FMM appointed new office bearers

The Free Media Movement has appointed Sharmini Boyleof YA TV as its convener. The FMM appointed new office bearers at its general meeting at the SLPI yesterday (May 29).

Its secretary is Sunil Jayasekara of Iruresa, and Sampath Samarakoon of vikalpa.org  the deputy secretary.

Sujeewa Senarath was appointed treasurer, while Hana Ibrahim and C.J. Amaratunga are the new trustees.

New committee members of the FMM are Dileesha Abeysekara, Sita Ranjani, Udaya Kaluvitarana, Sidath Mendis, Herbert Kumara Alagiyawanna, C. Dodawatte, Janith Vipulaguna, B.M. Murushideen and Ananda Jayasekara.
SLM

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයට නව නිළධාරි මණ්ඩලයක්

2012 මැයි 30

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ නව නිළධාරි මණ්ඩලය

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ 19වන වාර්ෂික මහා සභාව පසුගිය 29 දා(අගහරුවාදා) ශ්‍රී ලංකා පුවත්පත් ආයතන ශ්‍රවණාගාරයේදී පැවැත්විණ. එහිදී ඉදිරි වර්ෂය සඳහා නව නිළධාරී මණ්ඩලයක් පත් කර ගනු ලැබූ අතර අදාළ නාම ලේඛනය පහත පළවේ.

කැඳවුම්කරු – ශාමිනී බොයෙල්
ලේකම් -  සුනිල් ජයසේකර
භාණ්ඩාගාරික – සුජීව සෙනරත්
උප ලේකම් – සම්පත් සමරකෝන්

විධායක කමිටුව

දිලීෂා අබේසුන්දර
සීතා රංජනී
උදය කලුපතිරණ
සිදත් මෙන්ඩිස්
ආනන්ද ජයසේකර
කුමාර අලගියවන්න
ජනිත් විපුලගුණ
බී. ඒ. මුර්ෂිඩීන්
සී. දොඩාවත්ත

භාරකරුවන්

හනා ඉබ්‍රාහිම්
සී.ජේ අමරතුංග

[ප්‍රකාශිත හේතුවක් නැත - පෙත්සම ඉවතට] වේබ් අඩවි වාරණයට අවසර

ශ්‍රී ලංකාව තුල හා ඉන් පිටත සිට ප්‍රවෘත්ති පළකරන වෙබ් අඩවිවලට ලංකාව තුලදී පිවිසීමට තිබූ හැකියාව අවහිරකරමින් ඒවාට පහසුවෙන් පිවසීමට තිබූ අවකාශය වලකාලමින් එම වෙබ් අවඩි සහමුලින්ම වාරණය කිරීමට විරැද්ධව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් ගොනු කරනු ලැබූ මූලික අයිතිවාසිකම් පෙත්සම කිසිදු හේතු දැක්වීමකින් තොරව ඊයේ ප්‍රතික්ෂේප කළේය. කෙසේ නමුත් මෙවැනි ප්‍රතික්ෂේප කිරීමකදී එයට හේතු දැක්විය යුතුවිය නමුත් මෙහිදී කිසිදු හේතු දැක්වීමක් සිදු නොකර මෙය ප්‍රතික්ෂේප කිරීම තුල කිසියම් පුද්ගලයෙක් හෝ ආයතනයක් අධිකරණයක් තුළ ගොනු කරන ලදි මූලික අයිතිවාසිකම් පිලිබදව පෙත්සම් මගින් යුක්තිය ඉෂ්ඪ කර ගැනීම පිළිබදව තත්ත්වය මනාව පිළිබිබු වේ.

විශේෂයෙන් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වෙනුවෙන් සුනිල් ජයසේකර සහ උදය කලුපතිරණ යන අය විසින් ගොනු කරන ලද්දේ පසුගිය වසරේදී වෙබ් අඩවි 5ක් විදුලි සංදේශන නියාමන කොමිසම විසින් ලංකාව තුල එයට පිවිසීම වාරණය කිරීම නිසා ජනතාවගේ තොරතුරැ දැනගැනීමේ මූලික අයිතිය එයින් උල්ලංඝනය වන බව පවසමින් ය. ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක, එන්. ගාමිණි අමරතුංග සහ ආර්.කේ. සුරේෂ්චන්ද්‍ර යන විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම් කරැවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජේ.සි. වැලිඅමුණ මහතා කියා සිටියේ වෙබ් අඩවි තහනම් කිරිමට මේ දක්වා නීතියෙන් ප්‍රතිපාදන නොමැති බවයි.

වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් කියා සිටියේ අදාළ වෙබ් අඩවි ප්‍රවෘත්ති හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ ලියාපදිංචි කර නොමැති බවයි.

කෙසේ නමුත් පශ්චාත් යුධ ශ්‍රී ලංකාව තුළ නව මාධ්‍ය භාවිත කරමින් නව සංවාදයක් ඇති වෙමින් තිබියදී මෙන්ම එය බොහෝ විට ප්‍රධාන ධාරාව අමාන්ත්‍රණය නොකරන ඉසව් මෙම මාධ්‍ය තුලින් ආමත්‍රණ්ත්‍රය කරමින් තිබියදී මෙවැනි වාරණයන් පැනවීම තුලින් ලංකාව තුළ තිබෙන මාධ්‍ය ඒකාධිපතිත්වය නැවත වරක් මනාවට පිළිබිබු වේ. ඒසේම මෙවැනි අවහිර කිරීම් හෝ අඩපණ කිරීම ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදය ගරැ කරන ශ්ෂ්ඪ සම්පන්න කිසිදු රටක් ක්‍රියාකර නොමැති අතර ඒ සදහා ඉතාමත් අසාර්ථක උත්සහයන් පවා ගෙන ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදය, මූලික අයිතිවාසිකම්, තොරතුරැ දැනගැනීමේ නිදහස සහ පුරවැසියන්ගේ නිදහස පිළිබදව කිසිදු තැකීමක් නොකරන චීනය, මියන්මාරය වැනි රටවල් අතලොස්සක් පමණි.

එබැවින් මෙයින් ලංකාව නැවතත් ප්‍රදර්ශණය කර ඇත්තේ අදහස් පළකිරීමේ හා තොරතුරැ දැනගැනීමට පුරවැසියා සතු අයිතිය පිළිගැනීමට සහ භාවිතයට ඔවුන් තුළ අති අකමැත්ත සහ ඒ තුළින් ජනමාධ්‍ය මර්ධනය කිරීමට ඔවුන් තුළ ඇති දැඩි අභිලාෂයයි.

උපුටා ගැනීම – http://vikalpa.org/?p=10534

 

”මාගේ තොරතුරු සෙවීමට රහස් පොලිස් කණ්ඩායමක් යෙදවීම’ ගැන මාධ්‍යවේදී අමරතුංග පොලිස්පතිට ලියයි

ලංකාදීප ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සී.ජේ. අමරතුංග මහතාගේ උපන්ගම වන අනුරාධපුර වන්නියන්කුළමට පසුගිය දිනක පොලිස් නිලධාරීන් පිරිසක් රහසිගත ලෙස ඔහුගේ තොරතුරු සෙවු බවට මාධ්‍ය වාර්තා පළවිය. ඒ පිළිබදව තම මතය ප්‍රකාශ කරමින් සහ පොලීසියේ මෙම සැක සහිත ක්‍රියාව පිළිබදව  විරෝධය පළ කරමින් මාධ්‍යෙව්දී අමරතුංග මහතා පොලිස්පති වරයාට ලිපියක් යවා ඇත.

”ජනමාධ්‍ය වේදියෙකු වන මාගේ තොරතුරු සෙවීමට රහස් පොලිස් කණ්ඩායමක් යෙදවීම” යන ශීර්ෂයෙන් යුතු එම ලිපියේ වැඩිදුරටත් මෙසේ මෙසේ සදහන්වේ .

” ජනමාධ්‍ය වේදියෙකු ලෙස දිගුකලක් වෘත්තීය කටයුතු වල නියැලෙන මම මේ වන විට ඉරිදා ලංකාදීප පුවත්පතේ ප‍්‍රාදේශිය ප‍්‍රවෘත්ති කර්තෘ ලෙස සේවය කරමි. ඒ අතර දේශපාලන, සමාජ, ආර්ථික කරුණු පිලිබඳව ලිපි සැපයීමෙහිද යෙදෙමි. දිනපතා ලංකාදීප පුවත්පතේ බ‍්‍රහස්පතින්දා පළවන ”ගුරුදා විග‍්‍රහය” විවේචනාත්මක ලිපිය ලිවීමේ වගකීමද මෑතක සිට මා වෙත පැවරී ඇත. ඒ සියල්ල මා කරන්නේ වෘත්තීය ආචාර ධර්ම වලට හා රටේ ජාතික නීතියට අනුකුලව අප සතු ප‍්‍රජාතන්තී‍්‍රය අයිතිය භාවිතා කරමින්ය.

එසේ තිබියදී රහස් පොලීසියෙන් හඳුනාගත් පිරිසක් පසුගිය දිනක අනුරාධපුරයේ අපගේ නිවස අවට පදිංචි කරුවන් හමුවී මා ගමේ සිටි කාලයේ කළ දේශපාලනය පිළීබඳව තොරතුරු ලබා ගැනීමටය උත්සහ දරා ඇත. මගේ පවුලේ අන් අයගේ තොරතුරු ග‍්‍රාමනිළධාරී මහතාගෙන් ලබාගත් බවද ඔවුන් පවසා තිබේ. අංක 247 වන්නියන්කුලම වත්මන් ග‍්‍රාම නිළධාරී එච්.එම්.එස්. සිරිවර්ධන මහතා එම තනතුරට පත්වූයේ මා ගමෙන් පිටවී කලකට පසුව නිසා මා පිළිබඳ තොරතුරු දීමට ඒ මහතාට නොහැකිවීම නිසා මෙලෙස අසල්වාසීන්ගෙන් තොරතුරු විමසන බවටද ප‍්‍රකාශ වු බව කියති. මේ නිළධාරීන් කිසිවෙකු මගේ නිවසට පැමිණ හෝ ඥාතීන් හමුවී නොමැත.

වසර තිස්පහකට පෙර ගමෙන් පිට වූ මගේ එකල දේශපාලනය පිළිබඳ තොරතුරු මෙලෙස රහසේ සොයා බැලීම මට ප‍්‍රශ්නයකි. ඒ පිළීබඳව ඉරිදා ලංකාදීපය කළ සොයාලැබීමකදී දැනගන්නට ලැබී තිබෙන්නේ ” මා තානාපති සේවයක තනතුරකට යන නිසා මගේ පසුබිම සොයා එවන ලෙස කොළඹින් ලැබුණු නියෝගයක් මත ”බුද්ධි අංශ” නිළධාරීන් පිරිසක් මා පිළිබඳව රහසිගත විමසීමක් කර ඇති බවයි. එසේ වූවද කිසිදු තානාපති සේවා නිලයකට අයදුම් පතක් හෝ මා ඉදිරිපත් කොට නොමැත. එබැවින් මෙය සැකයට තුඩු දෙන තත්වයකි.

මෙම කරුණු පිළිබඳව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක මහතා ප‍්‍රකාශ කොට ඇත්තේ පොලිස් සේවයට බැඳීමට ලැබුණු ඉල්ලූම් පතක ඔහු හෝ ඇය ගැන කරුණු විමසිය හැකි තැනැත්තෙකු ලෙස මගේ නම සඳහන් වන නිසා සොයා බැලීමක් කළ බවයි. මෙයද මට පිළිගත නොහැකිය. කිසිවෙකු එලෙස මගේ නම යොදන බවක් මට දන්වා නොමැත. මා දන්නා කිසිවෙකු පොලීසියට ඉල්ලූම් පතක් ඉදිරිපත් කොට නැත. එමෙන්ම මීට වසර 34කට පෙර ගමෙන් පිට වූ මා දන්නා කිසිවෙකු පොලීසියට ඉල්ලූම් කරන වයසේ නොවන බවද පැහැදිලිය.

අනෙක් අතට රහසේ පොලීසිය සොයා බලා තිබෙන්නේ පොලීසියට අයදුම් කළ අය ගැන තොරතුරු විමසීමක් නොවේ. මා ගමේ සිටියදී කළ දේශපාලනය ගැන විමසීමකි.

එබැවින් මෙම පරස්පර විරෝධී හේතු දැක්වීම මට පිළිගත නොහැකිය. ඒ පිළිබඳව සැබෑ සිදුවීම සොයා බලා හෙලිදරව් කරන මෙන් මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිමි.

මගේ පිළිගැනීම නම් මගේ ජනමාධ්‍ය කටයුතු නිසා රජයේ කිසියම් පිරිසක් පොලීසිය යොදාගෙන කුමන හෝ ආකාරයක වැඩ පිළිවෙළක් මට එරෙහිව කි‍්‍රයාත්මක කිරීමට උත්සහ දරණ බවයි. මගේ අදහස නම් මෙය පොලීසිය දේශපාලනකරණය වීමකි. එමෙන්ම මහජනයාගේ ආරක්ෂාව සැපයිය යුතු පොලීසියම භීතිය වැපිරවීමේ කටයුත්තකට සියුම් ලෙස යොදා ගැනීමකි. මා කල්පනා කරන්නේ මෙය අවාසනාවන්ත තත්වයක් බවයි.

මගේ පියාද පොලීසියේ සේවය කළ අයෙකි. පොලීසියේ තිබිය යුතු අපක්ෂපාතී බව, සෘජුබව හා දේශපාලකයන්ට ගැති නොවීම ආදී ගුණාංග පිළිබඳව මා ඉගෙනගත්තේ පොලිස් භටයෙකු වූ මගේ පියාගෙනි. සිදුවන ඕනෑම දෙයකට කොන්ද කෙලින් තබාගෙන මුහුණ දීමට මා ඉගෙනගත්තේද පියාගෙනි.

1987 අපේ‍්‍රල් මස 22 දා කන්කසන්තුරේ දී මගේ ලොකු මල්ලී මියගියේ පොලිස් සේවයේ යෙදී සිටියදීය. ඒ කන්කසන්තුරේ පොලීසියට එදා එල්ල වූ ප‍්‍රහාරයේදීය. ඊට පෙර වසරේ දිනෙක මාදම්පේ පොලිස් පුහුණු කඳවුරකට මල්ලී කැටුවගොස් පොලිස් සේවයට භාරකරන ලද්දේ මා විසිනි. පසුගිය මාසයේ අනුරාධපුරයට ගිය මා මල්ලීගේ සොහොන වෙත ගොස් එය පිරිසිදු කොට ගෞරව දැක්වූයෙමි. ඒ මල්ලී මියගොස් විසිපස් වසරක් ගතවූ බව මට සිහිපත් වූ හෙයිනි. මගේම සැලසුමකට අනුව මා විසින්ම ඉඳිකරවන ලද මල්ලීගේ ස්මාරකය තවමත් ඉතා හොඳින් ආරක්ෂා වී තිබීම ගැන මම සතුටු වූයෙමි.

එබැවින් පොලිස් සේවය පිළීබඳව මා තුළ තිබෙන්නේ කුඩා කල පටන් ඇතිවූ ගෞරවනීය හැ’ගීමකි. එම හැ’ගීම දිගමට පවත්වාගෙන යාමට මට අවශ්‍යය. පොලීසිය දේශපාලනීකරණය වීමෙන්, කාගේ හෝ අතකොළු බවට පත්වීමත් ගෞරවය විනාශ කරගන්නේ නම් එය අභාග්‍යයකි. මගේ පියා පොලීසියේ සේවය කළ බව කීමට මට ලජ්ජා හිතෙන තත්වයක් නිර්මාණය වනවාට මම කැමති නොවෙමි. මගේ මල්ලී ගැන තිබෙන සංවේදී මතකයට හානි වනවාට මම කැමති නොවෙමි.

එබැවින් මම ඔබගෙන් ආරක්ෂාව නොඉල්ලමි. මගේ පියා මට කියාතිබෙන්නේ මහජනයාගේ ආරක්ෂාව සැපයීම පොලිස් සේවයේ වගකීම බවයි. මම ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ පොලිස් සේවයේ තිබිය යුතු ගෞරවනීය තත්වය ආරක්ෂා කරන ලෙසයි.

මා පිළිබඳව රහසේ තොරතුරු සෙවීමට රහස් පොලීසිය හෝ බුද්ධි අංශ හෝ යෙදවීමට කිසිඳු අවශ්‍යතාවයක් පැන නොනගින බව ඔබතුමාට ගෞරවයෙන් දන්වා සිටීමට කැමැත්තෙමි. ඔබට අවශ්‍ය ඕනෑම තොරතුරක් සාක්ෂි සහිතව ඉදිරිපත් කිරීමට මම සූදානමින් සිටිමි.

එබැවින් මා ඔබගෙන් ඉල්ලා සිටින්නේ මා පිළිබඳව පොලීසියේ කුමන හෝ අංශයක් කළ රහසිගත පරීක්ෂණය කුමක්දැයි සොයා බලා නිවැරදි කරුණු මා වෙත දැනුම් දෙන ලෙසයි. එය මාගේ ජනමාධ්‍ය කටයුතු නිසා සිදුවූවක්නම් මම එයට මාගේ විරෝධය මෙයින් පළ කරමි.”

 

New Frontiers, New Struggles – Press Freedom in South Asia, 2011-12

The International Federation of Journalists (IFJ) has this year, as in the past, collaborated with a range of partners in South Asia to produce a report which reviews developments in the region that have had a bearing on press freedom and quality journalism.

The report has been published with the generous financial support of the United Nations Educational, Scientific and Cultural Organisation (UNESCO).

Like the nine that have preceded it, this year’s report is part of the continuing effort of the South Asia Media Solidarity Network (SAMSN) to build foundations for united action across borders by the region’s journalists.

World Press Freedom Day 2012 comes at a time of momentous challenges for journalism in South Asia. Journalists in the region have responded to these challenges by seeking a manner of professional engagement that reflects all South Asia’s rich diversities.

 

Physical security remains an issue in most of South Asia. The relative improvement seen in several countries of the region may have been achieved by deliberate decisions cut the risks involved in reporting highly sensitive stories. And the sharp deterioration of an already bad situation in Pakistan far outweighed the slight improvements elsewhere.

Journalism was a hazardous pursuit through long years of internal conflict in Nepal and Sri Lanka. And now with conflict at an end and processes of political reconciliation underway, journalists are finding that several of the passions of the years of open warfare are yet to subside. Verbal aggression against journalists who dare to report all sides of a story and stand up for basic norms of fair treatment continues to be a threat. And if the record of the past is any indication, verbal aggression is normally a precursor to physical violence.

Important processes of accountability have been initiated in Nepal, to dispel the climate of impunity for attacks on journalists that hung heavy over the media all through the years of conflict.

Though all countries in South Asia have formal guarantees of a free press in their written constitutions, there is a persistence of formal and informal systems of censorship. In recent times, these threats have been manifest in the May 2011 advisory sent out to all media organisations in the North-Eastern Indian state of Manipur, warning against the publication or broadcast of material “directly or indirectly in support of the unlawful/ illegal activities of various organisations”. In Afghanistan, where the institutions of electoral democracy are yet to establish their authority in relation to customary mechanisms of social governance, a council of religious clerics has sought to directly influence media policy and content, though with only partial success.

India has, in its vastness, displayed diverse trends. There are parts of the country where journalism functions with few constraints and dangers apart from the constant pressure of commercialisation. In the conflict prone regions such as Kashmir, the North-Eastern states and the Maoist insurgency districts — where journalism that tells the full story could make a difference — tensions persist and dangers are ever present.

 

In Pakistan, the year that has just passed was one of serious hazard and trauma. Within this frontline state in a global conflict, the combatant parties are many and international humanitarian norms are disregarded by all. Journalists in Pakistan have to steer a perilous course between hostile elements. Sectarian conflict in the vast metropolis of Karachi and an insurgency in the sprawling but sparsely populated province of Balochistan, are additional elements of risk.

A transition towards a more liberal political regime in the Maldives was set back over the year. But in Bhutan, the people still retain faith in the movement towards a democratic political order under a constitutional monarchy. Professionalisation of journalism remains a challenge in both these, the two smallest nations of South Asia, where media ownership is all too often, closely tied to powerful business and political interests.

Bangladesh witnessed new stirrings of discord after some years when the customary acrimony between the country’s main political parties was relatively subdued. The less than cordial environment of political contestation has had a severe impact on journalism, fuelling bitter partisanship within the media. And over the year just gone by, additional pressures have developed, that seek to enforce conformity in both the written and spoken word, with the decrees of a tribunal established to try war crimes committed during the country’s 1971 war of liberation.

In Afghanistan, periodic outbursts of civil strife, the continuing threat of insurgency and the imminent prospect of a withdrawal of western military force, created an environment of serious uncertainty that has allowed little in the way of public-spirited journalism to take root or grow. Opaque structures of ownership and the direct stakes that the more powerful political players have acquired in the media, pose another dimension of problems for ethical journalism.

Together with all these difficulties, there has been a growing crisis of livelihoods within the profession. The wage board process in India, Pakistan and Bangladesh, that determines wages and working conditions for journalists, is in a state of crisis. Media houses are increasingly able to find ways of evading its stipulations. In the absence of a regular appointment system under a wage board, or a working journalists’ act, campaigns for decent work and ethical practices become risky endeavours. Nepal, which secured significant amendments to its Working Journalists’ Act in 2006, in recognition of the constructive role played by the media in the restoration of democracy, is now finding that the crux of the matter really lies in the implementation.

 

The shift towards contract and casual employment has led to a weakening of professional commitment and the growing influence of commercial and advertising departments in the functioning of media houses.

At the same time, journalists and media have been facing increasing threats through the legal process. Often, the purpose of these actions is not to secure meaningful redress, but merely to impose a form of censorship through legal injunction.

The Press Freedom in South Asia report is now available on the IFJ website.

by – http://sunandadeshapriya.wordpress.com

වෙබ් අඩවි වාරණයට එරෙහි නඩුව, නැවතත් මැයි 19ට කල් යයි

වෙබ් අඩවි වාරණයට එරෙහිව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ගොණුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම අද(29) ශ්‍රේෂ්ඨාධිකරණයේදී කැඳවූ අවස්ථාවේ නැවතත් ලබන මැයි 19 දිනට යළි කල් තබන බව අධිකරණය දැණුම් දුන්නේ ය.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වෙනුවෙන් නිතීඥ ජේ. සී. වැලිඅමුණ මහතා ප්‍රමුඛ නීතීඥ මණ්ඩලයක් මෙම මූලික අයිතිවාසිකම් නඩුව වෙනුවෙන් පෙනී සිටී අතර මෙම නඩු විභාගය නිරීක්ෂණය භාෂණයේ හා තොරතුරු දැන ගැනීමේ අයිතිය වෙනුවෙන් පෙනී සිටින පුරවැසි කණ්ඩායම් ද අද එහි පැමිණ සිටියේ ය.

Eknelygoda’s wife latest victim of Sri Lankan intolerance

Sri Lankans are calling for a boycott of U.S. products after the U.S. sponsored the U.N. Human Rights Council resolution calling for an investigation into possible war crimes. (Reuters/Dinuka Liyanawatte)

Sri Lankans are calling for a boycott of U.S. products after the U.S. sponsored the U.N. Human Rights Council resolution calling for an investigation into possible war crimes. (Reuters/Dinuka Liyanawatte)

On Thursday and Friday, we wrote about the ugly government backlash to last week’s U.N. Human Rights Council resolution calling for an investigation into Sri Lanka’s alleged abuses of international humanitarian law during its war with Tamil separatists.

That campaign of intimidation continues: In the magistrate’s court where Sandhya Eknelygoda has been trying to gain any information about the whereabouts of her husband, Prageeth, who disappeared on January 24, 2010, she came under harsh questioning — observers at the court called it intentionally intimidating — from government lawyers about her presence at the UNHRC in Geneva. Before she returned home from Switzerland, her name had been denounced in the government-controlled media as one of the government’s critics — several of whom have been denounced as “traitors.”

Eknelygoda told colleagues in Colombo that Monday’s entire court session was about how she went to Geneva, who funded her trip, why she betrayed her country, and how much she was paid to do that. Her lawyer objected to the line of questioning, but was overruled, she said.

When she had returned home on Sunday from Geneva, she told reporters, “I only wanted to bring the disappearance of my husband to the notice of the international community. But, those who are allied with the government insulted me, saying I went there to betray the country,” she said. You can see a video report of her statement on YouTube.

Eknelygoda and her two teenage sons have been waging a quiet but steadfast campaign to pressure the government for information about their husband and father. CPJ and four other media support groups wrote to U.N. Secretary-General Ban Ki-moon in March 2011, asking for his intervention in the case. Ban referred the issue to the U.N. High Commissioner for Human Rights and UNESCO, where it has been allowed to languish, despite pleas from Eknelygoda and her supporters.

Nor has a January 2012 ruling by Sri Lanka’s Appeal Court that former Attorney General Mohan Peiris could be called in as a witness into the disappearance of Eknelygoda been acted on. In a November 2011 posting, “Sri Lanka’s savage smokescreen,” CPJ reported that Peiris told the Asian Human Rights Commission that Eknelygoda had taken refuge in a foreign country and that the campaign against his disappearance is a hoax, although he failed then and ever since to provide detailed information about where Eknelygoda had fled.

At the time, CPJ said that Peiris’s statements “do more than point up the government’s indifference to Eknelygoda’s fate and the mental anguish of his wife and two sons. Peiris’s statements highlight the disregard with which the government views international opinion.”

Given the response in the government-controlled media following last week’s Geneva vote, that indifference and disregard have moved on to outright hostility.

Alarming Increase in Hostile Rhetoric, Threats of Reprisals against Journalists in Sri Lanka

The International Federation of Journalists (IFJ) strongly deplores the alarming escalation in hostile rhetoric and the barely concealed threats of reprisals that have been made against some of the country’s leading journalists and human rights defenders by representatives of the Sri Lankan government and by state-owned media outlets.

This follows the adoption of a resolution by the U.N. Human Rights Council (UNHRC) on March 22, in which the Sri Lankan government was censured for rampant human rights violations during the last phases of the country’s long civil war and urged to initiate urgent measures of reconciliation to ensure a durable peace between the country’s main ethnic groups.

“We observe that state-owned media has in the days since the U.S. made known its intention to table a censure resolution against the Sri Lankan government, been rapidly ramping up the tone of its attacks on the country’s journalists and media freedom defenders,” said the IFJ Asia-Pacific Director Jacqueline Park

On January 26, Dinamina, the Sinhala-language daily from the state-owned Associated Newspapers (or Lake House) group, carried a story quoting senior minister, Keheliya Rambukwella, to the effect that exiled journalists who had taken up the campaign for human rights and reconciliation were “traitors” who were bringing the country into “disrepute”.

Later, the English-language daily from the Lake House group, the Daily News, reported that human rights defenders, including journalist and press freedom campaigner Sunanda Deshapriya, were betraying Sri Lanka and continuing to work with the terrorist rump of the defeated Tamil insurgent group, the Liberation Tigers of Tamil Eelam (LTTE).

In an editorial on March 16, Dinamina described human rights defenders as “degenerates” and denounced Deshapriya as a “mouthpiece of the LTTE”. It warned that in a country like Iran, “these kinds of bastards would be stoned to death”.

Dharmasiri Lankapeli, one of the veteran leaders of the Federation of Media Employees’ Trade Unions (FMETU) has also been targeted by the state-owned media. The attacks have become particularly harsh since the country’s main professional media associations and journalists’ unions joined hands for a “black January” observance this year, to protest against the continuing climate of impunity for attacks on the right to free speech.

The attacks have also extended to social scientists and political commentators such as P. Saravanamuttu, Nimalka Fernando and Sunila Abeysekara, and prominent figures of the church who have argued the cause of national reconciliation and accountability for human rights abuses since the end of the civil war.

The government-controlled ITN TV channel has been a platform for severe verbal assaults against journalists and human rights defenders. Between January 9 and 24, the channel carried no fewer than five programmes in its daily slot titled “Vimasuma” attacking journalists who had been present during the nineteenth regular session of the UNHRC, for having allegedly “betrayed” the country.

The IFJ learns that vivid and graphic photo-montages have been circulated by various political actors, which represent journalists and other prominent human rights defenders as terrorists and traitors, working at the behest of alien forces.

On March 23, Sri Lanka’s Minister for Public Relations, Mervyn Silva addressed a public demonstration against the UNHRC resolution, threatening to “break the limbs” of any of the exiled journalists if they dared set foot in the country again. Among the journalists mentioned was Poddala Jayantha, who suffered a brutal assault in Colombo city in June 2009 that left him with permanent disabilities, and has lived in exile since January 2010.

Silva has been known for several bruising encounters with the media in recent years and was in July 2009, credibly reported as publicly claiming credit for the murder of newspaper editor Lasantha Wickramatunge in January and the assault on Jayantha in June.

Though he later disavowed the statement attributed to him, Silva’s record as a baiter of journalists committed to human rights and free speech, has continued to cause deep unease.

“We fear that the hostile climate created by the stream of rhetoric from government spokespersons and state-owned media, could engender serious hazards to those who dare to speak up in Sri Lanka for peace and national reconciliation,” said Ms Park.

The dangers are clear and imminent and the U.N. High Commissioner for Human Rights, Navi Pillay, has issued a public warning against reprisals that target Sri Lanka’s journalists and human rights defenders.

“We call on the top political leadership in Sri Lanka to promptly distance itself from the manner of hostile rhetoric that has been seen and heard over the last three months,” said Ms Park.

“We urge that serious consideration be given to the recommendations of the Lessons Learnt and Reconciliation Commission which recently submitted a comprehensive report pointing the way forward for post-conflict Sri Lanka, after being invested with a wide-ranging mandate by the President of the country.”

For further information contact IFJ Asia-Pacific on +612 9333 0950

The IFJ represents more than 600,000 journalists in 134 countries

Find the IFJ on Twitter: @ifjasiapacific

Find the IFJ on Facebook: www.facebook.com/IFJAsiaPacific

By – http://asiapacific.ifj.org/en/articles/alarming-increase-in-hostile-rhetoric-threats-of-reprisals-against-journalists

 

Geneva UNHRC and Sri Lanka Government – Media Conference in Colombo

by – www.vikalpa.org

Geneva UNHRC and Sri Lanka Government – Media Conference[Sinhala Version]

 

By – www.vikalpa.org

Geneva UNHRC and Sri Lanka Government – Media Conference

Follow

Get every new post delivered to your Inbox.