එම්.ටී.වී./එම්.බී.සී. මාධ්‍ය ජාලයට සහ එහි මාධ්‍යවේදීන්ගේ ආරක්‍ෂාව තහවුරු කල යුතුය.

මාධ්‍ය නිවේදනයයි

එම්.ටී.වී./එම්.බී.සී. මාධ්‍ය ජාලයට සහ එහි මාධ්‍යවේදීන්ගේ ආරක්‍ෂාව තහවුරු කල යුතුය.

ශී‍්‍ර ලංකාවේ ප‍්‍රමුඛ පෙලේ විද්්‍යුත් මාධ්‍ය ජාලයක් වන කැපිටල් මහාරජා සංවිධානයට අයත් එම්.ටී.වී./එම්.බී.සී. මාධ්‍ය ජාලය සහ එහි සේවයේ නිරත මාධ්‍යවේදීන්ගේ ආරක්‍ෂාවට එල්ල වී ඇති තර්ජනය පිළිබඳව අප සංවිධාන එකතුවෙහි බලවත් අවධානය යොමු වී තිබේ. එබැවින් අප මේ මොහොතේ ප‍්‍රථමයෙන්ම ශී‍්‍ර ලංකා පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ අදාල ආයතනයට සහ එහි සේවයේ නිරත මාධ්‍යවේදීන්ගේ ආරක්‍ෂාව උදෙසා උපරිම අවධානය යොමු කරන ලෙස හා අවශ්‍ය පියවර ගන්නා ලෙසය.

එම්.ටී.වී. – එම්.බී.සී. මාධ්‍ය ආයතනයේ සේවයේ නිරත මාධ්‍යවේදීන් පසුපස හඹා එන කිසියම් පිරිසක් ඔවුන්ගේ ආරක්‍ෂාවට තර්ජනයක් වන ආකාරයට කටයුතු කරමින් සිටින බවට හා පන්නිපිටියේ සහ රත්මලානෙහි පිහිටි එම ආයතනයට අයත් මැදිරි සංකීර්ණයන්ට හානි සිදුකිරීම සඳහා සූදානමක් පවතින බවට බැහැර කල නොහැකි විශ්වාසනීය මාර්ග වලින් තොරතුරු ලැබී ඇතැයි පැවසෙන අතර මේ වන විටත් භැඅි ත්‍සරිඑ නාලිකාවේ ප‍්‍රධානියා විසින් ඒ පිළිබඳව කොම්පඤ්ඤවීදියේ පොලිසියට පැමිණිල්ලක් ද සිදුකර ඇත.

මෙය කිසිසේත්ම නොතකා හැර සිටිය හැකි තත්ත්වයක් නොවන අතර ඉතාමත්ම බියකරු තත්ත්වයක් ද වේ. මේ ආකාරයට මාධ්‍ය ආයතන වලට හා ඒවායේ මාධ්‍යවේදීන්ට තර්ජන එල්ල වීමෙන් පැහැදිලි වන්නේ ශී‍්‍ර ලංකාවේ මාධ්‍ය ප‍්‍රජාව මුහුණ දී සිටින බිහිසුණු වාතාවරණය තවදුරටත් වර්ධනය වන බවකි. විශේෂයෙන්ම එම්.ටී.වී. – එම්.බී.සී. ආයතනයට මෙයට පෙර 2009 ජනවාරි 5 වන දින දැවැන්ත ප‍්‍රහාරයකට මුහුණ දීමට සිදුවූයේ ද එවැනි තර්ජනයන් පිළිබඳව කල්තියා ලැබී තිබුණු තොරතුරු පිළිබඳව පොලීසිය දැනුවත් කර පැවැති පසුබිමකදී බව සිහිපත් කරන අතර එවැනි තත්ත්වයක් තුළ නැවත වතාවක් එවැනි සිදුවීමක් සිදුවුවහොත් එහි වගකීම ආරක්‍ෂක අංශ ප‍්‍රධානීන් විසින් සම්පූර්ණයෙන්ම භාරගත යුතු බවද මෙහිදී දැඩි ලෙස අවධාරනය කරනු කැමැත්තෙමු.

එබැවින් අප සංවිධාන එකතුව නැවත නැවතත් ශී‍්‍ර ලංකා පොලිස්පතිවරයා ඇතුළු ආරක්‍ෂක ප‍්‍රධානීන්ගෙන් ඉල්ලා සිටින්නේ එම්.ටී.වී./එම්.බී.සී. මාධ්‍ය ආයතනයෙහි හා එහි මාධ්‍යවේදීන්ගේ ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා උපරිම පියවර ගන්නා ලෙස හා මේ වනවිටත් පොලීසියට කර ඇති පැමිණිල්ල පිළිබඳව පූර්ණ පරීක්‍ෂණයක් සිදුකරන ලෙසය.

මෙයට,
මාධ්‍ය සංවිධාන එකමුතුව වෙනුවෙන්

සුනිල් ජයසේකර
ලේකම්
නිදහස් මාධ්‍ය ව්‍යාපාරය. 2013. 04. 17

%d bloggers like this: