ලෝක ජනමාධ්‍ය දිනය සැමරුම් දෙසුම සඳුදා

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සහ ශ්‍රී ලංකා පුවත්පත්ආයතනය එකාබද්ධව සංවිධානය කරන 2014 ලෝක ජනමාධ්‍ය දින සැමරුම් දෙසුම මාර්තු මස 05 වන දින සවස 4.30 කොළඹ 05 ෆ්යිප් පාරේ පිහිටි ජානකී හෝටලයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

“මාධ්‍යයේ දුර්දශාව සහ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය ” මැයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති උපුල් ජයසූරිය මහතා විසින් එහිදී ප්‍රධාන දෙසුමපැවත්වීමට ආරාධනා ලැබ ඇති අතර දකුණු ආසියා නිදහස් මාධ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා පාර්ශවයේ සභාපති ලක්ෂ්මන් ගුණසේකර මහතා මුලසුන දරන මෙම විශේෂ සභාවේදී ශ්‍රී ලංකා කර්තෘ සංසදය නියෝජනය කරමින් ද අයිලන්ඩ් ඉරිදා කර්තෘ මනික් ද සිල්වා සහ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ සභාපති කුමාර් නඩේසන් මහත්වරුන්ද එහිදී අදහස් දැක්වීමට නියමිතය.

PF Day Pach