහල් ගත කළ සේවකයන් වේ. පරිඝණක, ඡුායා පිටපත් යන්ත‍්‍රය, පුවත් පත් බෙදා හැරීම සඳහා යොදා ගන්නා යතුරු පැදි, ඩිමෝ බට්ටා ලොරියක් ඇතුළු උපකරණ හා වාහන මෙන්ම පුවත් පත් කාර්යාලයේ දොර ජනෙල්වලටද ප‍්‍රහාරයෙන් හානි සිදු කොට ඇත.

ජනතාවට තොරතුරු සන්නිවේදනය වීම සෘජු ලෙසම වළක්වා ලීමේ අරමුණෙන් උතුරේ මාධ්‍ය මර්දනය දිගින් දිගටම සිදු වෙයි. වාර්තා කරණයේදී මාධ්‍යවේදීන්ට මුහුණ දීමට සිදු වන තර්ජනයනන්ට අමතරව මුද්‍රණය වූ පුවත්පත් ජනතාවගේ අතට ලැබීම වැළැක්වීමට සංවිධානාත්මක උත්සාහයන් කි‍්‍රයාත්මක වේ. උදයන් පුවත්පත මෙන්ම අනෙකුත් දෙමළ මාධ්‍ය පුවත්පත්ද උතුරු පළාතේ බෙදා හැරීම වළක්වා ලීමට නොයෙකුත් ප‍්‍රචණ්ඩ කි‍්‍රයා ගෙවුණු කාලය තුළ සිදු විය. පසු ගිය මාස තුනක කාලය තුළ පුවත් පත් බෙදා හැරීමේ කටයුතුවල යෙදුණු යතුරු පැදි හා එම පුවත්පත් තොග ගිනි තැබීම් කිහිපයක් සිදු විය.

මාධ්‍ය මර්දනය ඉලක්ක කර ගත් මෙවැනි දරුණු ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදු වන්නේ උතුරේ සිවිල් ජන ජීවිතය බියට පත් කරන දැඩි හමුදා පාලනයක් ස්ථාපිත කර තිබියදීය. තුවක්කු ගත් කණ්ඩායම් වෙනුවට පොලූ මුගුරු ගත් කණ්ඩායම් පැමිණියද අපරාධකරුවන්ට උතුරේ දැඩි හමුදා පාලනයෙන් කිසිදු බාධාවක් නොමැත. මෙතෙක් සිදු වූ කිසිදු ප‍්‍රහාරයක් සම්බන්ධයෙන් කිසිදු අපරාධකරුවකු අත්අඩංගුවට ගැනීමක් හෝ සිදු වී නැත. එහෙයින් මෙම තිරශ්චීන ප‍්‍රහාරයේ වගකීම දරමින්, ලෝක අපවාදයෙන් මිදෙන්නට හෝ මෙම අපරාධයට වගකිව යුතු පුද්ගලයන් සොයා නීතිය ඉටු කරන ලෙස මාධ්‍ය සංවිධාන එකතුව රජයට බල කර සිටී.
කැ`දවුම්කාර මණ්ඩලය වෙනුවෙන්,

සුනිල් ජයසේකර(ලේකම් FMM), ලසන්ත රුහුණගේ (ලේකම්,SLWJA)

%d bloggers like this: