Digital Campaign Skills training in Colombo

South Asia Solidarity Media Network’s (SAMSN) gender meeting was held in Colombo on 26th July 205. This was gathered under the scope of IFJ Asia-Pacific’s Norwegian Ministry of Foreign Affairs ‘South Asia Media Freedom and Solidarity Project’ and Union to Unions ‘Stronger Unions for Stronger Media’. Local partners of this meeting were South Asian Women in Media (SAWM) and Free MEdia Movement.

Participants of the Gender Meeting

Participants of the Gender Meeting

The recommendations of the study Inside the News – Challenges and aspirations of Women journalist in Asia and Pacific was discussed at this meetings and further on how to implement the recommendations in each country and also as a region.  See the full report here

Free Media Movement (FMM) hosted the meeting as well as the  two day SAMSN Digital Campaign Skills training and campaign development meeting , under the scope of IFJ Asia-Pacific’s UNDEF-supported program for 2014-2016, ‘South Asia Media Freedom for Democracy Project’.  This activity is also co-funded by the Norwegian Ministry of Foreign Affairs and Union to Union. The training was held on 27 & 28Th July 2015.

Presenting campaign ideas

Presenting campaign ideas

Selected members of IFJ affiliated media organisations from Afghanistan, Bhutan, Pakistan, India, Maldives, Nepal and Sri Lanka participated in this training. Training was designed to develop digital campaigns for south asia countries on media freedom.

Training

Participants of the training

 

Prior to this training a local training has also been conducted on digital campaign skills for local participants from across Sri Lanka at Sri Lanka Press Institute. This was also coordinated by FMM.

Advertisements

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ලේකම් සම්පත් සමරකොන් සහ කලාකරු ජයතිලක බණ්ඩාර ඇතුළු පිරිසට එල්ල වූ ප‍්‍රහාරය නීතියේ පාලනය බිඳවැටීමේ සංකේතයකි

මාධ්‍ය නිවේදනය

සිවිල් සංවිධාන කිහිපයක් එක්ව රට පුරා පවත්වන ‘වීදියේ විරෝධය’ ප‍්‍රසාංගික වැඩසටහන ඊයේ (21) හම්බන්තොට නගරයේදී පැවැත්වෙමින් තිබියදී, ජනාධිපතිවරයාගේ සුරතලකු වන කුප‍්‍රකට නගරාධිපති විරාජ් ප‍්‍රනාන්දු ඇතුළු මැර කල්ලියක් ඊට කඩා වැදී එල්ල කළ නින්දිත ප‍්‍රහාරය නිදහස් මාධ්‍ය ව්‍යාපාරය දැඩි කම්පාවෙන් හා පිළිකුලෙන් යුතුව හෙළා දකී.
ප‍්‍රවීණ කලාකරු ජයතිලක බණ්ඩාර, විකල්ප වෙබ් අඩවියේ සංස්කාරක හා නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ලේකම් සම්පත් සමරකෝන්, ඡුායාරූප ශිල්පී සජීව පලිහක්කාර, වීදියේ විරෝධයේ සංවිධායක පිලිප් දිසානායක, මානව හිමිකම් ක‍්‍රියාකාරිකයකු වන ප‍්‍රසංග ප‍්‍රනාන්දු ඇතුළු පිරිසක් මෙහිදී බරපතළ ප‍්‍රහාරයකට ලක්ව තුවාල ලැබූ අතර, නගරාධිපතිවරයා ඇතුළු මැර කල්ලිය පිස්තෝල, යකඩ පොලූ හා දැලිපිහි රැුගෙන පැමිණි බවත්, ජයතිලක බණ්ඩාර කලාකරුවා පැහැරගෙන යෑමට ඔවුන් උත්සාහ දරා ඇති බවත් සිද්ධියට මුහුණ පෑ අය ප‍්‍රකාශ කරති.
රජගෙදර සුරතලූන් වූ කලාකරුවන් යැයි කියාගන්නා ඇතැමුන් මහා මාර්ග කොන්ත‍්‍රාත් පවා භාරගෙන ධන කුවේරයන් බවට පත් වෙද්දී පසුගිය විසි පස් වසරකට තරම් කාලයක් මුළුල්ලේ පැනනැගුණු සියලූ පොදු ජන අරගල පෝෂණය කරමින් සැබෑ කලාකරුවකු සතු හා යුතුකම අභිමානය ප‍්‍රකට කළ ජයතිලක බණ්ඩාර කලාකරුවාට එලෙස හිරිහැර කිරීම මනුෂ්‍යත්වයට කළ බලවත් අවමානයකි.
මෙය, මාසයක් ඇතුළත ආණ්ඩු පක්ෂයේ මැරයන් අතින් ඔහු ප‍්‍රහාරයට ලක් වූ දෙවැනි වතාවය.
රටට නිදහස උදාකරදුන්නේයැයි කියන ජනාධිපතිවරයාගේ ගම් ප‍්‍රදේශයේදී ඔවුන් මුහුණ පෑ මෙම බිහිසුනු අත්දැකීම, අද මුළු රටේම ජනතාව පත්ව සිටින අවාසනාවන්ත ඉරණම පිළිබඳ සංකේතයක් ලෙස අපි දකිමු.
රටේ නීතියේ පාලනය බිඳවැටී ඇති බවටත්, පාලක රෙජීමයේ අනුග‍්‍රහය ලබන පුද්ගලයන්ට  ඕනෑම අපරාධයක් සිදුකොට නිදැල්ලේ සිටිය හැකි වාතාවරණයක් රට තුළ පවතින බවත් අප පෙන්වා දී ඇත්තේ වරක් දෙවරක් නොවේ. මෙම අවාසනාවන්ත සිදුවීම, මීට මාස කිහිපයකට පෙර හම්බන්තොට වරාය හා ගුවන්තොටුපළ නිරීක්ෂණය කිරීමට ගිය පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට එල්ල කළ ප‍්‍රහාරය සම්බන්ධයෙන් නීතිය ක‍්‍රියාත්මක නොවීමේ සෘජු ප‍්‍රතිපලයක් බව කීමට අපි මොහොතකට හෝ පැකිළෙන්නේ නැත.
නීතියේ ආධිපත්‍ය වෙනුවට, මුළුමනින්ම විධායකයේ අභිලාෂයන්ට නතු වූ පොලීසියකින් ජනාධිපතිවරයාගේ සුරතලකු සම්බන්ධයෙන් නීතිය අකුරටම ක‍්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටීමේ අර්ථයක් ඇතැයි අපි විශ්වාස නොකරමු. එහෙත් මැතිවරණයක් ප‍්‍රකාශයට පත්වී තිබෙන මේ මොහොතෙහි නීතියෙහි පාලනය තහවුරු කිරීම කෙරෙහි උපරිම අන්දමින් මැදිහත් වන ලෙස අපි මැතිවරණ කොමසාරිස්වරයාගෙන් අවධාරණයෙන් යුතුව ඉල්ලා සිටිමු.
මේ රටේ යළිත් නීතියේ පාලනය ස්ථාපනය කොට, පුරවැසියන් විසින් කාලාන්තරයක් මුළුල්ලේ මහත් කැපවීම් සිදුකර දිනාගත් අයිතිවාසිකම් නිදහසේ භුක්ති විඳිය හැකි වාතාවරණයක් බිහි කර ගැනීම වෙනුවෙන් අරගලයක නිරතව සිටින අපි, මේ තීරණාත්මක මොහොතේ එම අරමුණ වෙනුවෙන් අත්වැල් බැඳගන්නා ලෙසත් සිය යුතුකම උපරිම අන්දමින් ඉටු කරන ලෙසත් සියලූ යුක්තිගරුක පුරවැසියන්ගෙන් ඉල්ලා සිටිමු.

සුනිල් ජයසේකර
කැඳවුම්කරු

1080 Journalists Killed since 1992 | Srilanka 19

cpj
20 Deadliest Countries

Iraq: 166
Philippines: 76
Syria: 72
Algeria: 60
Pakistan: 56
Russia: 56
Somalia: 53

Colombia: 45
India: 32
Mexico: 30
Brazil: 29
Afghanistan: 26
Turkey: 20
Sri Lanka: 19

Bosnia: 19
Tajikistan: 17
Rwanda: 17
Israel and the Occupied Palestinian Territory: 16
Sierra Leone: 16
Bangladesh: 15

More Read @CPJ

දුෂ්ඨ අරමුණ පරාජය කිරීම සදහා පෙළ ගැසෙමු!

n

[මාධ්‍ය නිවේදනය] 2014 ජුලි 08

2014 ජුලි 01 දාතමින් රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ අධ්‍යක්ෂක/ලේඛකාධිකාරී ඩි.එම්.එස්.දිසානායක නමින් නිකුත් කරන ලද චක්‍රලේඛනය මගින් මෙතෙක් ශ්‍රී ලංකාවේ සිවිල් හා රාජ්‍ය නොවන සංවිධාන භුක්ති විඳි මුලික මානව අයිතිවාසිකමක් උදුරා ගැනීමට ගනු ලබන උත්සාහයට නිදහස් මාධ්‍ය ව්‍යාපාරය බලවත් ලෙස විරෝධය පළකරන අතර ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස අගයන සියලු සංවිධාන සහ පුරවැසියන් එයට එරෙහිව පෙළගැසීමට කාලය එළඹ ඇති බව අවධාරණය කරනු කැමත්තෙමු.

මෙම චක්‍රලේඛය මගින් කියවෙන්නේ සමහර රාජ්‍ය නොවන සංවිධාන ඒවායේ බලාධිකාරයට අයත් නොවන ක්‍රියාවන්හි නිරත වන බවත් වහාම එම කටයුතුවලින් වැළකිය යුතු බවත්ය. එම ක්‍රියාවන් ලෙස මෙම චක්‍රලේඛය දක්වන්නේ පුවත්පත් සාකච්ඡා පැවැත්වීම, මාධ්‍ය නිවේදන නිකුත් කිරීම, මාධ්‍යවේදීන් සඳහා පුහුණු වැඩමුළු පැවැත්වීම යනාදිය යි.

ඒ අනුව මෙම චක්‍රලේඛය මගින් සිදුකරන්නේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුක‍්‍රම විව්‍යස්ථාව මගින් පුරවැසියන්ට තහවරු කර ඇති ප්‍රකාශනයේ සහ සමාගමයේ නිදහස යන මුලික මානව හිමිකම් එක එල්ලේම උල්ලංඝනය කිරීමකි. අනෙක් අතට මුලික මානව හිමිකම් ගණයට අයත් හිමිකම් හුදෙක් චක්‍රලේඛයක් මගින් අහෝසි කළ නොහැකිය. අතිවිශේෂ තත්ත්වයක් යටතේ වුවද එවැනි පියවරක් ගත හැක්කේ පාර්ලිමේන්තුවට පමණක් බව ආරක්ෂක අමාත්‍යාංශයේ ඉහළ නිලධාරින් නොදැන සිටියේ ද, නොඑසේනම් ඔවුන් සිතාමතාම සිදුකර ඇත්තේ මේ රටේ ආණ්ඩුක‍්‍ර ව්‍යස්ථාවට අපහාස කිරීමකි.
අනෙක් අතට රාජ්‍ය නොවන සංවිධාන යනු මෙරට පුරවැසියන්ගේ සංවිධාන වන අතර පුරවැසියන්ට අයත් සියලු අයිතීන් ඒවාට ද හිමිය. එබැවින් මෙම චක්‍රලේඛණය සහමුලින්ම නීතිවිරෝධී බව අවධාරණය කරන අප වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙම චක්‍රලේඛය මගින් රටේ ඕනෑම පුරවැසියෙකුගේ ඕනෑම අදහස් පළකිරීමකට වුව ද යොදාගැනීමේ අනතුර ඇති බවය. එමෙන්ම මෙම චක්‍රලේඛය එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා ශ්‍රී ලංකාව අන්තර්ජාතික වශයෙන් බැඳී සිටින මානව හිමිකම් ප්‍රඥප්තීන් ගණනාවක්ම උල්ලංඝනය කරයි.

එබැවින් අප අවධාරණය කරන්නේ මෙම චක්‍රලේඛය ශ්‍රී ලංකාව ඒකාධිපති රාජ්‍යයක් බවට පරිවර්තනය කිරීමේ තවත් එක් පියවරක් බවය, එබැවින් මෙම දුෂ්ට අරමුණ පරාජය කිරීම සඳහා පෙළගැසීම සමස්ත ශ්‍රී ලාංකීය ජාතිය සතු පරම වගකීම බව මේ මොහොතේ සිහිපත් කරනු කැමැත්තෙමු.

නිකුත් කරන ලද චක්‍රලේඛනය මගින් මෙතෙක් ශ්‍රී ලංකාවේ සිවිල් හා රාජ්‍ය නොවන සංවිධාන භුක්ති විඳි මුලික මානව අයි… by Sampath Samarakoon

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයට නව නිළධාරි මණ්ඩලයක්

FMM Logo
නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ, 2014/2015 වසර සදහා නව නිළධාරි මණ්ඩලය පසුගිය මැයි 30 වනදා, කොළඹ පුවත්පත් මණ්ඩල ශ්‍රවණාගාරයේ පැවති මහසභාවේදී තෝරා පත් කර ගන්නා ලදි.

පහත දැක්වෙන්නේ එම නව නිළධාරි මණ්ඩලයයි.

කැදවුම්කරැ – සුනිල් ජයසේකර
ලේකම් – සම්පත් සමරකෝන්
භාණ්ඩාගාරික – සුජීව සෙනරත්
උපලේකම් – දිලීෂා අබේසුන්දර

විධායක කමිටුව

සමන් සී ලියනගේ
සීතා රංජනී
සී. දොඩාවත්ත
උදය කලුපතිරණ
බී.එම්. මුර්ෂිඩීන්
ආනන්ද ජයසේකර
ජයසිරි ජයසේකර
මංජුල බස්නායක
විරංජන හේරත්

භාරකරැවන්

සී.ජේ අමරතුංග
චූලවංශ සිරිලාල්

@FMM

New Office Bearers of the Free Media Movement 2014 – 2015

FMM Logo

The Free Media Movement of Sri Lanka held its 22nd Annual General Meeting (AGM) on 30th May 2014 and elected new office bearers for the one year period of May 2014 – May 2015.

The AGM was held at the Sri Lanka Press Institute Auditorium (SLPI).

New office bearers are follows:

Convener – Sunil Jayasekara
Secretary – Sampath Samarakoon
Treasurer – Sujeewa Senarath
Asst. Secretary – Dileesha Abeysundara

Executive Committee Members

1. Saman C. Liyanage
2. Seetha Ranjanee
3. C. Dodawatta
4. Udaya Kalupathirana
5. B. M Murishideen
6. Ananda Jayasekara
7. Jayasiri Jayasekara
8. Manjula Basnayake
9. Viranjana Herath

Trustees

C.J. Amaratunga
Chulavansha Sirilal

@FMM

ලෝක ජනමාධ්‍ය දිනය සැමරුම් දෙසුම සඳුදා

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සහ ශ්‍රී ලංකා පුවත්පත්ආයතනය එකාබද්ධව සංවිධානය කරන 2014 ලෝක ජනමාධ්‍ය දින සැමරුම් දෙසුම මාර්තු මස 05 වන දින සවස 4.30 කොළඹ 05 ෆ්යිප් පාරේ පිහිටි ජානකී හෝටලයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

“මාධ්‍යයේ දුර්දශාව සහ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය ” මැයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති උපුල් ජයසූරිය මහතා විසින් එහිදී ප්‍රධාන දෙසුමපැවත්වීමට ආරාධනා ලැබ ඇති අතර දකුණු ආසියා නිදහස් මාධ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා පාර්ශවයේ සභාපති ලක්ෂ්මන් ගුණසේකර මහතා මුලසුන දරන මෙම විශේෂ සභාවේදී ශ්‍රී ලංකා කර්තෘ සංසදය නියෝජනය කරමින් ද අයිලන්ඩ් ඉරිදා කර්තෘ මනික් ද සිල්වා සහ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ සභාපති කුමාර් නඩේසන් මහත්වරුන්ද එහිදී අදහස් දැක්වීමට නියමිතය.

PF Day Pach