Featured

ජනමාධ්‍යවේදී වාර්තාකරණයට මහනුවරදී ආරක්ෂක අංශ වලින් බාධා කරයි- නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

cropped-logo-final

2019 ජුලි 25

මාධ්‍ය නිවේදනය

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාපතිවරයා අස්ගිරි පාර්ශවයේ මහා නායක ස්වාමීන් වහන්සේ බැහැ දැකීමට ජුලි 21 පැමිණි අවස්ථාවේ, මාධ්‍ය ආවරණය පිණිස පැමිණි ලේක්හවුස් මාධ්‍යවේදී එම්.ඒ.අමිනුල්ලා මහතාගේ රාජකාරියට බාධා කිරීම නිදහස් මාධ්‍ය ව්‍යාපාරය දැඩිව හෙළා දකියි.

අප වෙත වාර්තා වු අන්දමට මාධ්‍යවේදී එම්.ඒ.අමිනුල්ලා  මහතා ඊට සහභාගි වි ඇත්තේ ශ‍්‍රීලංකා ගුවන් හමුදාව විසින් එම අවස්ථාව ආවරණය කිරීම පිණිස මාධ්‍ය ආයතන වලට කරන ලද ආරාධනයක් අනුවය. අමිනුල්ලා මහතා ගේ සහභාගිත්වය වළක්වන අවස්ථාවේල ඔහු සිය නිල රාජකාරි හැඳුනුම් පත ඉදිරිපත් කරමින්, තමන් පැමිණියේ සිය මාධ්‍ය ආයතනය වෙනුවෙන් රාජකාරියක් පිණිස බව ප‍්‍රකාශ කොට ඇත. එහෙත් මහා නායක ස්වාමීන් වහන්සේගේ  ආරක්ෂක අංශය  ඊට ඇහුම්කන් දි නොමැත. වාර්තා වන අන්දමට අස්ගිරි මහා නායක ස්වාමීන් වහන්සේගේ ආරක්ෂ අංශය සමන්විත වන්නේ අමාත්‍යංශ ආරක්ෂක අංශය හා  මහනුවර පොලිසියට අනුයුක්ත නිලධාරින් ගෙනි. සාධාරණ හේතු දැක්වීමකින් තොරව මාධ්‍යවේදී අමිනුල්ලාට පමණක් එම අවස්ථාව ආවරණය කිරීමට ඉඩ නොදීම මගින් කරුණු වාර්තාකරණයට ඉඩ නොදීම හැරුණු විට, ඔහුට වෙනස් කොට සැලකීමක්ද සිදුව තිබෙන  බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ පිළිගැනීමයි.

මාධ්‍යවේදියා ගේ ජාතිකත්වය හෝ සමාජ පසුබිම නොසලකා තමන් ගේ වෘත්තීය කටයුතු නිදහසේ බාධාවකින් තොරව කර ගෙන යාමට අවශ්‍ය පසුබිම හා වාතාවරණය සකස් කිරීම බලධාරින් ගේ වගකීම බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය අවධාරණය කරයි.

සී.දොඩාවත්ත                                                                         ලසන්ත ද සිල්වා

කැඳවුම්කරු                                                                            ලේකම්                                                                                                                          

 

Featured

අසත්‍ය ප‍්‍රවෘත්ති ප‍්‍රචාර සහ වෛරි ප‍්‍රකාශවලට අදාළ නීති සංශෝධනය

2019  ජුනි 17

අධිකරණ සහ බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය,

ගරු තලතා අතුකෝරල මහත්මිය,

උපරිමාධිකරණ සංකිර්ණය,

අධිකරණ මාවත,

කොළඔ 01.

ගරු ඇමතිතුමියනි,

අසත්‍ය ප‍්‍රවෘත්ති ප‍්‍රචාර සහ වෛරි  ප‍්‍රකාශවලට අදාළ නීති සංශෝධනය

සහජීවනයට සහ රාජ්‍ය ආරක්ෂාවට බාධාවන ආකාරයෙන් අසත්‍ය ප‍්‍රවෘත්ති ප‍්‍රචාරය කරන්නන් සහ වෛරී ප‍්‍රකාශ සිදුකරන්නන් හට දඩ හා සිර දඩුවම් නියම කිරීමට හැකිවන පරිදි දණ්ඩ නීති සංග‍්‍රහය සහ අපරාධ නඩු විධාන සංග‍්‍රහය සංශෝධනය කිරීමට අදාළ කැබිනට් පත‍්‍රිකාවකට අනුමැතිය හිමිව ඇති බව ප‍්‍රකාශ වී තිබේ.ඔබ අමාත්‍යංශය විසින් මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇත්තේ ජාතික ආරක්ෂාව පිළිබද ආංශික කමිටුවේ ඉල්ලීම අනුව බවද සඳහන් වේ.

අසත්‍ය ප‍්‍රවෘත්ති සහ වෛරී ප‍්‍රකාශ මේ වනවිට රටේ බරපතල ප‍්‍රශ්නයක් බවත්, එය වැළැක්වීමට අර්ථවත් පියවර කඩිනමින් ගත යුතු බවත්, නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ද ස්ථාවරයයි.එහෙත් මීට අදාළව දැනටමත් යම් නීතී පවතින බවත්, එම නිතී නිසි පරිදි ක‍්‍රියාත්මකවීම සිදු නොවන බවත්, පදනමකින් තොරව විවිධ පාර්ශවයන්ගේ අවශ්‍යතා මුදුන් පමුණුවා ගැනීමට යොදා ගන්නා බවත්, නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ නිරීක්ෂණයයි. උදාහරණ ලෙස අයි.සී.සී.පී.ආර්. පනත යටතේ චෝදනා එල්ල කර ලේඛක ශක්තික සත්කුමාර මාස දෙකහමාරකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර තැබීමත්,ප‍්‍රවීන ජනමාධ්‍යවේදී කුසල් පෙරේරා ලියූ පුවත්පත් ලිපියක් පදනම් කරගෙන එම පනත යටතේම පරීක්ෂණ ආරම්භ වී තිබීමත් දැක්විය හැකිය.

එමෙන්ම, යෝජිත නව නීති පිළිබද කිසිදු විධිමත් පැහැදිළි කිරීමක්ද මේ වනතෙක් සිදුව නොමැති අතර, අසත්‍ය ප‍්‍රවෘත්ති හෝ වෛරී ප‍්‍රකාශ යන්න තීරණය කරන්නේ කවුරුන්ද? ඊට අදාළ නිර්ණායකයන් මොනවාද?මේ තුළ අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය සහ ජනමාධ්‍ය නිදහස උල්ලංඝනය නොකිරීමට අදාළ ප‍්‍රවේශයන් මොනවාද? යන සියලූ කරුණු බරපතල ලෙස ගැටලූකාරීය.

මෙවන් පසුබිමක යෝජිත නීති සංශෝධනය හරහා මෙරට අදහස් ප‍්‍රකාශ කිරීමේ සහ ජනමාධ්‍ය නිදහසට බරපතල තර්ජනක් එල්ල විය හැකි බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ නිරීක්ෂණයයි. එබැවින් මේ පිළිබද විධිමත් පැහැදිළි කිරීමක් වහාම රට හමුවේ තබන ලෙසත්  ඒ පිළිබඳව ඔබතුමිය සමඟ සාකච්ඡා කිරීමට කඩිනමින් අවස්ථාවක් ලබා දෙන ලෙසත්, කාරුනිකව ඉල්ලා සිටිමි.

ස්තුතියි.

විරංජන හේරත්

කැඳවුම්කරු

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

පිටපත්-

01-     ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ගරුරුවන් විජේවර්ධන මහතා,

02-     සියලූම ජනමාධ්‍ය වෙත

 

 

Featured

Revision of laws relating to false news distribution and hate speech

June 17, 2019

Minister of Justice and Prison Reforms

Hon. Thalatha Atukorala,

Superior Courts Complex

Colombo 12,

 

Hon. Minister,

Revision of laws relating to false news distribution and hate speech

It has been reported that the Cabinet has approved a proposal to revise the Penal Code and Criminal Procedure Code to impose fine and imprisonment against those who engage in false news distribution and hate speech that would jeopardize co-existence and national security. It is also noted that your ministry has submitted the proposal to the Cabinet based on a request made by the oversight sectoral committee on national security.

It is the explicit position of the Free Media Movement that meaningful steps need to be taken to curb the distribution of false news and hate statements which is a serious issue in the country at present.

However, the Free Media Movement also observes that there are several laws in Sri Lanka which could be applied, but these laws are not properly implemented whilst they are arbitrarily applied to achieve personal agendas. Examples include the author Shakthika Sathkumara who has been charged under the (ICCPR) Act and imprisoned for over two and half months and the commencement of inquiries under the same Act against veteran journalist Kusal Perera based on a newspaper article written by him.

There has been no proper explanation of the proposed new laws. Who decides false news distribution and hate speech? What are the criteria? What are the provisions to guarantee that freedom of expression and media freedom would not be violated? All of these are serious issues.

The Free Media Movement is of the opinion that in the given context the proposed legal amendments could seriously threaten the freedom of expression and media freedom in the country.

Therefore, we kindly request you to place a clear explanation before the nation and to provide an urgent meeting to discuss this matter with you.

Thanking you,

Viranjana Herath

Free Media Movement

Convener

Copies:

1-Hon.Ruwan Wijewardene, Deputy Minister of Mass Media

2-To all media

 

Featured

தவறான செய்தி அறிக்கைகள் மற்றும் வெறுக்கத்தக்க கட்டுரைகள் தொடர்பான சட்டங்களில் திருத்தங்கள்

ஜூன் 17, 2019

நீதி மற்றும் சிறைச்சாலைகள் மறுசீரமைப்பு அமைச்சர்

கௌரவ திருமதி தலத்தா அத்துகோரல,

உயர் நீதிமன்ற வளாகம்,

கொழும்பு 12.

கௌரவ அமைச்சர்

தவறான செய்தி அறிக்கைகள் மற்றும் வெறுக்கத்தக்க கட்டுரைகள் தொடர்பான சட்டங்களில் திருத்தங்கள்

சகவாழ்வு மற்றும் தேசிய பாதுகாப்பு ஆகியவற்றுக்கு பாதிப்பை ஏற்படுத்தும் வகையில் தவறான செய்தி வெளியீடு மற்றும் வெறுப்பு பேச்சு ஆகியவற்றில் ஈடுபடுவோருக்கு அபராதம் மற்றும் சிறைத் தண்டனை விதிக்கும் வகையில் தண்டனைச் சட்டம் மற்றும் குற்றவியல் நடைமுறைச் சட்டத்தை திருத்துவது தொடர்பாக அமைச்சரவைப் பத்திரம் ஒன்று ஏற்றுக்கொள்ளப்பட்டுள்ளது என்று அறியமுடிகிறது. தேசிய பாதுகாப்பு குறித்த பிரிவுக் குழுவின் கோரிக்கையின் பேரில் அமைச்சரவைக்கு இந்த முன்மொழிவை உங்களது அமைச்சு சமர்ப்பித்திருப்பதாக கூறப்படுகிறது.

உண்மைக்குப் புறம்பான செய்திகள் மற்றும் வெறுப்புரைகள் நாட்டில் தற்போது பாரிய பிரச்சினைகளை தோற்றுவித்துள்ளது என்பதையும் அவற்றை தடுப்பதற்கான அர்த்தமுள்ள நடவடிக்கைகள் அவசரமாக எடுக்கப்பட வேண்டும் என்பதுவும் சுதந்திர ஊடக இயக்கத்தின் நிலைப்பாடாகும். எனினும், இது தொடர்பாக சில சட்டங்கள் ஏற்கனவே நடைமுறையில் உள்ளன என்பதையும், அச்சட்டங்கள் முறையாக செயல்படுத்தப்படவில்லை என்பதையும், அடிப்படையின்றி பல்வேறு தரப்பினரின் அவசியத்துக்கேற்ப அவை பயன்படுத்தப்படுவதையும் சுதந்திர ஊடக இயக்கம் அவதானித்து வருகிறது. உதாரணமாக, சக்திக சத்குமார என்ற எழுத்தாளர்   ஐ.சி.சி.பி.ஆர். சட்டத்தின் கீழ் குற்றம்சாட்டப்பட்டு இரண்டரை மாதங்களுக்கும் மேலாக விளக்கமறியலில் இருக்கின்றார். மேலும் பத்திரிகையாளர் குசல் பெரேரா எழுதிய செய்தித்தாள் கட்டுரையின் தொடர்பாக அதே சட்டத்தின் கீழ் விசாரணைகள் தொடங்கப்பட்டுள்ளன என்பதையும் சுட்டிக்காட்ட விரும்புகிறோம்.

மேலும், முன்மொழியப்பட்ட புதிய சட்டம் குறித்து இதுவரை முறையாக தெளிவுபடுத்தப்படவில்லை, ஒரு செய்தி உண்மைக்கு முரணானது  அல்லது வெறுக்கத்தக்கதா என்பதை தீர்மானிப்பது யார்? அதற்கான தகுதிகள் என்ன? இதற்குள் கருத்துச் சுதந்திரம் மற்றும் பத்திரிகை சுதந்திரத்தை மீறாமால் இருப்பதற்கான நடைமுறைகள் யாவை? இவை அனைத்தும் கடும் பிரச்சினைகளாகவே உள்ளன.

இந்த பின்னணியில், முன்மொழியப்பட்டுள்ள இந்த சட்டம் திருத்தம் இந்நாட்டில் கருத்து சுதந்திரத்துக்கும் ஊடக சுதந்திரத்துக்கும் கடுமையான அச்சுறுத்தலை ஏற்படுத்தக் கூடும் என்று சுதந்திர ஊடக இயக்கம்  கருதுகிறது. எனவே, இந்த சட்ட திருத்தம் தொடர்பாக நாட்டிற்கு உடனடியாக ஒரு முறையான விளக்கத்தை கொடுக்கும் படியும் உங்களுடன் கலந்துரையாட எமக்கு ஒரு  சந்தர்ப்பத்தை வழங்கவும் நான் தயவுசெய்து கேட்டுக்கொள்கிறேன்.

நன்றி.

விரஞ்சன ஹேரத்

ஒருங்கிணைப்பாளர்

சுதந்திர ஊடக இயக்கம்

 

பிரதிகள்:

  1. கௌரவ ருவன் விஜேவர்தன – வெகுஜன ஊடக மற்றும் தகவல் அமைச்சர்
  2. தேசிய பாதுகாப்பு தொடர்பான துறைசார் மேற்பார்வைக் குழு

 

Featured

අයි. සී. සී. පී. ආර්. පනත යොදාගෙන ජනමාධ්‍ය සහ ජනමාධ්‍යවේදීන් මර්දනය කිරීමේ උත්සාහයන් හෙළා දකිමු- නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

2019  ජුනි 16

මාධ්‍ය නිවේදනය

ප‍්‍රවීන මාධ්‍යවේදී කුසල් පෙරේරා විසින් ඩේලිමිරර් පුවත්පතට ලියූ ලිපියක් පදනම් කරගෙන අයි.  සී. සී. පී. ආර්. පනත හෙවත් 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනතේ ප‍්‍රතිපාදන අනුව නෛතික ක‍්‍රියාමාර්ගවලට එළඹීම දැඩිලෙස හෙළා දකින නිදහස් මාධ්‍ය ව්‍යපාරය, නීතිය මෙලෙස අසාධාරණ ලෙස යොදාගැනීමෙන් වළකින්නැයි වගකිවයුතු සියලූ පාර්ශවයන් වෙත අවධාරණය කර සිටියි.

දීර්ඝ කාලයක් සිංහල සහ ඉංග‍්‍රීසි භාෂා ද්විත්යෙන්ම ජනමාධ්‍ය කටයුතුවල නිරතවන කුසල් පෙරේරා සාධාරණ සහ අපක්ෂපාතී ලෙස මාධ්‍ය භාවිතයේ නිරතවන මාධ්‍යවේදීයෙකු ලෙස දේශීයව මෙන්ම ජාත්‍යන්තරවද පිළිගැනීමට ලක්වූවෙකි. ඔහු විසින් සතිපතා ඩේලිමිරර් පුවත්පතට සපයන තීරු ලිපිය යටතේ මැයි 17 වන දින “From Islamic Terrorism to marauding Sinhala  Buddhist violence”

හෙවත් “ඉස්ලාම් ත‍්‍රස්තවාදයේ සිට කොල්ලකාරී බෞද්ධ ප‍්‍රචණ්ඩත්වය” දක්වා යන ලිපිය පදනම් කරගෙන පොලිසියේ සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය මගින් අයි.සී.සී.පී.ආර්. පනත යටතේ පියවර ගැනීමට කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කොට ඇත. එහි ඉදිරි පියවරක් ලෙස පසුගිය 14වන සිකුරාදා පොලිසිය විසින් එම ලිපිය පළවූ ඩේලිමිරර් පුවත්පතේ ප‍්‍රධානීන්ගෙන් ප‍්‍රකාශයක් සටහන් කර ගැනීමට උත්සහ දරා තිබේ. තාක්ෂණික කරුණක් මත ඩේලිමිරර් පුවත්පතේ

ප‍්‍රධානීන්ගෙන් එදින එම ප‍්‍රකාශය ලබාගැනීමට නොහැකි වුවද, පොලිසිය සඳහන් කර ඇත්තේ එම කරුණ නිවැරදි කරගෙන ප‍්‍රකාශ ලබා ගැනීම සඳහා යළි පැමිණෙන බවයි. එමෙන්ම එහිදී පොලිසිය කුසල් පෙරේරාගෙන්ද ප‍්‍රකාශයක් ලබාගැනීමට කටයුතු කරන බව සඳහන් කර ඔහුගේ ලිපිනය සහ දුරකතන අංකද ලබාගෙන තිබේ.

පොලිසියේ මෙම ක‍්‍රියාකාරීත්වය අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය සහ මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් තර්ජනයක් බවත් විශේෂයෙන්ම කිසිවෙකුගේ පැමිණිල්ලක් පදනම් කරගෙන පිළිගත් මුද්‍රිත මාධ්‍යයක පළවන ප‍්‍රවීන ජනමාධ්‍යවේදියෙකුගේ ලිපියක් සම්බන්ධයෙන් ඇප පවා ලබා දිය නොහැකි වන සේ ප‍්‍රතිපාදන ඇතුළත් අයි.සී.සී.පී.ආර්. පනත යටතේ නෛතික ක‍්‍රියාමාර්ගවලට එළඹීමට කටයුතු කිරීමත් භයානක පූර්වාදර්ශයක් බව  නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පෙන්වාදෙයි.

මෙම තත්වය වැළැක්වීමට මැදිහත් වන ලෙස අදාළ සියලූ පාර්ශව වෙත අවධාරණය කරන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතියට සහ මාධ්‍ය නිදහසට එරෙහි මෙවන් උත්සාහයන් පරාජය කිරීමට පෙරට එන්නැයි මානව හිමිකම්වලට ගරු කරන සියලූ පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටියි.

විරංජන හේරත්

කැඳවුම්කරු

Featured

මාධ්‍යවේදී නඩරාජා කුගන්රාජ්ට එරෙහි පොලිස් ප්‍රහාරය හෙළා දකිමු- නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

 

cropped-cropped-logo-final1.jpg

2019 පෙබරවාරි 19

මාධ්‍ය නිවේදනය

මාධ්‍යවේදී නඩරාජා කුගන්රාජ් මහතාට එරෙහිව සිදුව ඇති පොලිස් ප්‍රහාරය හෙළා දකින නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඒ පිළිබඳව නිසි පරික්ෂණ පවත්වා කඩිනමින් සාධාරණය ඉටු කරන ලෙස වගකිව  යුතු සියළු අංශ වලින් ඉල්ලා සිටී.

දෙමළ භාෂාවෙන් ක්‍රියාත්මක වන ජාත්‍යයන්තර රූපවාහිනී ආයතනයක් වන ඩෑන් ටී.වී ආයතනයේ (Dan TV) වාර්තාකරුවෙකු වන තිරුනෙල්වේලි හි නඩරාජා කුගන්රාජ් මහතා පොලිස් පහරදීමකින් තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

කුගන්රාජ් මහතා පවසන අන්දමට කොකුවිල් නැගෙනහිර ප්‍රදේශයේ ඇති වූ සිදුවීමක් රූපගත කරන අවස්ථාවේ පෙබරවාරි 19 සවස 2.30ට පමණ එය රූපගත නොකරන්නැයි තර්ජනය කර ඔහුට පහර දී ඇත්තේ කෝපායි පොලීසියේ වැඩබලන ස්ථානාධිපතිවරයායි.

මෙවැනි සිදුවීම් මාධ්‍යවේදීන් ගේ වෘත්තීය කටයුතු නිදහසේ ඉටුකරගැනීමට බාධාකාරී ලෙස බලපාන අතර, භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහසටද බාධාවකි.  එසේම උතුරේ මෙන්ම දකුණේද අපරාධවලට හා හිංසනයට ගොදුරු වූ ජනමාධ්‍යවේදීන්ට යුක්තිය ඉටු නොවී පවත්නා පසුබිමක, තවදුරටත් මාධ්‍යවේදින්ට එරෙහිව මර්ධනය ක්‍රියාත්මක වීමක් ලෙස දකිමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මෙම සිදුවීම හෙළා දකියි.

එබැවින් වහා මැදිහත්ව මෙම සිදුවීම පිළිබඳ කඩිනමින්  සොයා බලන ලෙසද ප්‍රහාරයට ලක් වූ මාධ්‍ය වේදියාට සාධාරණය ඉටු කරන ලෙසද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වගකිවයුතු සියලු පාර්ශවවලින් ඉල්ලා සිටියි. 

                                                                                                           

සි.දොඩාවත්ත        

කැඳවුම්කරු                                                                                          

Featured

Free Media Movement Condemns Police Attack on Journalist Nadarajah Kugarajah-

cropped-cropped-logo-final1.jpg

Media Release

2019 Feb 19

The Free Media Movement, while strongly condemning the police attack on journalist Nadarajah Kugarajah, urges all relevant authorities to immediately investigate the incident and to mete out justice.

Nadarajah Kugarajah, a journalist from Tamil television channel ‘Dan TV’ has been admitted to the Jaffna Teaching Hospital after being attacked and wounded by the police.

This had taken place at around 2.30 pm on February 19 at Kokuvil East, while Kugarajah was filming an incident for his reportage. He had been threatened not to film the incident and attacked by the Acting Officer-in-Charge of Kopay police station, Kugarajah stated.

In a situation where journalists in the North and South had not got justice for rights violations, Free Media Movement views such repressive incident as a major obstacle to journalists’ freedom of speech and freedom of expression and condemns such threats.

 

Therefore, the Free Media Movement urges all parties concerned to take immediate action to investigate and to mete out justice to the affected journalist.

 

C.Dodawatte

Convener

Featured

ஊடகவியலாளர் நடராஜா குகராஜா (குகன்) மீதான பொலிஸாரின் தாக்குதல் சம்பவத்தை வன்மையாக கண்டிப்பொம்

cropped-cropped-logo-final1.jpg

ஊடக அறிக்கை

2019 பிப்ரவரி 19

ஊடகவியலாளர் நடராஜா குகராஜா (குகன்) மீதான பொலிஸாரின் தாக்குதல் சம்பவத்தை வன்மையாக கண்டிக்கும் அதேவேளை, இது தொடர்பாக உடனடியாக விசாரணைகளை மேற்கொண்டு நீதி வழங்கும் படி பொறுப்பிலிருக்கும் அனைத்து தரப்பினரையும் சுதந்திர ஊடக இயக்கம் கேட்டுக்கொள்கிறது.

 

தமிழ் தொலைக்காட்சி சேவையான ‘டான் டிவி’ (DAN TV) நிறுவனத்தின் செய்தியாளர் திருநெல்வேலியைச் சேர்ந்த நடராஜா குகராஜா பொலிஸாரின் தாக்குதலுக்கு உள்ளாகி, காயமடைந்த நிலையில் யாழ் போதனா வைத்தியசாலையில் அனுமதிக்கப்பட்டுள்ளார்.

பிப்ரவரி 19 ம் தேதி 2.30 மணியளவில் கொக்குவில்  கிழக்கு பகுதியில் இடம்பெற்ற சம்பவம் ஒன்றை செய்திக்காக படமெடுத்துக்கொண்டிருக்கையில், பொறுப்பிலிருந்த கோப்பாய் போலீஸ் நிலைய பதில் பொறுப்பதிகாரி  படமெடுக்க வேண்டாம் என்று அச்சுறுத்தி, தம்மீது தாக்குதல் நடத்தியதாக குகராஜா தெரிவித்தார்.

ஊடகவியலாளர்கள் தமது பணியை சுதந்திரமாக மேற்கொள்ளவதற்கும் பேச்சு மற்றும் வெளிப்பாட்டு சுதந்திரத்துக்கும் இத்தகைய சம்பவங்கள் பெரும் தடையாகும்.வடக்கிலும் தெற்கிலும் வன்முறைக்குள்ளான ஊடகவியலாளர்களுக்கு நியாயம் கிடைக்காதிருக்கும் ஒரு சூழலில், இதுபோன்ற அச்சுறுத்தல்களை ஊடகவியலாளர்களுக்கு எதிரான அடக்குமுறை சம்பவங்களாகவே சுதந்திர ஊடக இயக்கம் நோக்குவதால் அதனை கண்டிக்கிறது.

எனவே, இந்த சம்பவத்தை உடனடியாக விசாரணை செய்து, தாக்கப்பட்ட ஊடகவியலாளருக்கு நியாயத்தைப் பெற்றுத்தருவதற்கு உடன் நடவடிக்கை எடுக்குமாறு சம்பந்தப்பட்ட சகல தரப்பினரையும் சுதந்திர ஊடக இயக்கம் கேட்டுக்கொள்கிறது.

சி. தொடாவத்த

ஏற்பாட்டாளர்

 

 

Featured

මාධ්‍යවේදීන්ගේ ඝාතන, අතුරුදහන්වීම් සම්බන්ධයෙන් විමර්ශන ඇරඹීමට මානව හිමිකම් කොමිෂන් සභාව සුදානම් – ආචාර්ය දීපීකා උඩගම

cropped-cropped-logo-final1.jpg

“ඝාතනයට ලක් වු සහ අතුරුදහන් වු මාධ්‍යවේදීන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කිරීමට අවශ්‍ය මුලික තොරතුරු ලබා දීමට හැකි නම් ඒ පිළිබඳව විමර්ශන ආරම්භ කිරීමට මානව හිමිකම් කොමිෂන් සභාව සුදානම් යැයි” ශ්‍රිලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනිය, ආචාර්ය දීපීකා උඩගම මහත්මිය පවසයි.

ඇය මේ බව ප්‍රකාශ කළේ අපරාධවලට ලක්වු මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතන වලට යුක්තිය ඉටු කිරීම සඳහා සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට මැදිහත්වන  ලෙස ඉල්ලා නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ විධායක කමිටු සාමාජිකයින් ජනවාරි 29 ( අද) මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනිය හමු වු අවස්ථාවේ දීය.

 

ඝාතන, අතුරුදහන් වු සහ පැහැර ගෙන ගොස් වද හිංසාවන්ට  ලක්වු ජනමාධ්‍යවේදීන් සම්බන්ධ පොලිස් පැමිනිලි, ඇසින් දුටු සාක්ෂි, සිද්ධියට වගකිව යුතු පුද්ගලයින් සම්බන්ධ තොරතුරු, වෙනත් ලේඛනමය සාක්ෂි ආදි තොරතුරු විමර්ශන කටයුතු සදහා ඉතා වැදගත් බවත් පොලිස් පැමිණිලි සම්බන්ධයෙන් පොලිසිය  ක්‍රියාත්මකවී නොමැතිනම් කොමිෂන් සභාවට ඒ සම්බන්ධයෙන්ද ක්‍රියාකළ හැකි බවත් එහිදී සභාපතිනිය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

ජනමාධ්‍යවේදීන් හා ජනමාධ්‍ය ආයතනවලට එරෙහි අපරාධ සම්බන්ධයෙන් දණ්ඩ මුක්තියක් පැවැතීම පිළිබදව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සිදුකරමින් සිටින අධ්‍යයනයේ සංක්ෂිප්ත වාර්තාවක්ද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් මානව හිමිකම් කොමිෂන් සභාව වෙත භාරදෙනු ලැබීය.

ජනමාධ්‍යවේදීන්ගේ ඝාතන,  අතුරුදහන්වීම් හා පැහැරගෙනයාම් සිදුවීම්වලට අදාළ මාධ්‍ය සමාජය හා  පොදුවේ මහජනතාව දන්නා වැදගත් තොරතුරු ඇත්නම් මානව හිමිකම් කොමිසම වෙත භාරදීම සදහා fmmsrilanka@gmail.com හෝ කැඳවුම්කරු, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, අංක 96, බර්නාඩ් සොයිසා මාවත, නාරහේන්පිට, කොළඔ 05 යන ලිපිනය වෙත ලැබීමට සලස්වන ලෙස නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සියලු පාර්ශව වලින් ඉල්ලා සිටී.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මානව හිමිකම් කොමිසම වෙත භාරදෙන ලද පැමිණිල්ල මෙම ඊමේල් පණිවඩුයට යා කොට ඇත

සි.දොඩාවත්ත

කැවුම්කරු

Featured

Human Rights Commission ready to inquire into Assault, Killings and Disappearances of Media Personnel – Dr Deepika Udagama

 

cropped-cropped-logo-final1.jpg

Press Release

The Human Rights Commission is ready to accept any basic information that could be provided in order to commence further inquiries into Assault, Killings and Disappearances of Journalists, Chairperson, Human Rights Commission, Dr Deepika Udugama says.

She stated this when she met the executive committee members of the Free Media Movement on Tuesday (29), who requested her to meditate to take suitable action to grant justice to journalists and media institutes that came under attack.

Complaints to the police, eyewitness accounts and information regarding the slain and assaulted media personnel play an important role in meting out justice in these cases, and if the police have not taken action on the complaints made, the Commission can take action in these instances, the Chairperson said.

The FMM handed over a comprehensive report indicating instances where Killings, Assault and Disappearances of Journalists and Media Institutes have taken place without any action being taken against such incidents. We request all civic-minded parties to provide any information pertaining to Killings, Assault and Disappearances of Media Personnel to fmmsrilanka@gmail.com or to,  Convener, Free Media Movement, No 96, Bernard Soysa Mawatha, Narahenpita, Colombo 5.Sri Lanka.

The complaint made by the Free Media Movement to the Human Rights Commission has been directed through this channel.

.

C.Dodawatta

Convenor

2019-01-29

Featured

ஊடகவியலாளர் ராகுல் சமந்த ஹெட்டியாராச்சி அவரது கடமையைச் செய்யவிடாது, குறுக்கீடு செய்யப்பட்டது தொடர்பாக முறையான விசாரணை அவசியம் – சுதந்திர ஊடக இயக்கம்

cropped-cropped-logo-final1.jpg

ஹம்பாந்தோட்டை உப்பு உற்பத்தி தொழிற்சாலை ஒன்றில் தொழிலார்கள் மேற்கொண்ட ஆர்ப்பாட்டம் தொடர்பாக ஜனவரி 23, 2019 அன்று செய்தி சேகரிக்கச் சென்ற ஊடகவியலாளர் ராகுல் சமந்தா ஹெட்டியாராச்சி அவர்களை அச்சுறுத்தும் வகையில் ஏசி, அவரது கடமையினை   சுதந்திரமாக செய்யவிடாது இடையூறு செய்ததானது உரிமை மறுப்பு செயலாகும் என்று கருதும் சுதந்திர ஊடக இயக்கம், இதனுடன் தொடர்பு பட்ட நபர்களுக்கு எதிராக உடனடி சட்ட நடவடிக்கை எடுக்குமாறு சம்பந்தப்பட்ட அதிகாரிகளைக் கேட்டுக்கொள்கிறது.

ஊடகவியலாளர் ராகுல் சமந்தா இந்த சம்பவம் தொடர்பாக ஹம்மதோட்டை போலீஸ் தலைமையகத்தில் செய்துள்ள முறைப்பாட்டில்  (முறைப்பாட்டு இல. சி.ஐ.பி.(1) 392/228) “ஆளும் ஐக்கிய தேசிய கட்சியுடன் தொடர்புடையவர்கள் என்று கூறப்படும் சிலர் தம்மை தாக்குவதற்கு முற்பட்டனர் எனவும் தமது கடமையை செய்யவிடாது, அச்சுறுத்தும் வகையில்  இடையூறு விளைவித்தனர்” என்றும் குறிப்பிட்டுள்ளார். இதன்போது போலீஸார் “இதனை பெரிதுபடுத்தாமல் முடித்துக் கொள்ளுங்கள்” என்று கூறியதாக ராகுல் சமந்தா குறிப்பிட்டார்.

கறுப்பு ஜனவரி நினைவேந்தல் நிகழ்ச்சிகள் இடம்பெற்றுவரும் இச்சந்தர்ப்பத்தில், இந்த சம்பவம்  எமது அவதானத்தை வெகுவாக ஈர்த்துள்ளது. ஆகவே, இதனை உடனடியாக விசாரணை செய்யுமாறும்  அனைத்து ஊடகவியலாளர்களும் அவர்களது பணியினை தங்குதடையின்றி மேற்கொள்ள அவசியமான ஒத்துழைப்பை வழங்குமாறும் சுதந்திர ஊடக இயக்கம் அதிகாரிகளை கேட்டுக்கொள்கிறது.

சி.தொடாவத்த

ஏற்பாட்டாளர்

Featured

Conduct a proper investigation into the incident where Journalist Rahul Samantha Hettiarachchi was prevented from doing his duty – Free Media Movement

 

cropped-cropped-logo-final1.jpg

Journalist Rahul Samantha Hettiarachchi had gone to the salt production site at Hambantota on Jan 23, to cover and report a protest that was being held by the workers, where he had been intimidated and obstructed carrying out his duty by a group claimed to be supporters of the ruling United National Party. Free Media Movement considers this a serious violation of the right of the journalist and demands an immediate investigation into the incident and legal action against the perpetrators.

Journalist Rahul Samantha had lodged a complained at the Hambantota Police Headquarters about the incident (CIB complaint no. 392/228) mentioning that some, allegedly from ruling United National Party tried to attack and intimidate and that prevented him to do his duty.  “At the time of complaining the police told me not make this a big issue and to take it easy,” Rahul added.

Attention has been drawn to this incident at a time when “Black January” commemoration activities are taking place. Free Media Movement urges officials to immediately investigate the incident and to provide all the journalists with the necessary co-operation to ensure their work freely.

C.Dodawatta

Convener

24-January 2019

Featured

මාධ්‍යවේදී රාහුල් සමන්ත හෙට්ටිආරච්චිගේ වෘත්තීය කටයුතුවලට බාධා කිරිම ගැන විධිමත් පරීක්ෂණයක් අවශ්‍යයයි.-නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

cropped-cropped-logo-final1.jpg

මාධ්‍ය නිවේදනය.

2019 ජනවාරි 23 වැනිදා, හම්බන්තොට ලුණු ලේවායේ පැවති සේවක උද්ඝෝෂණයක් වාර්තා කරමින් සිටි මාධ්‍යවේදී රාහුල් සමන්ත හෙට්ටිආරච්චි මහතාට කිසියම් පිරිසක් විසින්  බැණ වදිමින් තර්ජනය කිරිමේ සිදුවිම මාධ්‍යවේදීන්ගේ වෘත්තීය කටයුතු නිදහසේ කරගෙන යෑමට ඇති අයිතිය  උල්ලංඝනය කිරිමක් ලෙස සලකන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, ඊට සම්බන්ධ  පුද්ගලයන්ට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙස  අදාළ සියලු බලධාරින්ගෙන් ඉල්ලා සිටි.

මාධ්‍යවේදී රාහුල් සමන්ත මහතා මෙම සිදුවීම සම්බන්ධයෙන්  සී. අයි. බී (1) 392/228  අංක  යටතේ හම්බන්තොට මූලස්ථාන පොලීසියට පැමිණිලි කර ඇති අතර, එහිදී සිදු ප්‍රකාශ කර ඇත්තේ “පාලක එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ බව කියන පිරිසක් තමාට පහර දෙන්නට උත්සාහ ගනිමින් හා තර්ජනය කරමින් රාජකාරියට බාධා කළ බවයි.” මෙහිදී පොලීසිය අදාළ සිද්ධිය “ගොඩින් බේරා ගන්නා” ලෙස තමන්ට ප්‍රකාශ කළ බවද, රාහුල් සමන්ත මහතා සදහන් කරයි.

කළු ජනවාරිය අනුස්මරණයන් අතරතුර සිදුවූ මෙම ක්‍රියාදාමය පිළිබඳ දැඩි අවධානයකින් පසුවන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය එම සිදුවීම සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනය කරන මෙන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින අතර, සියලු මාධ්‍යවේදීන්ට නිදහසේ හා බාධාවකින් තොරව සිය වෘත්තීය කටයුතු ඉටු කර ගැනීමට අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙසද, ඉල්ලා සිටියි.

 

කැවුම්කරු

සි.දොඩාවත්ත

 2019 ජනවාරි 24

Featured

අගමැති දිවුරුම් දීමේ අවස්ථාව ජන මාධ්‍යයට වාරණය කිරීම හෙළා දකිමු -නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදි සමාජවාදී ජනරජයේ අග්‍රමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේ දී දිවුරුම් දුන් අවස්ථාව ජනමාධ්‍යයට වාරණය කිරීම සම්බන්ධයෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය තම දැඩි විරෝධය පළ කරයි.
අග්‍රාමාත්‍යවරයෙකු දිවුරුම් දීම ප්‍රජාතන්ත්‍රවාදි සමාජයක ඉහළ ප්‍රවෘත්තිමය වටිනාකමකින් යුත් සිදුවිමක් වන අතර, ඒ පිළිබඳ තොරතුරු දැනගැනීම සමාජයේ සියලු පුරවැසියන් සතු අයිතියකි. එය මෙරට පමණක් නොව ජාත්‍යයන්තර ප්‍රජාවගේ ද අවධානයට යොමු වන පුවතකි. එසේ තිබියදි මෙම අවස්ථාව දෙස් විදෙස් ජනමාධ්‍යයට ද වාරණය කිරීම අප දකින්නේ ප්‍රජාව සතු තොරතුරු දැන ගැනීමේ අයිතියට එරෙහි විමේ පියවරක් ලෙසය.

එම පසුබිම යටතේ මෙම වාරණය මෙරට ජනමාධ්‍ය නිදහසට මෙන්ම තොරතුරු දැන ගැනිමේ අයිතියට ද එල්ල කළ බාධාවක් ලෙස සලකමින්, නිදහස් නිදහිස් මාධ්‍ය ව්‍යාපාරය මෙම පියවර දැඩිව හෙළා දකියි.

සී.දොඩාවත්ත
කැඳවුම්කරු

2018 දෙසැම්බර් 17

Featured

මානව හිමිකම් සැමරුමට ඇති සුදුසුම මඟ ප්‍රජාතන්ත්‍රවාදය දිනවීමයි. -නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

cropped-cropped-logo-final1.jpg

මාධ්‍ය නිවේදනය

2018.දෙසැම්බර්.10 (2018 දෙසැම්බර් 10 ජගත් මානව හිමිකම් දිනය නිමිත්තෙනි)

ජගත් මානව හිමිකම් ප්‍රකාශනයට හැත්තෑ වසරක් සපිරෙන මේ මොහොතේ ශ්‍රී ලංකාව මානව හිමිකම් හා ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් තියුණු අභියෝගයකට මුහුණ දී සිටින බව තේරුම් ගෙන, එම අභියෝග ජය ගැනීමට සමස්ත සමාජයේම අවධානය යොමු විය යුතුව ඇති බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විශ්වාස කරයි.

ගෙවි ගිය හැත්තෑ වසර තුළ, මානව හිමිකම් ආරක්ෂා කොට පෝෂණය කිරීම පිණිස ජාතික වශයෙන් මෙන්ම ජාත්‍යයන්තරව ද තබනු ලැබු සෑම පියවරක් දෙසම ආපසු හැරී බැලීමටත්, අනාගතය වඩා යහපත් කර ගැනීම සඳහා සුදානම් වීමටත් යොදා ගත යුතු දිනයක් ලෙස නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මෙම දිනය සලකයි.

මෙතෙක් ලබා ගෙන ඇති ජයග්‍රහණ තහවුරු කර ගනිමින් නව අරමුණු කරා යොමු විය යුතු අවස්ථාවක, ශ්‍රී ලංකික සමාජය තුළ මෙතෙක් ලබා ඇති ජයග්‍රහණ පවා අවදානමට ලක් ව තිබීම අවාසනාවත්ත තත්ත්වයකි.

පවතින තත්ත්වය බැලු බැල්මට ව්‍යවස්ථාමය අර්බුදයක් ලෙස පෙනෙන්නට ඇති නමුත්, මේ වන විට එම අර්බුදය ඉන් ඕබබට පැතිර ගොස් තිබේ. සමාජ දේශපාලන හා ආර්ථික යන සියලු ක්ෂේත්‍ර  වෙත මෙම අර්බුදය පැතිර ගොස් ඇති අතර වඩා දරුණු ලෙස බලපා ඇත්තේ මෙරට ප්‍රජාතන්ත්‍රවාදි සංස්කෘතිය කෙරෙහිය.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වැනි මෙරට මාධ්‍ය නිදහස මෙන්ම මානව අයිතිවාසිකම් හා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කටයුතු කරන සංවිධානයක දෘෂ්ටිකෝණයෙන් බලන විට අද රට ඉදිරියේ ඇත්තේ බරපතල අවදානමක් බව කිව යුතුය.

එවැනි පසුබිමක් තුළ අද දවසේ මෙරට මාධ්‍ය නිදහස ඇතුළු මානව හිමිකම් සංස්කෘතිය මුහුණ දී සිටින අභියෝග ජය ගෙන වඩා යහපත් අනාගතයක් ගොඩ නැගීමට දායක වීම මානව හිමිකම් ප්‍රකාශනයේ හැත්තෑවන සංවත්සරය අනුස්මරණය කිරීමට ඇති සුදුසුම මඟ බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය කියා සිටියි.

සි.දොඩාවත්ත                                                          

කැඳවුම්කරු                                                            

 

 

Featured

A path to Celebrate Human Rights Day is by Winning the Democracy – Free Media Movement

cropped-cropped-logo-final1.jpg

(The Universal Human Rights Day Dec 10)

Media Release  December 10

The Free Media Movement believes it is vital the whole society joins together to focus on overcoming the challenges that are faced in Sri Lanka on Human Rights and in Democracy in this 70th Anniversary to commemorate the day on which, adopted of the Universal Declaration of Human Rights.

Free Media Movement considers it is a day to reflect look back at every step that has been made nationally and internationally for the purpose of protecting and nourishing human rights and to continue to do so for a better future. Assuring upon the current achievements it is necessary to go forward in seeking newer achievements, yet it is unfortunate to observe these achievements by the Sri Lankan society are currently at stake.

The current situation prevailing seems to be a constitutional crisis at the forefront yet it’s a situation beyond it. This crisis has spread to all sectors of the social, political and economic sectors and has seriously affected the democratic culture of this country.

Currently the Free Media Movement along with Human Rights and Democratic organizations’ point of view we feel the country is being at a critical juncture at this present situation.

In this ground situation, the Free Media Movement commemorates the Universal Declaration of the 70th Anniversary of the Human Rights Day in the hope of building of a better future that will overcome the challenges faced in the culture of Human Rights and Media Freedom.

C. Dodawatta

Convener

Featured

අධිකරණ කටයුතු වාර්තාකරණයේ නියලුන මාධ්‍යවේදීන් ට සිදු කළ පහරදීම හෙළා දකිමු. – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

cropped-cropped-logo-final1.jpg

මාධ්‍ය නිවේදනය

2018 නොවැ 28

තරුණයන් 11 දෙනෙකු අතුරුදහන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම පිණිස ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි රවීන්ද්‍ර ගුණරත්න මහතා, අධිකරණය මගින් කල නියෝගයට අනුව අද කොළඔ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණි අවස්ථාව ආවරණය කරමින් සිටි මාධ්‍යවේදීන්ට ඔහුගේ ආරක්ෂකයින් විසින් සිදුකරන ලද පහර දීම නිදහස් මාධ්‍ය ව්‍යාපාරය දැඩිව හෙළා දකියි.

වර්තමාන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා , ශ්‍රී ලංකා නාවික හමුදාවේ අණ දෙන නිලධාරී වශයෙන් කටයුතු කළ අවධියේ එනම්, 2016 දෙසැම්බර් මස හම්බන්තොට වරාය  ඉදිරිපිට පැවති ජනතා විරෝධතාවක් වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීයකුට පහර දී තර්ජනය කිරීම සම්බන්ධයෙන්ද චෝදනාවට ලක්වූවෙකි. එම නඩු විභාගය සමථයකට පත් වුයේ අධිකරණය ඉදිරියේ සමාව ගැනීමෙනි.

මහජනතාවට තොරතුරු වාර්තාකරණයේ නියැලී සිටින මාධ්‍යවේදීන්ට බාධාවකින් තොරව එම කටයුතුවල නියැලීමට ඇති අයිතිය ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පැවැතිය යුතු මුලික අවශ්‍යතාවයකි.බලධාරීන්, එම ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් උල්ලංඝණය කිරීමෙන්   හා ඊට පරිසරය සැකසීමෙන් වැලකි සිටිය යුතු බව අපි දැඩිව අවධාරණය කරමු.

මෙම සිදුවීම සම්බන්ධයෙන් විශේෂ පරික්ෂණයක් සිදු කොට සැකකරුවන්ට එරෙහිව නිතීය ක්‍රියාත්මක කරමින්, වෘත්තීය මාධ්‍යවේදීන්ගේ ගරුත්වය හා ආරක්ෂාව සහතික කරන මෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සියළු වගකිව යුත්තන්ගෙන් ඉල්ලා සිටී.

 

කැවුම්කරු

සි.දොඩාවත්ත

Featured

CONDEMNING THE ASSAULT OF A JOURNALIST AT THE COURT PREMISES – Free Media Movement

cropped-cropped-logo-final1.jpg

A journalist was assaulted as he attempted to take a photograph at the Fort Magistrate court premises by the security personals of Chief of Defense Staff RavindraWijegunaratne who was appearing in the courts to make a statement regarding the abduction of the 11 youth. We at Free Media Movement strongly condemn this action and behavior against the Journalists.

During his term of Office in 2016, December the current Chief of the Defense who is also a commanding officer in the Sri Lankan Navy; was further convicted as he led an attack and threatened a journalist who was covering a Citizens protest at the Hambantota Port. The case was thus settled over a judiciary decision on requesting the convicted to apologize of his act.

In a democratic society it is vital to hold professional journalistic reporting which is a right without constraints to a journalist. The authorities should refrain from violating such democratic rights and enabling an environment for such criminal acts.

Free Media Movement urges all relevant authorities to conduct a special investigation and expedite a fair trial to protect the dignity and enhance the safety of professional journalists.

C.Dodawatta

Convener

 
Featured

The judicial inquiry into the crimes against media should be accelerated – Free Media Movement

cropped-cropped-logo-final1.jpg

The International Day to End Impunity for Crimes Against Journalists is November 2. This time it is observed in the absence of justice being meted out for crime against Sri Lankan journalists. In this background, the Free Media Movement expresses its deep concern and condemnation.

In a study conducted recently, since 2000 until 2015 there have been 30 incidents of violence against media: 12 murders, 02 disappearances, 03 abductions, 06 assaults, 02 instances of intimidations and 05 instances of either attacks or demolitions of media institutions. The pathetic situation is that the Sri Lankan government has still failed to punish any of these culprits by law.

After the change of the government in 2015, although actions were taken to inquire into some of these incidents they failed due to various influences, lack of interest of the police and the lethargy of the Attorney General, we observe.

Hence, the Free Media Movement, as an organization that has been voicing for the rights of the journalist and against crimes on them for nearly three decades, demands all relevant parties to bring those responsible for crimes against journalists and media organizations before justice and punish them. FMM also reiterates to ensure the independence of the media in Sri Lanka.

C.Dodawatta

Convener

2018-Nov-02

 
Featured

ජනමාධ්‍යයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරිම කඩිනම් කළ යුතුයි – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

cropped-cropped-logo-final1.jpg

නොවැම්බර් මස 02 දිනට යෙදෙන ජනමාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් දණ්ඩ මුක්තිය අහෝසි කිරීමේ ජාත්‍යන්තර දිනය මෙවරද උදාවන්නේ ශ්‍රීලංකාවේ ජනමාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටු නොවු පසුබිමක් තුළය.නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඒ පිළිබඳව සිය බලවත් කණගාටුව හා විරෝධය පළ කර සිටී.

දණ්ඩ මුක්තිය සම්බන්ධයෙන් 2000 වර්ෂයේ සිට 2015 වර්ෂය දක්වා කාල සීමාව තුළ සිදු වු සිදුවීම් 30 ක් ඇසුරෙන් අප කළ අධ්‍යයනයකට අනුව,ජනමාධ්‍යවේදීන් ඝාතන 12ක්ද ,අතුරුදහන් කිරීම් 02ක්ද, පැහැර ගෙන ගොස් පහර දීම් 3 ක්ද,පහර දීම්  6ක්ද,තර්ජනය කිරීම් 2ක්ද,මාධ්‍ය ආයතන වලට ප්‍රහාර එල්ල කිරීම් හෝ විනාශ කිරීම් 5ක්ද වේ. වඩාත් බරපතල තත්ත්වය වන්නේ මෙම කිසිදු සිදුවීමක චුදිතයන්ට අධිකරණය හරහා දඩුවම් පැමිණවීමට ශ්‍රීලංකා රජය තවමත් අසමත් වීමයි.2015 වර්ෂයේ සිදුවු ආණ්ඩු වෙනසත් සමඟ සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කිරීමට කටයුතු කෙරුණත් විවිධ බලපෑම්,පොලිසියේ සහ නීතිපතිවරයාගේ දුර්වල ක්‍රියාකාරිත්වය සහ ඒ පිළිබඳ සැබෑ උනන්දුවක් නොමැතිවීම ආදී විවිධ හේතු මත එම පරික්ෂණ ද අඩපණ වී ඇති බව අපගේ නිරීක්ෂණයයි.

එබැවින් ජනමාධ්‍යවේදීන්ට සහ ජනමාධ්‍යයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් වන චුදිතයන්ට අධිකරණය මගින් දඩුවම් ලබාදී යුක්තිය ඉටු කරන ලෙසත්,මාධ්‍ය නිදහස තහවුරු කරන ලෙසත්,ජනමාධ්‍යයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ හඩ නැගු සංවිධානයක් ලෙස නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වගකිව යුතු සියලු පාර්ශවයන් වෙත යළි අවධාරණය කර සිටී. 

 

සි.දොඩාවත්ත

කැඳවුම්කරු

 

Featured

රාජ්‍ය මාධ්‍යයට එරෙහි අනිසි බලපෑම් වහා පාලනය කළ යුතුයි. – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

cropped-cropped-logo-final1.jpg

ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක අතර  අගමැති ධුරය සම්බන්ධයෙන් මේ මොහොතේ ඇතිවී තිබෙන අරගලය හේතුවෙන් රාජ්‍ය මාධ්‍ය ආයතන සහ ඇතැම් මාධ්‍යවේදීන්  වෙත එල්ලවන  අහිතකර බලපෑම් පාලනය කිරීමට කඩිනමින් මැදිහත් වන ලෙස නිදහස් මාධ්‍ය  ව්‍යාපාරය සියලු වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටී.

අදාළ නොවන පුද්ගලයන් රාජ්‍ය මාධ්‍ය ආයතන වෙත ඇතුළු වීමේ අවස්ථා සහ එම ආයතන තුළ සේවයෙහි නිරත මාධ්‍යවේදීන්ට අයථා බලපෑම් එල්ල කිරීමේ  අවස්ථා කිහිපයක් මේ වනවිට වාර්තා වී තිබේ. එබඳු බලපෑම් ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය නිදහසට මෙන්ම සමාජයෙහි ප්‍රජාතන්ත්‍රවාදයේ යහ පැවැත්මටද අනතුරක් ලෙස නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සලකයි.

පසුගිය යුගය තුළ දේශපාලන අසාධාරණයන්ට  ගොදුරුවූවන් සිටී නම් සිදුවිය යුත්තේ විධිමත් ලෙස  කරන සොයා බැලීමකින් ඔවුන්ට සාධාරණය ඉටු කිරීමය.  එසේ නොමැතිව  සිදුවෙමින් තිබෙන වෙනස්කම් හමුවේ තවත් කිසිවෙකුට එවැනි අසාධාරණයක් සිදු නොකිරීමට වගබලාගන්නා ලෙසද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වගකිවයුතු අංශ වෙතින් ඉල්ලා සිටියි.

 

කැවුම්කරු

සි දොඩාවත්ත 

2018/10/29

 

Featured

Free Media Movement of Sri Lanka condemns the assassination of journalist Khashoggi inside Saudi Consulate in Turkey

cropped-cropped-logo-final1.jpg

Journalist Jamal Khashoggi, a strong critic of Saudi Crown Prince Mohammed bin Salman, went missing on October 2 after entering the Saudi Consulate in Istanbul, Turkey, to obtain documents needed for his upcoming marriage.

Despite Turkish authorities claims of having evidence of his brutal killing inside the consulate, the Saudi government for weeks denied and claimed he had left the Consulate. It is only recently that the government of Saudi Arabia has confirmed that Khashoggi was killed inside the consulate. However, the Saudi government’s version that a fistfight led to the killing of Khashoggi is not credible at all.

Khashoggi was the former editor-in-chief of the Saudi newspaper Al-Watan, Khashoggi and had been a Columnist for the Washington Post. He had been living in exile in the United States of America since September 2017. He had criticized politically motivated arrests and was one of the first to report the arrest of another prominent Saudi columnist Saleh al-Shehi earlier this year.

We demand those responsible for his murder be held accountable, and given the circumstances, feel only an international investigation can lead to truth. The Saudi government should extend its fullest cooperation towards international efforts to investigate the murder. We also demand the Saudi Arabian government to release journalists and activists in detention and stop the repression of dissent. We call on the Sri Lankan government to condemn Khashoggi’s killing and repression of Saudi journalists and dissidents and raise these issues with the Saudi government.

We extend our deepest condolences to Khashoggi’s fiancée and family members.

Dodawatte                                                                                      Dileesha Abeysundara

Convener                                                                                           Secretary

 

 

Featured

මාධ්‍යවේදී ජමාල් කිෂිගෝගී තුර්කියේ ඉස්තාන්බූල් හි පිහිටි සෞදි අරාබි තානාපති කාර්යාලය තුලදී කුරිරු ලෙස ඝාතනය කිරීම නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හෙළා දකියි.

cropped-cropped-logo-final1.jpg

සෞදි අරාබි රාජ්‍යයේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු ගේ ප්‍රබල විවේචකයෙකු වු  මාධ්‍යවේදී කිෂිගෝගී නොබෝ දිනකින් සිදුවීමට නියමිතව තිබු සිය විවාහය පිණිස අවශ්‍ය ලියවිලි කිහිපයක් ලබා ගැනීමට පසුගිය ඔක්තෝබර් 02 දින ඉස්තාන්බූල් හි පිහිටි සෞදි තානාපති කාර්යාලයට ඇතුල් වුයේය. එහිදි  සෞදි හි සිට පැමිණි ඝාතකයින් කණ්ඩායමක් විසින් ඔහු අංග ඡේදනය කොට ඝාතනය කළ බවට වාර්තා වු අතර, පසුගිය සති කිහිපය තුලම සෞදි රාජ්‍ය කිෂිගෝගි එම තානාපති  කාර්යාලයේ පිටුපස දොරින් පිටව ගිය බව ප්‍රකාශ කරමින් ඔහුගේ අතුරුදහන් වීම පිළිබඳ චෝදනා ප්‍රතික්ෂේප කරමින් සිටියේය. නමුත් අවසානයේ දි සෞදි රාජ්‍ය වෙත එල්ල වු ප්‍රබල ජාත්‍යයන්තර විරෝධය හමුවේ සිය තානාපති කාර්යාලය තුල සිදුවු ගුටි බැට හුවමාරුවකදි ජමාල් කිෂිගෝගි  මිය ගිය බව පිළි ගෙන තිබේ. එහෙත් මේ මොහොත වනතුරුත් ඔහුගේ සිරුරට සිදු  වුයේ කුමක්දැයි හෙළිදරව් කර  නොමැත.

සෞදි රාජ්‍ය විසින් ප්‍රශ්න ගණනාවකට පිලිතුරු නොදි කරන පැහැදිලි කිරීම විශ්වසනීයත්වයෙන් තොරය.

මෙම සිද්ධිය පිලිබඳව වහාම ස්වාධීන ජාත්‍යයන්තර ආයතනයක් විසින් පුළුල් පරික්ෂණයක්   පවත්වා සත්‍ය හෙළිදරව් කර ගත යුතු බවත්, ඝාතනය සම්බන්ධයෙන් වගකිව යුතු  සියලු දෙනාම නිතීය ඉදිරියට ගෙන ඒමට ක්‍රියා කළ යුතු  බවත් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මේ සම්බන්ධයෙන් උනන්දුවන ජගත් ප්‍රජාව ගෙන් ඉල්ලා සිටියි.

 

 

 

කැවුම්කරු                                                                                                    දිලීෂා අබේසුන්දර                                                                                                                                                                                              

සි.දොඩාවත්ත                                                                                                  ලේකම්

Featured

accusations aimed at the ‘The Hindu’ Colombo correspondent are threatening media freedom.

cropped-logo-final

The allegations against the Hindu correspondent Meera Srinivasan by the government and its supporters regarding her reportage about a statement made at the cabinet meeting go beyond the right of reply and have become a threat violating the media freedom and freedom of expression, the Free Media Movement observes.

The Hindu newspaper has published a news report, under the by-line Meera Srinivasan, as President Maithripala Sirisena at a cabinet meeting had made a statement that RAW is engaged in activities to assassinate him. This news was denied by the President’s side. At the same time, the Hindu newspaper has maintained that this news was confirmed by four ministers. In the meantime, while addressing a meeting, the General Secretary of the United People’s Freedom Alliance (UPFA) Mahinda Amaraweera, said four ministers are having the connection with the RAW through this correspondent and providing information.

Free Media Movement feels that this baseless allegation against a Colombo based foreign correspondent is an act of bullying and draw the attention of all concerned to respect the right of a journalist to conceal the source of information. This matter being so important for the safety, especially of foreign correspondents, the Free Media Movement requests all parties to act more responsibly.

 

 

 

 

 

  1. Dodawatte Dileesha Abeysundara

Convener                                                                                           Secretary

 

 

Featured

හින්දු පුවත්පතේ කොළඹ වාර්තාකාරිණියට විවිධ චෝදනා නැගීම මාධ්‍ය නිදහසට තර්ජනයකි-

cropped-cropped-logo-final1.jpg

ද හින්දු පුවත්පතේ කොළඹ වාර්තාකාරිණිය වන මීරා සිරිනිවාසන්ගේ කැබිනට් සාකච්ඡාව වාර්තාකරණයට අදාළව ආණ්ඩුව සහ ආණ්ඩු හිතවාදීන් එල්ලකරණ චෝදනා පිළිතුරුදීමේ අයිතියෙන් ඔබ්බට ගොස්   අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය හා මාධ්‍ය නිදහසට කරන බලපෑමක්  දක්වා වර්ධනයවී ඇතිබව   නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ නිරීක්ෂණයයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කැබිනට් මණ්ඩල රැස්වීමකදී තමා ඝාතනය කිරීමට ඉන්දීය රෝ ඔත්තු සේවය කටයුතු කරන බවට  ප්‍රකාශ කළේ යැයි මීරා සිරිනිවාසන්ගේ නමින් හින්දු පුවත්පතේ ප්‍රවෘත්තියක් පළවූ අතර එය ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් ප්‍රතික්ෂේප කර තිබේ. කෙසේවෙතත් හින්දු පුවත්පත ඇමතිවරුන් සිවිදෙනෙකුම මෙම පුවත තහවුරු කළ බවට වන ස්ථාවරයක සිටියි.මේ අතරතුර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර ජනහමුවක් අමතමින් ප්‍රකාශ කර ඇත්තේ ඇමතිවරු සිවි දෙනෙක් හින්දු පුවත්පතේ මාධ්‍යවේදිනිය හරහා රෝ සංවිධානය සමග සබදකම් පවත්වමින් තොරතුරු ලබාදෙන බවයි.

මෙය මාධ්‍යවේදීන්ට, විශේෂයෙන්, හින්දු පුවත්පතේ කොළඔ වාර්තාකාරිණියට  පදනමි විරහිත චෝදනා නගමින් බලපෑම් කිරීමක් වන ලෙස හදුනාගන්නා  නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඇයට සිය මූලාශ්‍ර හෙළිනොකිරීමට  ඇති අයිතිය පිළිගත යුතු බව වැඩිදුරටත්  අවධාරණය කර සිටියි.මෙම සිදුවීම ජනමාධ්‍යවේදීන්ගේ විශේෂයෙන් මෙරට සිටින, විදෙස් මාධ්‍ය වෙනුවෙන් වාර්තාකරණයේ නියැලෙන වාර්තාකරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ සංවේදී  කරුණක් ද වන හෙයින් මේ පිළිබඳ වඩාත් වගකීම් සහගතව කටයුතු කරන ලෙසටද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය අදාළ සියලු පාර්ශවවලින් ඉල්ලා සිටියි.

 

කැවුම්කරු                                                                                                   දිලීෂා අබේසුන්දර                                                                                                                                                                                              

සි.දොඩාවත්ත                                                                                                  ලේකම්

 

                                                                                                                      

Featured

Political meddling in artists’ works causes issues – Free Media Movement

cropped-cropped-logo-final1.jpg

2018-August-27

Media Release

FMM wishes to point out that the State’s intervention as regards the recent criticism leveled against many cultural plays and dramas has been done without any knowledge of their contents nor an evaluation. FMM calls upon the relevant parties to refrain from such criticism.
There seems to be political meddling as regards the novel, “Buduge Rasthiaduwa”, the stage play, “Mama Kelin Minihek”, as well as Malaka Dewapriya’s radio teledramas.
Although “Mama Kelin Minihek” had been passed by the Censor Board, subsequent political meddling to ban such works has had a severe impact on the artists concerned.
Also, it is believed, censorship takes place due to pressures exerted by extremist religious groups.
FMM is of the view that artists should not be influenced by such religious beliefs and extremist religious leaders, and there should be no political meddling in the artists’ freedom of expression.
It is the State’s primary responsibility to ensure that there is religious freedom in a democratic society. However it is regrettable that the State has not acted in a manner to safeguard such freedom.
Meanwhile, the Minister of Higher Education and Cultural Affairs, Wijayadasa Rajapakshe has ordered the IGP to file charges and take action against the author and publisher of the novel “Buduge Rasthiyaduwa” under sections 290, 290A, 291A and 291B of the Penal Code.
If a country is of the view that its artists should be disciplined by subjecting them to such criminal charges, it is indeed something most regrettable. We believe such issues should be solved with a more moderate mediation.

 

 

 

 

 

C. Dodawatta Dileeshaa Abesundara
Convener Secretary

 

Featured

ජන මාධ්‍යයට එරෙහි පාතාල හා දේශපාලන තර්ජන හෙළා දකිමු -නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

 

cropped-cropped-logo-final1.jpg

නමගිය අපරාධකරුවන් ලෙස සැලකෙන පුද්ගලයන් සහ දේශපාලන බලවතුන් අතර ඇති සබඳතා හෙළිකරමින් නෙත් එෆ්. එම්. මාධ්‍ය ඔස්සේ පළවූ පුවතක් ගලවා ඉවත් කරන ලෙස පවසමින් තිරසර සංවර්ධන, වන ජිවි සහ ප්‍රාදේශිය සංවර්ධන අමාත්‍ය ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා කර ඇති තර්ජනාත්මක මැදිහත්වීම තම වෘත්තීය කටයුතු නිදහසේ කරගෙන යාම සඳහා මාධ්‍ය ආයතනයක් සතු අයිතියට කරන ලද අයුතු බලපෑමක් ලෙස සලකානිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඒ බලපෑම් තරයේ හෙළාදකී.

අපරාධකරුවන් ලෙස සැලකෙන පුද්ගලයන් පිළිබඳ තොරතුරු  සඳහන් වුවත්නෙත් එෆ්. එම්. හි පළවු මෙම පුවතෙහි අමාත්‍යවරයෙකුගේ නමක් සඳහන්ව නොතිබියදී මෙවැනි මැදිහත්වීමක් සිදුවීම විශේෂ තත්ත්වයක් ලෙස සැලකීමට සිදුවේ.

පුවත පළවීමෙන් පසු සෘජුවම  ආයතනයෙහි ප‍්‍රවෘත්ති කළමනාකරු වන හේමන්ත කහවලගේ මහතා අමතමින් අමාත්‍යවරයා මෙම පුවත ගලවා ඉවත්කර ගන්නා ලෙස පවසා ඇත. ඊට ප‍්‍රතිචාර දක්වමින් ප‍්‍රවෘත්ති කළමනාකරු පුවතෙහි නිවැරදි කළයුතු යමක් තිබේනම් ඒ පිළිබඳ ප‍්‍රකාශයක් ලබාදෙන ලෙස ඉල්ලූ විට අමාත්‍යවරයා එම අවස්ථාවද ප‍්‍රතික්ෂේප කරමින් පවසා ඇත්තේ ”හැප්පිලා බලමු”යනුවෙනි. අපරාධකරුවන් ලෙස  පුවතෙහි නම් සඳහන්  අයගෙන් සමාව ගන්නා ලෙසද අමාත්‍යවරයා  මෙහිදී මාධ්‍යවේදියාට පවසා ඇත. හේමන්ත මහතා පවසන පරිදි මීට අදාළව වෙනත් මුද්‍රිත මාධ්‍යයක පළවූ පුවතක් පිළිබඳවද අමාත්‍යවරයා මෙහිදී එවැනිම තර්ජනාත්මක ස්වරයකින් අදහස් පළකර තිබේ.

ඒ හැරුණුවිට අමාත්‍යවරයා මෙම මාධ්‍යවේදීන්ට එරෙහිව කරන ලද වෙනත් චෝදනා, ප්‍රසිද්ධ මාධ්‍යයන්හි පළකර ඇති අතර, එම චෝදනා පදනම් විරහිත බව නෙත් එෆ්.එම්. ආයතනය කරුණු සහිතව පවසයි.මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන්තමන්වෙත එල්ලවන චෝදනා කෙරෙහි අවධානය යොමුකොට නිවැරදිවීම එහී මාධ්‍ය ආයතන සතු වඟකීමකි.

එසේමකිසියම් ප‍්‍රවෘත්තියක සාවද්‍ය තොරතුරු ඇතුලත්ව තිබේනම් එය නිවැරදි කරගැනීමට ප‍්‍රතිචාර දැක්වීමේ අයිතියක්  ඕනෑම පුරවැසියෙකුට තිබේ.එසේ තිබියදීඑම අවස්ථාව ප‍්‍රතික්ෂේප කොට මාධ්‍යවේදීන්ට පදනම් විරහිත චෝදනා කිරීම සහ තර්ජනය කිරීම මෙරට මාධ්‍ය නිදහසට මෙන්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ද එල්ල කරන ප‍්‍රබල අනතුරක් ලෙස නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සලකයි.

එසේම මෙම පුවතට දේශපාලන බලවතුන් හැරුණු විට අපරාධකරුවන් ලෙස සැලකෙන පුද්ගලයන්ද සම්බන්ධව ඇති බැවින් තර්ජනයට ලක්වී ඇති මෙම මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව පිළිබඳ අවධානය යොමු කරමින් අවශ්‍ය පියවර ගන්නා ලෙස සියලූ වගකිවයුතු අංශවලින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඉල්ලා සිටී.

සි.දොඩාවත්ත                                                          දිලිෂා අබේසුන්දර

කැඳවුම්කරු                                                              ලේකම්

Featured

Police Intimidation to the parties who provided information to the “Balumgala” program of “Neth FM”

cropped-cropped-logo-final1.jpg

2018 July 05

Media Release

It is reported to Free Media Movement (FMM), after “Neth FM” broadcasting a program over Balumgala, on an incident regarding Deputy Minister Palitha Theverapperuma, the Kollupitiya Police has taken action against those parties who provided information for the program. According to “Neth FM” the Deputy Minister has inquired them about those parties who provided information for the program, but they have not released the sources of information according to media ethics.

According to the above radio channel, however, the Kollupitiya Police has obtained information about telephone calls received by “Neth FM” from its listeners, and those listeners have been asked to report to the police station. FMM  observes, obtaining such information is questionable. It also notes that the action taken by the police is against media ethics and legal procedures.

The FMM believes that this incident is against the right to protect the sources who provided information to a media organization. The most important fact is questioning a media organization its right to express views and thereby affecting the citizens’ statutory right to speech and publication.

If there is a different opinion or a view to a media information, using the right to reply and respond to it, in media, is the appropriate action. As such FMM believes this incident can be described as obstructing the media freedom and limiting citizen’s right to express its views. FMM requests all those who are responsible, to conduct a complete inquiry with respect to the above incident.

 

C Dodawatta

Convener

Dilisha Abesundara

Secretary

 

Featured

නෙත් එෆ්. එම් බැලුම්ගල වැඩසටහනට තොරතුරු දුන් පාර්ශවවලට පොලීස් බලපෑම් එල්ලවීම.

cropped-cropped-logo-final1.jpg

05-07-2018                             මාධ්‍ය නිවේදනය.

පාලිත තෙවරප්පෙරුම නියෝජ්‍ය අමාත්‍යවරයා සම්බන්ධ සිද්ධියක් පිළිබඳව නෙත් එෆ්.එම් ගුවන්විදුලියේ බැලුම්ගල වැඩසටහනෙන් ප්‍රචාරය කිරීමෙන් අනතුරුව එම වැඩසටහනට තොරතුරු ලබා දුන් පාර්ශවකරුවන් වෙත කොල්ලුපිටිය පොලීසිය බලපෑම් එල්ල කරන බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයට වාර්තා වී තිබේ.   නෙත් එෆ්.එම් සඳහන් කරන පරිදි අදාල වැඩසටහනට තොරතුරු ලබා දුන් අය පිළිබඳව අමාත්‍යවරයා එම ආයතනයෙන් තොරතුරු විමසා ඇති අතර මූලාශ්‍ර හෙලි නොකිරීමේ පදනම මත ඒවා ලබා දී නැත.

ඉන්පසු කිසියම් ආකාරයකින් කොල්ලුපිටිය පොලිසිය නෙත් එෆ් එම් දුරකථන ඇමතුම් ලබා දුන් ශ්‍රාවකයින්  ගණනාවකගේ දුරකථන ඇමතුම් විස්තර ලබා ගෙන ඒ අනුව එම ශ්‍රාවකයින් පොලිසියට කැදවා ඇති බව නෙත් එෆ් එම් කියයි. එම දුරකථන ඇමතුම් විස්තර ලබා ගත් ආකාරය ගැටළුකාරී බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ නිරික්ෂණයයි. මෙහිදී පොලිසිය ක්‍රියාකර ඇති ආකාරය පිළිබදව ජනමාධ්‍ය ආචාර ධර්ම වලට මෙන්ම නිතීමය ක්‍රියාපටිපාටියට ද පටහැනි බව පෙනේ.

මෙම සිදුවීම සිය මූලාශ්‍ර ආරක්ෂා කරගැනීමට මාධ්‍ය ආයතනයක් සතු අයිතිය උල්ලංඝනය කළ අවස්ථාවක් ලෙස නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සළකයි. වඩාත් බරපතල කාරණය වන්නේ ජනමාධ්‍යයකට අදහස් ප්‍රකාශ කිරීම ප්‍රශ්න කිරීම තුළින් පුරවැසියා සතු භාෂණයේ සහ ප්‍රකාශනයේ ව්‍යවස්ථාපිත අයිතියට බලපෑම් කිරීමයි.

කිසියම් මාධ්‍ය අන්තර්ගතයකට ප්‍රතිවිරුද්ධ අදහසක් හෝ මත දැක්වීමක් ඇතිනම් කළ යුත්තේ පිළිතුරු දීමේ අයිතිය භාවිතා කිරීමෙන් ඒ සඳහා ප්‍රතිචාර දැක්වීමයි. එසේ තිබියදී බලපෑම් එල්ල කිරීම කිසිසේත්ම සිදුනොවිය යුත්තක් සේ දකින නිදහස් මාධ්‍ය ව්‍යාපාරය  සළකන්නේ මෙම සිදුවීම මාධ්‍ය නිදහස හා අදහස් දැක්වීමේ පුරවැසි අයිතිය සීමා කිරීමේ අවස්ථාවක් ලෙසටයි. එබැවින් මෙම සිදුවිම  පිළිබද පුළුල් පරික්ෂණයක් පවත්වන ලෙසට නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වගකිව යුතු සියළු පාර්ශව වලින් ඉල්ලා සිටියි.

සී.දොඩාවත්ත                                                                              

දීලීෂා අබේසුන්දර

ලේකම්

කැඳවුම්කරු

 

                                                                     

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Featured

Criminal defamation repeal – Sri Lankan media’s vigil

Criminal defamation repeal – Sri Lankan media’s vigil

Despite brutally repressed by the government, the unity forged by Sri Lankan media to get criminal defamation repealed by its Parliament provides a lot of lessons to learn for Indian media

Among other things, this article discusses the role played Free Media Movement to get the criminal defamation repealed by Sri Lanka Parliament.

By Vishal Kumar Gupta- Tidings Central Published in 2017 Sep 21

 

Security forces obstruct media coverage in Kandy – Free Media Movement

cropped-logo-final

July 25th, 2019

Media Release

Security forces obstruct media coverage in Kandy – Free Media Movement

The Free Media Movement vehemently condemn blocking a journalist from performing his duty during the media coverage over the Sri Lanka Air Force Commander’s visit to the chief incumbent of the Asgiriya prelate in Kandy, on July 21 (Sunday).

Journalist M.N. Aminullah, a staff journalist from Lake House, faced this obstruction by security personnel at the event.

Accordingly, Mr Aminullah attended the media coverage on an invitation from the Sri Lanka Air Force that had been forwarded to media institutes requesting coverage for the Air Force Commander’s visit. When being obstructed during the coverage, Mr Aminullah has shown his media accreditation official identity cards to the security personnel and has explained to them that he arrived at the premises on official duty as assigned by his institute. Yet the security personnel have totally ignored his remarks.

According to information gathered, the security team of the chief incumbent of the Asgiriya chapter is formed by officers attached to the Ministerial Security Division (MSD) and Sri Lanka Police in Kandy.

Journalist Aminullah was obstructed from carrying out his job by the security officials without proper explanation. Free Media Movement strongly believes that the journalist was discriminated in this incident in addition to the violation of the journalist’s right to carry out his job.

We, the Free Media Movement, wish to emphasize that it is especially the responsibility of the relevant authorities to ensure a conducive environment for journalists to conduct their profession freely, without obstruction, irrespective of their social status or ethnicity.

 

C.Dodawatta

Convener

Lasantha De Silva

Secretary

 

ஐ.சி.சி.பி.ஆர் சட்டத்தை பயன்படுத்தி ஊடகவியலாளர்களை அடக்குவதற்கான முயற்சிகளை கண்டிப்போம் – சுதந்திர ஊடக இயக்கம்

16 ஜூன் 2019

ஊடக அறிக்கை

 

ஐ.சி.சி.பி.ஆர் சட்டத்தை பயன்படுத்தி ஊடகவியலாளர்களை அடக்குவதற்கான முயற்சிகளை கண்டிப்போம் – சுதந்திர ஊடக இயக்கம்

பத்திரிகையாளர் குசல் பெரேரா மீது டெய்லி மிரர் பத்திரிகைக்கு எழுதிய கடிதமொன்றை அடிப்படையாக வைத்து 2007 ஆம் ஆண்டின் ஐ.சி.சி.பி.ஆர் (சிவில் மற்றும் அரசியல் உரிமைகள் சட்டம்) விதிகள் 57 பிரிவின் கீழ் சட்ட நடவடிக்கை எடுக்கப்பட்டுள்ளதை வன்மையாக கண்டிக்கும் சுதந்திர ஊடக இயக்கம் நியாயமற்ற முறையில் சட்டத்தைப் பயன்படுத்துவதைத் தவிர்க்குமாறு பொறுப்புள்ள அனைவரையும் கேட்டுக்கொள்கிறது.

சிங்கள மற்றும் ஆங்கில மொழிகளில் நீண்டகாலமாக எழுதிவரும் குசல் பெரேரா நியாயமான மற்றும் பக்கச்சார்பற்ற பத்திரிகையாளராக உள்நாட்டிலும் சர்வதேச அளவிலும் அங்கீகரிக்கப்பட்டுள்ள ஒருவராகும்.

மே மாதம் 17ம் திகதி, டெய்லி மிரர் பத்திரிகையில்  “From Islamic Terrorism to marauding Sinhala  Buddhist violence” (இஸ்லாமிய பயங்கரவாதத்திலிருந்து கொள்ளையடிக்கும் சிங்கள பௌத்த வன்முறை வரை) என்ற தலைப்பில் அவரது வாராந்திர கட்டுரை பிரசுரமானதை தொடர்ந்து,  குற்றத்தடுப்பு  பொலிசார் அது தொடர்பாக ஐ.சி.சி.பி.ஆர் சட்டத்தின் கீழ் நடவடிக்கை எடுக்குமாறு கொழும்பு நீதவான் நீதிமன்றத்தில் தெரிவித்துள்ளது.

இதை தொடர்ந்து கடந்த 14ம் திகதி வெள்ளிக்கிழமை கட்டுரை வெளியிட்ட டெய்லி மிரர் பத்திரிகை அதிகாரிகளிடமிருந்து ஒரு அறிக்கையை பதிவு செய்ய போலீசார் முயற்சி செய்துள்ளனர். ‘டெய்லி மிரர்’ பத்திரிகை அதிகாரியிடம் இருந்து அவ்வாறான ஓர் அறிக்கையை அவர்களால் பெற்றுக்கொள்ள முடியாது போயுள்ளது. எனினும் குறிப்பிட்ட அந்த செய்தியை திருத்துவதற்காக தாம் மீண்டும் வருவோம் என்று போலீசார் கூறியுள்ளனர் என்று தெரிகிறது. அதேநேரம், குசல் பெரேராவிடம் ஓர் அறிக்கையை பெற்றுக்கொள்ள வேண்டும் என்று கூறி அவரது முகவரி மற்றும் தொலைபேசி எண்களையும் போலீசார் பெற்றுள்ளனர்.

பொலிஸாரின் இந்த செயல் கருத்து சுதந்திரம் மற்றும் ஊடக சுதந்திரம் ஆகியவற்றுக்கு விடுக்கப்படும் சவாலாகும்,  குறிப்பாக பிரபலமான பத்திரிகை ஒன்றில் பிரசுரமான கட்டுரை ஒன்று தொடர்பாக யாரோ ஒருவரின் புகாரின் அடிப்படையில் ஒரு புகழ்பெற்ற ஊடகவியலாளரை, பிணையில் கூட விடுவிக்க முடியாத படி,  ஐ.சி.சி.பி.ஆர் சட்டத்தின் கீழ் வழக்கு பதிவது ஒரு பயங்கரமான முன்னுதாரணமாகும் என்று சுதந்திர ஊடக இயக்கம் சுட்டிக்காட்ட விரும்புகிறது.

இந்த சூழ்நிலையைத் தடுக்க தலையிடுமாறு சம்பந்தப்பட்ட அனைவரையும் கேட்டுக்கொள்ளும் அதேவேளை ஊடக சுதந்திரத்தையும் கருத்துச் சுதந்திரத்தையும் பாதுகாக்க இதுபோன்ற முயற்சிகளைத் தோற்கடிக்க முன்வருமாறு மனித உரிமைகளை மதிக்கும் அனைத்து தரப்பினரையும் சுதந்திர ஊடக இயக்கம் கேட்டுக்கொள்கிறது.

விரஞ்சன ஹேரத்

ஒருங்கிணைப்பாளர்

 

We condemn the attempts to suppress journalists and media using the ICCPR Act – Free Media Movement

2019 June 16.

Media Release

The Free Media Movement strongly condemns the attempts to pursue legal action under the provisions of the INTERNATIONAL COVENANT ON CIVIL AND POLITICAL RIGHTS (ICCPR) ACT No 56. of 2007  and urges all responsible stakeholders to draw their attention to avoid using the law unfairly.

Kusal Perera has been engaged in journalism for a long time in both the Sinhala and English media and has been recognized as a socially responsible professional journalist both locally and internationally. The Organized Crime Division has reported to the Colombo Magistrate Courts regarding action to be taken against him based on the ICCPR Act about the article in the Daily Mirror “From Islamic terrorism to marauding Sinhala Buddhist violence” written by him in his weekly column to the Daily Mirror on 17th May 2019. On Friday the June 14th police officers attempted to record a statement from the editors of the Daily Mirror newspaper that published the article.  The police who were unable to record the statement from the editors of the Daily Mirror newspaper on that day due a technical error has reported that they will rectify the error and come back to record the statement. The Police have stated that they will also proceed to record a statement from Kusal Perera and have obtained his address and contact number.

The Free media Movement points out that this effort by the Police is a serious threat to the freedom of expression and media and the pursuance of legal action under the ICCPR Act which includes provision to disallow bail, based on a complaint of an individual regarding the article published by a veteran journalist in a recognized print media, is a dangerous precedent.

The Free Media Movement urges all relevant stakeholders to intervene in averting this situation and for everyone who respects human rights to come forward to defeat such actions against the Freedom of expression and media freedoms.

 

Viranjana Herath

Convener

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සජීවී විකාශය අත්හිටුවීම මහජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය උදුරා ගැනීමක්- නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

cropped-logo-final

2019 ජුනි 03

මාධ්‍ය නිවේදනය

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සජීවී විකාශය අත්හිටුවීම මහජනතාවගේ

තොරතුරු දැනගැනීමේ අයිතිය උදුරා ගැනීමක්- නිදහස් මාධ්‍ය ව්‍යාපාර

පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ පළමු සජීවී විකාශය හදිසියේම අතරමග නතර කිරීම මහජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය උල්ලංඝනය කිරීමක් බැවින් එය දැඩි ලෙස හෙළා දකින බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය අවධාරණය කරයි.

බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් මෙම ප‍්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වූයේ කුමන කරුණක් නිසාදැයි යන්න පිළිබඳ ජනතාව අතර විශාල කුතුහලයක් සහ නොසන්සුන්තාවයක් හටගෙන ඇති පසුබිමක ඒ පිළිබද කරුණු සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන්ගෙන් සමන්විත කාරක සභාව තුළ සිදු කෙරෙන කරුණු සොයා බැලීම මාධ්‍යයට විවෘත වීම මහජනයාගේ තොරතුරු දැනගැනීමේ අයිතියට ගරු කරන  ඉදිරිගාමී පියවරකි. එමෙන්ම එය, ලෝකයේ  දියුණු රටවල් අනුව යමින් පාර්ලිමේන්තුවේ පමණක් නොව එහි කාරක සභාවල කටයුතු ද මාධ්‍යයට විවෘත කළ යුතු බවටත්, එමගින් පාර්ලිමේන්තුව තුළ මෙන්ම එහි කාරක සභාවලදී ද තම නියෝජිතයන් කටයුතු කරන ආකාරය ජනතාවට දැන ගැනීමට  අවස්ථාව ලැබෙන බවටත් අවධාරණය කරමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඇතුලූ මාධ්‍ය සංවිධාන දිගු කාලයක් පුරා ගෙනගිය අරගලයක් මල්පල ගැන්වුණු අවස්ථාවකි.

මෙසේ මැයි මස 29 වැනිදා මාධ්‍යයට විවෘත වූ  පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධව පාර්ලිමේන්තු තේරීම් කාරක සභා රැස්වීම, පියෝ ටීවී ඔස්සේ සජීවීව විකාශනය වූ නමුත් හදිසියේම එම සජීවී විකාශය අතරමග නතර කෙරුණු අතර ඉහළ දේශපාලන මැදිහත්වීමක් මත මෙය සිදුවූ බවට වාර්තා පළවී තිබේ. මෙම මැදිහත්වීම් දැඩිව හෙළා දකින නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, අදාළ ප‍්‍රහාරය වළක්වාගැනීමට නොහැකිවීම සම්බන්ධව වගකිවයුතු  පාර්ශව හදුනාගැනීමට ජනතාවට ඇති අයිතියට බාධා නොකරන ලෙසත් මහජනතාවගේ දැන ගැනීම පිණිස පාර්ලිමේන්තු කාරක සභා රැස්වීම් මාධ්‍යයට විවෘත කරන ලෙසත් අදාළ සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටියි.

විරංජන හේරත්

කැඳවුම්කරු

Suspension of the live proceedings of the parliamentary select committee denies people the right to information. – Free media movement

 

cropped-logo-final

Media Release

2019 June  03

Suspension of the live proceedings of the parliamentary select committee denies people the right to information. – Free media movement

The Free Media Movement strongly condemns the abrupt suspension of the Parliament Select Committee (PSC) live proceedings, which was probing the Easter Sunday terrorist attacks since it is a violation of people’s right to information.

There is great apprehension and concern among the public about the failure to prevent these attacks despite the intelligence information received. The select committee convened to probe the attack, consisting of people’s representatives in Parliament, opened their proceedings to the public and the Free Media Movement believes that this was a progressive step.

This was an accomplishment of a long drawn struggle by the Free Media Movement along with media organisations to guarantee that parliament select committee proceedings are open to the media following the pattern of developed nations in ensuring that people are able to witness the engagement of their chosen representatives in parliament including select committees.

The Parliamentary Select Committee proceedings of 29th May probing the Easter Sunday attacks was open to the media and was being telecast live by PEO TV when unexpectedly the live telecast was abruptly suspended. There have been reports of a high ranking powerful political interference.

The Free Media Movement strongly condemns these intrusions and requests all stakeholders to refrain from obstructing the people’s right to information on the proceedings of the parliament select committee probing the failure to prevent these attacks.

Viranjana Herath

Convener